slc
logo
Home   |    News
ජනවාරි 11, 2023
ඩිල්ෂාන් සහ චාමිකට ආබාධ

sinhala editor

ඉන්දීය තරග සංචාරයට සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩිල්ෂාන් මදුශංක සහ චාමික කරුණාරත්න දෙදෙනාම ආබාධ වලට මුහුණ දී සිටිති. ඉන්දියාවට එරෙහිව ඊයේ (11 දා) පැවැති පළමු තරගය අතරතුරදී මෙම ක්‍රීඩකයින් දෙපළ ආබාධවලට මුහුණ දී තිබේ.

මෙහිදී ඩිල්ෂාන් මදුශංක දකුණු උරහිසේ ආබාධයකට ගොදුරව සිටින අතර ඔහුගේ සෞඛ්‍ය මට්ටම පිළිබඳව තක්සේරුවක් ලබා ගැනීම සඳහා අද දිනයේදී එක්ස්ට්‍රේ පරීක්ෂණයකට සහ එම්.ආර්.අයි. පරීක්ෂණයකට යොමු කර තිබේ. එම වාර්තාව ලැබුණු වහාම ඩිල්ෂාන් සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කලමනාකාරීත්වය තීරණය කර තිබේ.

මේ අතර චාමික කරුණාරත්න තරගයට පෙර හෙවත් කාසියේ වාසිය උරගා බැලීමට පෙර පැවැති ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම වලදී පන්දුවක් උඩු තොළ ප්‍රදේශයේ වැදීම නිසා තුවාල ලබා සිටියි. එම තුවාලය සඳහා මැහුම් තුනක් දැමීමට පියවර ගනු ලැබුවද වෛද්‍ය කාර්යය මණ්ඩලයේ නිර්දේශය පරිදි ඔහුව එම තරගයට ක්‍රීඩා කරවීමට පියවර ගනු ලැබීය. කෙසේ වෙතත් ඔහු දෙරට අතර හෙට (12 දා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට සහභාගිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar