slc
Home   |    News
ජනවාරි 28, 2023
ගෝල් පිට පිටම දෙවැනි ජයත් ලබයි

sinhala editor

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතිය යටතේ කොළඹ පී. සරා ඔ්වල් පිටියේ පැවැති තරගයේදී පළමු සතියේ අපරාජිතව පසුවූ මහනුවර පිලට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට රමේෂ් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ගෝල් කණ්ඩායම සමත් විය. මෙවර තරග වාරයේදී ගාල්ල කණ්ඩායම විසින් පිට පිටම වාර්තා කරන ලද දෙවැනි ජය ලෙසින් මෙම ජයග්‍රහණය සනිටුහන් වූයේ තරගයේ සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබියදීය.

ගාල්ල කණ්ඩායම අතින් අද දිනයේදී පරාජයට පත්වූයේ පළමු සතියේදී කලම්බු පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 279 ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූ කැන්ඩි කණ්ඩායම වීම කැපී පෙණෙයි.

මහනුවර දෙවැනි ඉනිම ලකුණු 198 කටට සීමා වීම නිසා ගෝල් කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය වූයේ ලකුණු 123 ක් වූ අතර එම කිසිවකු නොදැවී රැස් කර ගැනීමට ගෝල් කණ්ඩායම සමත්විය. ගෝල් පිල වෙනුවෙන් පළමු ඉනිමේදී ලකුණු 132 ක් රැස් කරගත් සංගීත් කුරේ දෙවැනි ඉනිමේදීද ලකුණු 75 ක් ලබා ගනිමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූවේය.

කැන්ඩි පළමු ඉනිම 290 – (උදයවංශ පරාක්‍රම 49, කසුන් විදුර 16, සඳුන් වීරක්කොඩි 76, අහන් වික්‍රමසිංහ 62, රවීන් යසස් 10, මොවින් සුබසිංහ 30, වනුජ සහන් 12, නිපුන් රංසික 12, කවිශ්ක අංජුල 56/2, අසංක මනෝජ් 31/4) සහ දෙවැනි ඉනිම 198 යි – (කසුන් විදුර 29, මොව්නු සුබසිංහ 27, සඳුන් වීරක්කොඩි 71, වනුජ සහන් 33, මොහොමඩ් ශිරාස් 26/3, ප්‍රවීන් ජයවික්‍රම 20/3)

ගෝල් පළමු ඉනිම 365 යි – (සංගීත් කුරේ 132, ලක්ෂාන් එදිරිසිංහ 70, ඇන්ජලෝ මැතිව්ස් 44, ධනංජය ලක්ෂාන් 16, විශාද් රන්දික 53, රමේෂ් මෙන්ඩිස් 10, මොහොමඩ් ශිරාස් 15*, නිපුන් රන්සික 85/3, වනුජ සහන් 105/3) සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී ලකුනු 129 යි – (සංගීත් කුරේ 75*, හෂාන් දුමිඳු 54*)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest