slc
logo
Home   |    News
ජනවාරි 21, 2023
කැන්ඩි සහ ගෝල් දිනයක් ඉතිරිව තිබියදීම ඉනිමකින් ජය ගනිති

sinhala editor

දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේදීම තවත් දිනයක් එහෙන් පිටින්ම ඉතිරිව තිබියදී ඉනිමක ජයග්‍රහණ වාර්තා කිරීමට කැන්ඩි සහ ගෝල් කණ්ඩායම් අද (21 දා) සමත්වූහ.

කොළඹ එස්.එස්. සී. පිටියේ පැවැති තරගයේදී කැන්ඩි කණ්ඩායම විසින් කලම්බු පිල ඉනිමක සහ ලකුණු 279 ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරද්දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී දඹුල්ල පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 70 ක ජයක් වාර්තා කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය.

කැන්ඩි පිලට ඉනිමක සහ ලකුණු 279 ක ජයක්

කැන්ඩි – කලම්බු

කඩුලු 7 කට ලකුණු 554 ක්ව තිබියදී තෙවැනි දිනය ආරම්භ කළ කැන්ඩි කණ්ඩායම අහන් වික්‍රමසිංහ දැවී යෑමත් සමඟ ඉනිම අත්හිටුවීමට පියවර ගත්තේය. ඊට පෙර සිය පළමු පෙළ තරග දිවියේ දෙවැනි ශතකය වාර්තා කිරීමට අහන් සමත්ව සිටියේය. පෙර දින ලකුණු 99 ක් ලබා සිටි අහන් අද දිනයේදී ලකුණු 107 කට දැවී ගියේය. පන්දු 95 ක් පමණක් වැය වුණු එම ඉනිම සඳහා හේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 14 ක් එල්ල කළේය.

පන්දු යැවීමේදී කලම්බු පිලේ නිසල තාරක ලකුණු 112 කට කඩුලු 5 ක් දවා ගත්තේය. ලකුණු 351 ක් පසුපසින් සිට ඉනිමක පරාජයෙන් බේරීමේ සටන ඇරඹූ කලම්බු පිලට දෙවැනි ඉනිමේදී රැස් කරගත හැකි වූයේ ලකුණු 74 ක් පමනි. එහිදී කැපී පෙනුණු ලසිත් ඇඹුල්දෙණිය යළිත් කඩුලු 5 ක් දවා ගත්තේ සමස්ථ තරගයේදී ලකුණු 86 කට කඩුලු 10 ක් දවා ගනිමිනි.

කලම්බු පළමු ඉනිම පන්දුවාර 64.5 කදී ලකුණු 214 යි – (ප්‍රභාත් ජයසූරිය 51, නිසල තාරක 38, රොෂේන් සිල්වා 21, නිපුන් ධනංජය 16, අවිශ්ක ප්‍රනාන්දු 10, මනෝජ් සරත්චන්ද්‍ර 10, ලක්ෂිත මානසිංහ 14, ඉසිත විජේසුන්දර 14, ලසිත් ඇඹුල්දෙනිය 60/5, නිම්සර අතරගල්ල 62/4, අම්ෂි ද සිල්වා 41/1) සහ දෙවැනි ඉනිම පන්දුවාර 24.4 කදී ලකුනු 72 යි – (ප්‍රභාත් ජයසූරිය 11, මනෝජ් සරත්චන්ද්‍ර 18, නුවනිඳු ප්‍රනාන්දු 15, ලසිත් ඇඹුල්දෙණිය 26/5, අම්ෂි ද සිල්වා 12/2, අෂෙයින් ඩැනියල් 15/2, නිම්සර අමරසිංහ 14/1)

කැන්ඩි පළමු ඉනිම පන්දුවාර 109.1 කදී කඩුලු 9 කට ලකුණු 565 යි – (ඔෂද ප්‍රනාන්දු 201, සඳුන් වීරක්කොඩි 144, ලසිත් කෲස්පුල්ලේ 29, සහන් ආච්චිගේ 32, අහන් වික්‍රමසිංහ 107, නිසල තාරක 112/5

ගෝල් කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 70 ක ජයක්

ලකුණු 184 ක පසු පසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ දඹුල්ල කණ්ඩායමට දෙවැනි ඉනීමේදීත් රැස් කරගත හැකි වූයේ ලකුණු 114 ක් පමණි. අංක 3 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි ඩිලාන් ජයලත් (47) සහ ආරම්භක පිතිකරු නිමේෂ් ගුණසිංහ (29) හැරුනු කොට සෙසු එකම පිතිකරුවකුට දක්ෂතා අතරට පැමිණීමට ප්‍රතිවාදී නායක රමේෂ් මෙන්ඩිස් ප්‍රමඛ පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ.

පන්දු යැවීමෙන් කැපී පෙනුණු රමේෂ් මෙන්ඩිස් ලකුණු 34 කට කඩුලු 3 ක් දවා ගනිද්දී අසංක මනෝජ් සහ මිලාන් රත්නායක කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

දඹුල්ල පළමු ඉනිම පන්දුවාර 48.5 කදී ලකුණු 155 යි – (නිමේෂ් ගුණසිංහ 31, ඩිලාන් ජයලත් 27, ලසිත් අබේරත්න 24, චලන ද සිල්වා 23, ලක්ෂාන් සඳකැන් 26*, කවිශ්ක අංජුල 23/5, අසංක මනෝජ් 35/2, රමේෂ් මෙන්ඩිස් 11/2, ප්‍රවීන් ජයවික්‍රම 27/1) සහ දෙවැනි ඉනිම පන්දුවාර 44 කදී ලකුණු 114 යි – (ඩිලාන් ජයලත් 47, නිමේෂ් ගුණසිංහ 29, මිනෝද් භානුක 10, සනෝජ් දර්ශික 13, රමේෂ් මෙන්ඩිස් 23/3, අසංක මනෝජ් 27/2, මිලාන් රත්නායක 34/2, කවිශ්ක අංජුල 18/1)

දඹුල්ල පළමු ඉනිම පන්දුවාර 48.5 කදී ලකුණු 155 යි – (නිමේෂ් ගුණසිංහ 31, ඩිලාන් ජයලත් 27, ලසිත් අබේරත්න 24, චලන ද සිල්වා 23, ලක්ෂාන් සඳකැන් 26*, කවිශ්ක අංජුල 23/5, අසංක මනෝජ් 35/2, රමේෂ් මෙන්ඩිස් 11/2, ප්‍රවීන් ජයවික්‍රම 27/1) සහ දෙවැනි ඉනිම පන්දුවාර 44 කදී ලකුණු 114 යි – (ඩිලාන් ජයලත් 47, නිමේෂ් ගුණසිංහ 29, මිනෝද් භානුක 10, සනෝජ් දර්ශික 13, රමේෂ් මෙන්ඩිස් 23/3, අසංක මනෝජ් 27/2, මිලාන් රත්නායක 34/2, කවිශ්ක අංජුල 18/1)

ගෝල් පළමු ඉනිම පන්දුවාර 90.2 කදී ලකුණු 339 යි – (ඇන්ජලෝ මැතිව්ස් 82, රමේෂ් මෙන්ඩිස් 60, කවිශ්ක අංජුල 69, ප්‍රවීන් ජයවික්‍රම 29, මිලාන් රත්නායක 11, විශාද් රන්දික 17, පසිඳු සූරියබණ්ඩාර 19, හෂාන් දුමිඳු 37, අසිත ප්‍රනාන්දු 70/3, විශ්ව ප්‍රනාන්දු 75/3, චලන ද සිල්වා 69/2, ලක්ෂාන් සඳකැන් 56/1, නිමේෂ් ගුණසිංහ 19/1)

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee