slc
Home   |    News
ජනවාරි 24, 2023
තියුණු තරගයකින් පසු බාළිකාවෝ ලකුණකින් පරදිති

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාව පළමු වතාවට පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රීකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අතර තරග වටයේ ශ්‍රී ලංකාව තරග වැදි දෙවැනි තරගය හෙවත් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයෙන් තියුණු තරගාවසානයකදී එක් ලකුණක ජයක් ශ්‍රී ලංකා බාළිකා පිල හමුවේ වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු බාළිකාවෝ සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 133 ක් පමණි. තීරණාත්මක අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකා ජයග්‍රහණයට ලකුණු 12 ක් ලබා ගත යුතු වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි.

පළමු පන්දු 3 දී ලකුණු 5 ක් ලබා ගනිමින් අවසන් පන්දු 3 සඳහා පරතරය ලකුණු 07 ක් දක්වා අඩු කිරීමට දුලංගා දිසානායක සහ සහ විහාරා සෙව්වන්දි සමත් වුවත් කඩුලු අතර දිව යෑමේදී විහාරා සෙව්වන්දිද, ඊළඟ පන්දුවේදී දුලංගා දිසානායකද දැවී යෑම නිසා අවසන් පන්දුවේදී ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 6 ක් බවට පත්විය. එහෙත් නවක පිතිකාරිණිය වූ රශ්මි නේත්‍රාංජලීට ලබා ගත හැකි වූයේ ලකුනු 4 ක් පමණි.

පළමුව පන්දුවට පහර දන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට ලකුනු 134 ක් ලබා ගැනීමට සමත්විය. අඩු ලකුණු සංඛ්‍යාවකට දකුනු අප්‍රිකානු පිල නවතාලීම වෙනුවෙන් පන්දු යැවීමෙන් කැපී පෙනුනු විදුශිකා පෙරේරා ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගනිද්දී දෙව්මි විහංගා ලකුණු 22 කට කඩුලු 2 ක් දවා ගත්තාය.

පන්දුවට පහර දීමේදී සුමුදු නිසංසලං (05), මුලු ලකුණු සංඛ්‍යාව 11 දී දැවී ගියත් නෙත්මි සේනාරත්නට එක් වූ විශ්මි ගුණරත්න දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 37 ක සම්බන්ධතාවක් පවත්වමින් සාර්ථක හඹා යෑමකට අවශ්‍ය අඩිතාලම එක් කර දුන්හ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට ප්‍රධානම හේතුව වූයේ මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි පිතිකාරිණියන්ට ලකුනු අතරට පැමිණීමට නොහැකි වීමය. කෙසේ වෙතත් අංක 4 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි දෙව්මි විහංගා පන්දු 23 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් ලකුනු 37 ක් ලබා කණ්ඩායමේ වැඩිම ලකුනු ලාභිණිය බවට පත්වූවාය.

දකුණු අප්‍රිකානු පිල පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුනු 134 යි – (කයිලා රෙයිනෙක් 43, සිමන් ලෝරන්ස් 14, මැඩිසන් ලෑන්ඩ්ස්මන් 21, ජෙනා එවන්ස් 22, කාබෝ මෙසෝ 12, විදුෂිකා පෙරේරා 25/3, දෙව්මී විහංගා 22/2, හරිනි පෙරේරා 17/1, විහාරා සෙව්වන්දි 24/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 133 යි – (නෙත්මි සේනාරත්න 37, දෙව්මි විහංගා 37, මනුදි නානායක්කාර 17, විශ්මි ගුනරත්න 12, කයිලා රෙයෙන්කේ 16/2, මියාන් ස්මිට් 13/1, රෙෆිල්වි මංචෝ 33/1, මැඩිසන් ලෑන්ස්ඩ්මන් 21/1)

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest