slc
Home   |    News
ජනවාරි 10, 2023
ඩිල්ෂාන් මදුශංකට එක්දින වරම්

sinhala editor

විස්සයි-20 තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව මුණ ගැසෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගත් දසුන් ශානක පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ගුහාතී පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසෙන්නේ වමත් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංකට එක්දින වරම් හිමිකර දෙමිනි. වනිඳු හසරංග අතින් එක්දින හිස්වැස්ම ලබා ගත් මදුශංක ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග වරම් දිනාගත් 206 වැනි ක්‍රීඩකයා වන්නේය.

එය හැරුණු විට ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ සිදුකරන ලද ප්‍රධානම වෙනස්කම වන්නේ මහීෂ් තීක්ෂණ වෙනුවට දුනිත් වෙල්ලාලගේට අවස්ථාව ලබා දීමය. එක්දින වරම් දිනාගත් දින සිට කණ්ඩායමේ ස්ථානය රැක ගැනීමට සමත් මහීෂ් තීක්ෂණ විස්සයි-20 තරගවලියේදී ඉන්දීය පිතිකරුවන් හමුවේ පන්දු යැවීමේදී කිසියම් පසුබෑමක් පෙන්නුම් කළ අතරම අවසන් වුණු ඇෆ්ගනිස්තානයට එරෙහි තරගාවලියේදී වෙල්ලාලගේ පන්දු 21 කදී ලකුණු 31 ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ඒමට වැඩි දායකත්වයක් දැක්වූවේය.

ඒ හැරුනු විට ඉන්දීය පිතිකරු ලැයිස්තුව අක්සාර් පටෙල් හැරුණු කොට සෙසු සියල්ලෝම දකුණතින් පන්දුවට පහර දෙන අය බැවින් ඊට පිළියමක් ලෙස වමත් දඟ පන්දු යවන්නා ඇතුළත් කිරීමට හේතු වන්නට ඇත.

ඉන්දීය කණ්ඩායම කලකට පසු ප්‍රධානතම ක්‍රීඩකයින් සමඟින් අද තරගයට අවතීර්ණව සිටීම කැපී පෙනෙයි. නිත්‍ය නායක රෝහිත් ෂර්මා, විරාට් කෝලි, කේ.එල්. රාහුල්, සහ ශ්‍රෙයාස් අයියර් අද තරගයේදී යළිත් කණ්ඩායමට එකතු වද්දී විශේෂ වේග පන්දු යවන්නන් තිදනෙකු සමඟින් අවතීර්ණව සිටිති. මොවුන් කණ්ඩායමට පැමිණීමේදී තෙවැනි විස්සයි-20 තරගයේදී ශතකයක් ලද සූර්යකුමාර් යාදව් සහ ඉෂාන් කිශාන්ට ස්ථානය අහිමිව තිබේ.

පන්දු යවන්නන් තෝරා ගැනීමේදී මො‌හොමඩ් යුගල වන ශාමි සහ ශිරාජ් ප්‍රධාන වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එකතු වද්දී අවසන් 11 දෙනා අතරට පිවිස සිටින අනෙක් වේග පන්දු යවන්නා වන්නේ උම්රන් මලික් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් දෙදෙනකු සමඟ අවතීර්ණ වද්දී තෙවැනි වේග පන්දු යවන්නා ලෙස චාමික කරුණාරත්නව යොදා ගැනීමට සැලසුම් යොදා තිබේ. කෙසේ වෙතත් අද තරගයේදී අවිශ්ක ප්‍රපාන්දුට කණ්ඩායමේ ස්ථානය හිමිව තිබීමද කැපී පෙනෙයි.

ශ්‍රී ලංකාව – කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, දසුන් ශානක (නායක), වනිදු හසරංග, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, කසුන් රජිත, ඩිල්ෂාන් මදුශංක.

ඉන්දියාව – රෝහිත් ෂර්මා (නායක), ශුබ්මන් ගිල්, ශ්‍රෙයාස් අයියර්, හර්දික් පාණ්ඩ්‍යා, මොහොමඩ් ශමී, යුස්වේන්ද චෙහල්, උම්රන් මලික්, මොහොමඩ් ශිරාජ්.

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest