slc
logo
Home   |    News
දෙසැම්බර් 21, 2022
වසීම් අක්‍රම් හෙට ශ්‍රී ලංකාවට

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් තෙවැනි අදියරයේ සන්නාම තානාපතිවරයකු ලෙසින් කටයුතු කරන හිටපු පාකිස්තානු ක්‍රිකට් නායක වසීම් අක්‍රම් මහතා හෙට (22 දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මෙවර තරගාවලිය සදහා නම් කර ලද සන්නාම තානාපතිවරුන් තිදෙනා අතරින් එක් අයෙකු වන වසීම් අක්‍රම මහතා අවසන් කණ්ඩායම් 4 අතර යටතේ හෙට දිනයේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය නැරඹීම සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පැමිණීමටද නියමිතය. මෙම තරගාවලියේ අවසන් මහ තරගය දෙසැම්බර් මස 23 වැනිදා පැවැත්වෙන අතර එම තරගාවසානයේ පැවැත්වෙන ජය සංකේත ප්‍රධානයේ ආරාධිත කථිකයා ලෙසද සහබාගිවීමට නියමිතව තිබේ. මෙම තරගාවලියේ අවසන් මහ තරගය සඳහා කෙළින්ම සුදුසුකම් ලබා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්ව සිටින අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ හෙට දිනයේ පැවැත්වෙන කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ කලම්බු ස්ටාර්ස් අතර තරගයෙන් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම වේ.

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee