slc
logo
Home   |    News
ජනවාරි 26, 2023
අහන්ගේ ඉනිමෙන් කැන්ඩි ප්‍රබල තැනකට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පී. සරා ඕවල් පිටියේ අද (26 දා) ඇරැඹි ගෝල් හා කැන්ඩි කන්ඩායම් අතර තරගයේදී මුලින් පන්දුවට පහරදුන් කැන්ඩි පිල අර්ධ ශතක දෙකක් සමග ලකුණු 290ක් ලබා ගනිද්දී ගෝල් පිල දිනය නිමා වෙද්දී කඩුල්ලක් දැවී ලකුණු 53ක් ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනාගත් ගාල්ල පිල මුලින් පන්දුවට පහරදීමට කැන්ඩි පිලට ආරාධනා කළ අතර, දෙවැනි කඩුල්ලට ලකුණු 77ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට පරාක්‍රම උදයවංශ හා සදුන් වීරක්කොඩි සමත් විය. පරාක්‍රම හතරේ 7ක් සමග ලකුණු 49ක් ලබා සිටියදී දැවී ගිය අතර, අනතුරුව පිටියට පිවිසි අහන් වික්‍රමසිංහ සමග තෙවැනි කඩුල්ලට ලකුණු 41ක් එක්වෙද්දී සදුන් වීරක්කොඩි දැවී ගියේය. ඔහු පන්දු 82කට මුහුණදී හයේ 2ක් හා හතරේ 9ක් සමග ලකුණු 76ක් වාර්තා කළේය. සදුන් වීරක්කොඩි මෙයට සතියකට පෙර පැවැති ගෝල් සමග තරගයේදී අගනා ලකුණු 144ක් ලබා ගෙන සිටියේය.

කැන්ඩි කණ්ඩායම විසින් කලම්බු පිලට එරෙහිව ඉනිමක තරග ජයක් වාර්තා කරන ලද තරගයේදී සඳුන්ට අමතරව එම කණ්ඩායමේ තෙවැනි ශතක ලාභියා වුණු අහන් වික්‍රමසිංහ අද තරගයේදීද ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් ලකුනු 62 ක් ලබා ගත්තේය. පන්දු 62 කදී වාර්තා වුනු එම අර්ධ ශතකය සඳහා ඔහු හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් එල්ල කර තිබුණේය.

මොවින් සුබසිංහ ලකුණු 30ක් එක්කළ අතර, පන්දු යැවීමේදී අසංක මනෝජ් කඩුලු 4ක් හා රමේෂ් මෙන්ඩිස්, කවිෂ්ක අංජුල කඩුලු 2 බැගින් බිදහෙලූහ.දිනය නිමාවෙද්දී ගෝල් පිලේ සංගීත් කුරේ නොදැවී ලකුණු 27ක් හා ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 24ක් ලබා සිටියේය.

මෙම තරගාවලියේ පළමු සතියේදී දිනයක් ඉතිරිව තිබියදී ඉනිමක ජයග්‍රහණ වාර්තා කිරීමට කැන්ඩි සහ ගෝල් කණ්ඩායම් සමත්වූහ.

කැන්ඩි – පළමු ඉනිමට ලකුණු 290යි (ඕවර් 65.5)පරාක්‍රම උදයවංශ 49, කසුන් විදුර 16, සදුන් වීරක්කොඩි 76, අහන් වික්‍රමසිංහ 62, මොවින් සුබසිංහ 30 ( අසංක මනෝජ් 31/4, රමේෂ් මෙන්ඩිස් 63/2,  කවිෂ්ක අංජුල 56/2

ගෝල් – පළමු ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 53යි (ඕවර් 16) – (සංගීත් කුරේ නොදැවී 27, ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 24,නිපුන් රන්සික 23/1)

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee