slc
Home   |    News
දෙසැම්බර් 15, 2022
LPL කොළඹ තරග වල ප්‍රවේශපත්‍ර විකිණෙන තැන්  මෙන්න

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියිමිත තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ මධ්‍යස්ථාන විවෘත කර තිබේ. ප්‍රසිද්ධියට පත් කර සිටින මද්‍යස්ථාන 13 කදී අද (15 වැනිදා) ක්‍රීඩා ලෝලීන්ට සිය ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැක.

මෙහිදී මූලිකවම කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ විද්‍යා මාවතේ පිහිටු අනුර තෙන්නකෝන් පිවිසුම, කොළඹ 01, දරාස් මූූලස්ථාන ගොඩනැගිල්ල සහ තරග නොපැවැත්වෙන දින වලද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ 168 වැනි කාමරයෙනුත් එම ප්‍රවේශ පත්‍ර ප්‍රධාන වශයෙන් මිලදී ගත හැක. ඊට අමතරව කොටිකාවත්ත, දෙහිවල, කොට්ටාව, පෑලියගොඩ, බොරැල්ල, කොළඹ 05 වැල්ලවත්ත, පිලියන්දල, කැලණිය සහ වත්ත්ල යන ප්‍රදේශ වල පිහිටා ඇති දරාස් මධ්‍යස්ථානවලින්ද ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැක.

ඊට අමතරව https://click.daraz.lk/e/_6gJbD යන වෙබ් අඩෙවියට පිවිසීමෙන්ද ප්‍රවේශපත්‍ර මිලදී ගත හැක.

මූලික තරග වටයේ ප්‍රවේශ පත්‍ර රු. 300, 800, 1200, 1750, 3000 සහ 5000 යන මිල ගණන් යටතේද දෙවැනි වටය වන පිළිමළුන් පිටු දැකීමේ තරග වටයේ ප්‍රවේශ පත්‍ර රුපියල් 400, 1000, 1500, 2000, 3500 සහ 6000 යන මිල ගණන් යටතේ මිලදී ගත හැක.

තරගාවලියේ තෙවැනි අදියර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මේ මස 17 වැනිදා ආරම්භ වන අතර පිළිමළුන් පිටුදැකීමේ තරග දෙසැම්බර් 21 සහ 22 දෙදිනත් අවසන් මහ තරගය 23 වැනි දිනත් පැවැත්වෙනු ඇත.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest