slc
logo
Home   |    News
දෙසැම්බර් 22, 2022
2023 වසරේ ශ්‍රී ලංකා පිලේ පළමු ජාත්‍යන්තර තරගාවලිය ඉන්දියාවට එරෙහිව

sinhala editor

2023 වසර උදාවත්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමඟ එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට ඉන්දියාවේදී සහභාගිවනු ඇත. ජනවාරි 03 වැනිදා මුම්බායිහි ආරම්භ වන විස්සයි-20 තරගයෙන් තරගාවලිය ආරම්භ වනු ඇත.

එම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා පිල සහභාගිවන ඉතිරි විස්සයි-20 තරග දෙක 05 වැනිදා පුනේහිදීත් 07 වැනිදා රාජ්කෝට් හිදීත් පැවැත්වෙනු ඇත.

එම තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු වැන්න ජනවාරි 10 වැනිදා ගුවාතිවලදීත් දෙවැන්න 12 වැනිදා කොල්කටා වලදීත් සහ තෙවැන්න 15 වැනිදා ත්‍රිවේන්ද්‍රම්හිදීත් තරග වදිනු ඇත.

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee