slc
logo
Home   |    News
ජනවාරි 1, 2023
ජාතික කණ්ඩායමට නව භෞත චිකිත්සකවරයෙක්

sinhala editor

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස ක්‍රිස් ක්ලාක්-අයන්ස්ව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව ඔහු ජනවාරි මස 01 වැනිදා සිට ඉදිරි වසර 2 ක කාලය ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කරනු ඇත.

නැගෙනහිර ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් භෞත චිකිත්සාව පිළිබඳව ගෞරව උපාධියක් ලබා ඇති ක්‍රිස්, ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයෙන් උසස් භෞත චිකිත්සාව පිළිබඳවද උපාධියක්ද ලබා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එකතුවීමට ප්‍රථම ක්‍රිස්, එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ විද්‍යා හා වෛධය අංශ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට අමතරව එම ක්‍රීඩා සමාජයේ ප්‍රධාන භෞත චිකිත්සකවරයා වශයෙන්ද කටයුතු කළේය.

එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟද කටයුතු කර ඇති නව භෞත චිකිත්සකවරයා, එංගලන්ත කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ කරන ලද එක්දින තරග සංචාරයකදී එම කණ්ඩායමේ ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස කටයුතු කර තිබේ. ඊට අමතරව එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද වේග පන්දු යවන්නන්ගේ වැඩසටහනකදීද භෞත චිකිත්සකවරයා ලෙස කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සම්බන්ධවීමෙන් පසු ක්‍රිස්ගේ පළමු නිල සංචාරය වන්නේ ‌ජනවාරි මස 03 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය වේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar