slc
logo
Home   |    News
ජනවාරි 17, 2023
ක්‍රීඩකයින් 101 කගේ සහභාගිත්වයෙන් සිව්දින තරගාවලිය 19 දා ඇරෙඹයි

sinhala editor

දෙවැනි වතාවට පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධානම තරග අදියර වන සිව්දින තරගාවලිය මෙම මස 19 වැනිදා සිට මාර්තු 05 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩාංගණ 6 කදී පැවැත්වේ. සමාරම්භක සතියේදී කොළඹ එස්. එස්. සී. සහ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් මේ වන විටත් නම් කර තිබෙන අතර එහිදී කලම්බු පිල කුසල් මෙන්ඩිස් විසින්ද, ජැෆ්නා ධනංජය ද සිල්වා විසින්ද, ගෝල් රමේෂ් මෙන්ඩිස් විසින්ද, දඹුල්ල කමිදු මෙන්ඩිස් ‌විසින්ද සහ කැන්ඩි නිරෝෂන් දික්වැල්ල විසින්ද මෙහෙයවනු ලබති.

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 101 දෙනෙකු තරග වදිනු ලබන අතර ගෝල් කණ්ඩායම හැර සෙසු කණ්ඩායම් 4 සඳහා ක්‍රීඩකයින් 20 බැගින් ඇතුළත්ව සිටිති. ගෝල් පිලට ක්‍රීඩකයින් 21 දෙනෙකු ඇතුළත්ව සිටියි.

කොළඹ, එස්. එස්. සී, පී, සරා, ආර්. ප්‍රේමදාස, පල්ලකැලේ, දඹුල්ල, හම්බන්තොට සහ ගාල්ල යන ජාත්‍යන්තර ක්‍රීඩාංගනවලදී සියලුම තරග පැවැත්වෙනු ඇත. තරගාවලියේ අවසන් මහ තරගය මාර්තු 02 වැනිදා සිට 05 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

මූලික වටය යටතේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් 4 අතර හෙවත් අවසන් පූර්ව තරග අවස්ථාව සඳහා සුදුසුකම් ලබන අතර එම තරග පෙබරවාරි 23 වැනිදා සිට 26 වැනිදා දක්වා හම්බන්තොට සහ එස්. එස්. සී. යන ක්‍රීඩාංගණවල පැවැත්වේ.

කලම්බු – කුසල් මෙන්ඩිස් (නායක), දිමුත් කරුණාරත්න (උප නායක), අවිශ්ක ප්‍රනාන්දු, නිපුන් ධනංජය, හේෂාන් දනුෂ්ක, චරිත් අසලංක, නුවනිදු ප්‍රනාන්දු, දසුන් ශානක, අෂේන් බණ්ඩාර, මනෝජ් සරත්චන්ද්‍ර, රොෂේන් සිල්වා, ලක්ෂිත මානසිංහ, කවිඳු නදීෂාන්, ඉශිත විජේසුන්දර, කසුන් රජිත, නුවන් ප්‍රදීප්, නිසල තාරක, කලන පෙරේරා, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක.

ජැෆ්නා – ධනංජය ද සිල්වා (නායක), සදීර සමරවික්‍රම (උප නායක), නිශාන් මදුශ්ක, නවෝද් පරණවිතාන, සුකිත මනෝජ්, කසුන් අබේරත්න, ජනිත් ලියනගේ, මාධව වර්ණපුර, අවිශ්ක තරිඳු, ළහිරු මදුශංක, රවිඳු ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන්, ශිරාන් ප්‍රනාන්දු, කවිඳු පතිරත්න, එෂාන් මාලිංග, බිනුර ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සි, දිලුම් සුදීර, සංජුල බණ්ඩාර, ශෂික දුල්ශාන්.

ගෝල් – රමේෂ් මෙන්ඩිස් (නායක), සංගීත් කුරේ (උප නායක), හෂාන් දුමිඳු, ලක්ෂාන් එදිරිසිංහ, ඇනජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, පසිඳු සූරියබණ්ඩාර, තුලින ඩිල්ෂාන්, විශාඩ් රන්දික, එල්.පී.පී.එම්. කුමාර, ධනංජය ලක්ෂාන්, කවිශ්ක අනංජුල, දුනිත් වෙල්ලාලගේ, නිමේෂ් විමුක්ති, සුමින්ද ලක්ෂාන්, ඩිල්ෂාන් මදුශංක, තිලංග උදේශාන්, මිලාන් රත්නායක, අසංක මනෝජ්, ප්‍රවීන් ජයවික්‍රම, කෞමාල් නානායක්කාර.

දඹුල්ල – කමිඳු මෙන්ඩිස් (නායක), මිනෝද් භානුක (උප නායක), සහන් නිමේෂ, ලියෝ ෆ්‍රැන්සිස්කෝ, ගයාන් මනීෂාන්, අභිෂේක් ලියනාරච්චි, ඩිලාන් ජයලත්, ලසිත අබේරත්න, අශාන්  ප්‍රියන්ජන්, වනිඳු හසරංග. ළහිරු සමරකෝන්, චමින්ද විජේසිංහ, සනෝජ් දර්ශික, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, අනුක් ප්‍රනාන්දු, දුවිඳු තිලකරත්න, ලක්ෂාන් සදකැන්, මාලින්ද පුෂ්පකුමාර, දුශාන් හේමන්ත.

කැන්ඩි – නිරෝෂන් දික්වැල්ල (නායක), චාමික කරුණාරත්න (උප නායක) පැතුම් නිස්සංක, ලසිත් කෲස්පුල්ලේ, කසුන් අදිකාරි, තනුක දාබරේ, ඔෂධ ප්‍රනාන්දු, ළහිරු උදාර, අහන් වික්‍රමසිංහ. රවීන් යසස්, සහන් ආරච්චිගේ, ලහිරු කුමාර, අම්ෂි ද සිල්වා, නිම්සර අත්තරගල්ල, මතීෂ පතිරණ, නිපුන් රන්සික, ලසිත් ඇඹුල්දෙණිය, අෂේන් ඩැනියෙල්, වනුජ සහන්, සචිත්‍ර පෙරේරා.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest