slc
logo
Home   |    News
දෙසැම්බර් 13, 2022
දසුන්ගේ ‘අවුරා’ ජයග්‍රහණයක් සොයයි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල කැන්ඩි ෆෙල්කන්ස් කණ්ඩායමත් දඹුල්ල අවුරා පිලත් මුණ ගැසුණු පළමු අවස්ථාව වන 11 වැනි තරගයේදී කාසියේ වාසිය තමන් සතු කරගත් කැන්ඩි නායක වනිඳු හසරංග පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

මෙතෙක් සහභාගිව ඇති තරග 4 න් තරග 3 ක් ජය ගැනීමට කැන්ඩි කණ්ඩායම සමත්ව සිටියත් ඔෘවුන්ගේ ප්‍රතිවාදීන් වන දඹුල්ල පිල තවමත් තරගාවලියේ ජයග්‍රහණයක් ලැබීමට අසමත්ව තිබේ. එබැවින් අද තරගයේ ජය ඔවුන් අතිශය තීරණාත්මක වේ. මන්ද යත් අවසන් කණ්ඩායම් 4 අතර තරග යටයට පිවිසීමේ බලාපොරොත්තු තබා ගැනීමට නම් ‌අද තරගයේ ජය දඹුල්ල පිලට තීරණාත්මක වේ.

අද තරගය පැවැත්වෙන තණතීරුව නවතම තණතීරුවක් බැවින් කාසියේ වාසියත් සමඟ වැඩි ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රඳවමින් ප්‍රතිවාදීන්ට තර්ජනයක් එල්ල කිරීම වනිඳු ඇතුළු පිරිවරගේ සැලසුම වී තිබේ. කෙසේ වෙතත්, දෙවැනියට හඹා යෑම එතරම් අසීරු දෙයක් නොවන බවද දසුන් ශානකගේ මතය වී තිබේ.

දඹුල්ල අවුරා – 1. ෂෙවෝන් ඩැනියල්, 2. ජෝර්ඩ්න් කොක්ස්, 3. භානුක රාජපක්ෂ, 4. ලසිත් කෲස්පුල්ලේ, 5. දසුන් ශානක (නායක), 6. සිකන්දර් රාසා, 7. රමේෂ් මෙන්ඩිස්, 8. චතුරංග ද සිල්වා, 9. ප්‍රමෝද් මදුශාන්, 10. නූර් අහමඩ්, 11. පෝල් වෑන් මීකරන් කැන්ඩි ෆැල්කන්ස්  – 1. පැතුම් නිස්සංක, 2. ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්, 3. කමිඳු මෙන්ඩිස්, 4. අෂේන් බණ්ඩාාර, 5. නජිබුල්ලා සද්‍රාන්, 6. වනිඳු හසරංග, 7. කාලෝස් බ්‍රැත්වෙයිට්, චාමික කරුණාරත්න, 9. ෆේබියන් ඇලන්, 10. චමිදු විජේසිංහ, 11. ඉසුරු උදාන.

Active filters

Recent Posts

  • පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවන්ට පහසු ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් […]
  • සිංහ – කැංගරු සටනට තව එක්දින තරගයක් එක් වෙයි
    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ කළින් ප්‍රකාශයට පත් කළ පරිදි එක්දින තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. ක්‍රිකට් […]
  • පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවෝ පරාජය වෙති
    ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු […]
  • කණ්ඩායමේ දුර්වලතා ඉක්මනින්ම සකස් කරනවා – සනත් ජයසූරිය
     නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවයන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා […]
  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee