slc
logo
Home   |    News
ජනවාරි 23, 2023
අයි.සී.සී. යේ ලෝක කණ්ඩායමට වනිඳු සහ ඉනෝකා නම් කෙරෙති

sinhala editor

ගෙවී ගිය වසරේදී ජාත්‍යන්තර විස්සයි-20 තරග පිටියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්  අතරින් 11 දෙනෙකුගෙන් යුතු පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකක් ප්‍රකාශයට පත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබෙන අතර එහිදී පිරිමි කණ්ඩායමට වනිඳු හසරංගත් කාන්තා කණ්ඩායමට ඉනෝකා රණවීරත් ඇතුළත්ව සිටිති.

පන්දුවට පහර දීම, පන්දුයැවීම මෙන්ම තුන් ඉරියව් දක්ෂතා මත පදනම්ව මෙම කණ්ඩායම් නම් කර තිබෙන අතර එහිදී පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස අවසන් වතාවට පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන දිනූ එංගලන්ත කණ්ඩායමේ නායක ජොස් බට්ලර්ව නම් කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් කටයුතු කරන වනිඳු ශ්‍රී ලංකාව ශූරතාව දිනා ගනිමින් නිමාවට පත් වුණු ආසියානු කුසලාන ක්‍රීකට් තරගාවලියේ තරග 6 කදී කඩුලු 9 ක් ද ජයග්‍රහණය අතිශය තීරණාත්මක පාකිස්තානයට එරෙහි තරගයේදී පන්දු 27 කදී ලකුණු 37 ක්ද රැස් කරමින් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩි දක්ෂතාවක් දැක්වූ ක්‍රීඩකයෙකි. එමෙන්ම නිමාවට පත් වුණු පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රීකට් තරගාවලියේදී ඔහු කඩුලු 15 ක් දවා ගනිමින් මෙම කණ්ඩායමට තේරී පත්ව සිටියි.

කාන්තා කණ්ඩායම සදහා නම් කර තිබෙන ඉනෝකා රණවීර වමතින් දඟ පන්දු යවන්නියකි. ගෙවී ගිය වසරේ සහභාගි වුණ විස්සයි-20 ජාත්‍යන්තර තරග 19 කදී ඇය විසින් කඩුලු 27 ක් බිඳ හෙළා ඇත්තේ සාමාන්‍ය 13.85 ක තරම් අඩු අගයක් රඳවා තබා ගනිමිනි. ඇයගේ පන්දුවාරයකට ප්‍රතීවාදී පිතිකාරිණියන් ලබා ගැනීමට සමත්ව ඇත්තේ ලකුණු 5.75 ක තරම් අවම අගයක් වීමද කැපී පෙනෙයි. ඇය ක්‍රීඩා කරන ලද තරග 19 දී කඩුලු තුනට සහ හතරට වැඩි අවස්ථාවන් 4 ක් සටහන් කර ගැනීමට සමත්ව සිටියි. ආසියානු කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව සිල්හෙට්හි පැවැති තරගයේදී ලකුණු 07 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ හෙළමින් ශ්‍රී ලංකාව ජලකුණු 03 ක ජයග්‍රහණයක් කරා රැගෙන යෑමට ඉනෝකා සමත්වීම එම දක්ෂතා අතර  කැපී පෙනෙම දක්ෂතාව ලෙසින් සටහන් වේ. මෙම කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස නවසීලන්ත ක්‍රීඩිකාව සොබී ඩෙවයින් කටයුතු කරනු ඇත.

පිරිමි කණ්ඩායම – ජොස් බ්ට්ලර් (නායක), මොහොමඩ් රිස්වාන්, විරාට් කෝලි, සූර්යකුමාර් යාදව්, ග්ලෙන් පිලිප්ස්, සිකන්දර් රාසා, හර්දික් පාණ්ඩ්‍යා, සෑම් කරන්, වනිඳු හසරංග, හැරිස් රාවුෆ්, ජොෂ් ලිට්ල්.

කාන්තා කණ්ඩායම – සොබී ඩිවයින් (නායිකා), ස්මිත්‍රි මන්ධනා, බෙත් මූනි, අශ් ගාර්ඩ්නර්, තලලියා මැක්ග්‍රාත්, නිඩා දර්, දීප්ති ශර්මා, රිෂා ගෝෂ්, සොපී එක්ල්ස්ටන්, ඉනෝකා රණවීර, රේනුකා සිං.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee