slc
logo
Home   |    News
දෙසැම්බර් 3, 2022
වනිඳුට අවවාද

sinhala editor

ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කන්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ඉකුත් 30 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර කීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින තරගය අතරතුර දී අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ ආචාර ධර්ම පද්ධතිය යටතේ වන පළමු මට්ටමේ උල්ලංඝනය කිරීමක් හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට දැඩි ලෙස අවවාද කිරීමට එම තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද රංජන් මඩුගල්ලේ මහතා පියවර ගෙන තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සබාවේ ආචාර්ය ධර්ම පද්ධතියේ 2.8 වගන්තිය උල්ලංඝනය වන අයුරින් කටයුතු කිරීම නිසා මෙලෙස වනිඳුට අවවාද කිරීමට තීරණය වී තිබේ. මෙම තරගයේදී විනිසුරුවරයා විසින් ලබා දුන් තීරණයට අප්‍රසාදය පළ කිරීම වනිඳුට එල්ලවී තිබෙන චෝදනාව වේ.

ගෙවී ගිය වසර 2 ක හෙවත් මාස 24 ක කාලය ඇතුළත වනිඳු විසින් සිදුවූ පළමු අතපසුවීම මෙය වීම නිසා අවවාද කිරීමකින් පසු වනිඳුව නිදහස් කිරීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් වනිඳුගේ විනය වාර්තාවට සෘණ ලකුණක් එක් කිරීමට මෙහිදී තරග තීරකවරයා විසිනු පියවර ගෙන තිබේ.

තරගයේ 26 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙමින් තිබෙන අතරතුරදී මෙම සිදුවීම වී තිබේ. පිටියේ විනිසුරුවරයා විසින් ලබා දුන් තීරණය වෙනස් කිරීමට තෙවැනි විනිසුරුවරයා කටයුතු කිරීම නිසා, එය වනිඳුගේ කෝපයට හේතුවී තිබෙන අතර එහිදී ඔහු අත දිගු කරමින් සිය අප්‍රසාදය පළ කිරීම පැහැදිළිවම රූපවාහිනිය ඔස්සේ විකාශනය වී තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් වනිඳු වරද පිළිගැනීම නිසා ඒ සම්බබන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවද තරග තීරකවරයා අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයට දැනුම් දී තිබේ.

Active filters

Recent Posts

  • ක්‍රිකට් යෞවනියෝ ලෝක කුසලානයේ සුපිරි හයට
    බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 81කින් පරාජය කොට විශිෂ්ට කණ්ඩායම් දක්‍ෂතාවක් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනා‍ගේ වටයට අද […]
  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]

Pin It on Pinterest

USD United States (US) dollar