slc
Home   |    News
දෙසැම්බර් 6, 2022
වෙල්ලාලගේ තුන් ඉරියව් දක්ෂතා ජැෆ්නා කිංග්ස්ට ජය ගෙනෙයි

sinhala editor

Chamila Karawita reporting from Hambantota

පිට පිටම දෙවතාවක් එල්.පී.එල්. ශූරයින් බවට පත්ව සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම, තෙවැනි තරගාවලියේ සමාරම්භ තරගයේදීත් ඉකුත් දෙවතාවේම අවසන් මහ තරග ප්‍රතිවාදීන් වූ ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 24 ක ජයක් ලබමින් සිය ජයග්‍රාහී ආධිපත්‍ය තවදුරටත් රඳවා තබා ගැනීමට අද (06 දා) රාත්‍රියේදී සමත්විය.

කා‌සියේ වාසියත් සමග පළමුව පන්දු රැකීම තෝරා ගත් කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ගෝල් ගැල්ඩියේටර් කණ්ඩායමට ලකුණ් 138 ක ඉලක්කයක් හිමි වුවත්, එය හඹා යෑමේදී ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසනදී රැස් කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 113 ක් පමණි.

ගැල්ඩියේටර්වරුන් වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා වූයේ කුසල් මෙන්ඩිස් වන අතර ඔහු පන්දු 43 කදී ලකුණු 51 ක් ලබා ගත්තේය. LPL තෙවැනි තරගාවලියේදී පිතිකරුවකු විසින් අර්ධ ශතකයක් වාර්තා කරන ලද පළමු අවස්ථාව ලෙසින් සටහන් වුණු මෙම අර්ධ ශතකය සඳහා හතරේ පහර 5 ක් කුසල් ඇතුළත් කළේය.

පළමු කඩුල්ල වෙනුවෙන් නුවනිදු ප්‍රනාන්දු සමග එක් වුණු කුසල් පන්දු 45 කදී වේගත් ලකුණු 58 ක සාර්ථක අඩිතාලමක් එක් කළද නුවනිඳුගේ (15) දැවී යෑමත් සමඟ ග්ලැඩියේටර් ඉනිම කඩා වැටීම ඇරැඹිණ. එහෙත් මැද පෙළින් පැමිණි ඉමාඩ් වසීම් ලකුණු 17 ක් රැස් කිරීමට සමත්වීම නිසා අවසන් පන්දුවාර  එළැඹෙත්ම ඔවුන්ට රැස් කිරීමට තිබුණේ ලකුණු 48 ක් වන අතර ඒ සඳහා ඔවුනට කඩුලු 6 ක්ම ඉතිරිව තිබිණ.

කෙසේ වෙතත් ජයග්‍රහණය සඳහා දවා ගත යුතුම කඩුල්ල වූ කුසල් මෙන්ඩිස්ව කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත්වීම නිසා එතෙක් වේලා දෙපිළටම විවෘත ව තිබූ තරගයේ වැඩි වාසිය ජැෆ්නා කිංග්ස් පිලට හිමිවිය. එතැනින් නොනැවතුණු ජැෆ්නා කිංග්ස් පන්දු යවන්නෝ ග්ලැඩියේටර් පිලේ අවසන් පිතිකරුවන් හය දෙනාම මලකුණු 13 ක් ඇතුළතදී දවා ගැනීමට සමත්වූහ.

දුනිත් ජැෆ්නා දඟ පන්දු යවන්නන් වුණු තීක්ෂණ, වෙල්ලාලගේ සහ වියස්කාන්ත් පන්දුවාරයකට ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 6 කට වඩා අඩුවෙන් තබා ගනිමින් කඩුලු 4 ක් දවා ගත්හ.

පිතිකරුවන්ට එතරම් වාසි දායක නොවුණු තණතීරුවේදී ජැෆ්නා පිල පන්දුවාර 19.5 කදී ලකුණු 137 කට සීමා කිරීමට ගෝල් පන්දු යවන්නන් සමත්විය. රියාස්, වසීම්, තුෂාර, ප්‍රදීප් සහ ඉෆ්තිකාර් දැවී ගිය කඩුලු 10 න් කඩුලු 2 බැගින් බෙදා ගත්හ. ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 11 කදී පිටියෙන්ඉවත් කළ වසීම් සහ වහාබ් යුගල ප්‍රබල අභියෝගයක් එල්ල කළහ. අනතුරුව ප්‍රදීප් සහ තුෂාර යන නුවන්ලා දෙපළ ධනංජයවත් ටොම් කැඩ්මෝර්වත් දවා ගනිමින් ජැෆ්නා ඉනිම අවුල් කළහ. මැද පෙළින් පැමිණි දුනිත් පන්දු 20 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 30 ක් රැස් කරමින් ජැෆ්නා ඉනිම සටනක් දිය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේය. මෙම ඉනිම ප්‍රධාන කොට දක්වන ලද තුන් ඉරියව්වේ දක්ෂතාවය හේතුවෙන් පළමු තරගයේම අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන්ද වෙල්ලාලගේ පිදුම් ලැබීය.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest