slc
Home   |    News
ජනවාරි 7, 2023
දසුන් නමින් වාර්තා පිට වාර්තා

sinhala editor

ඉන්දියාවට එරෙහි දෙවැනි විස්සයි 20 තරගයේ වීරයා සම්මානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක නව වාර්තා රැසකට හිමිකම් කීවේය.

විස්සයි 20 පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළ ක්‍රිකට් ක්‍රීඩකයා බවට (පන්දු 20කදී) දසුන් ශානක පත්විය. මෙයට පෙර මහේල ජයවර්ධන 2007දී ජොහැනස්බර්ග් හිදී කෙන්යාවට එරෙහිව පන්දු 21කදී, කුමාර් සංගක්කාර 2009දී නාග්පූර් හිදී ඉන්දියාවට එරෙහිව පන්දු 21කදී, කුසල් පෙරේරා 2018දී ඉන්දියාවට එරෙහිව ආර්. ප්‍රේමදාස පිටියේදී පන්දු 22කදී හා සනත් ජයසූරිය 2006දී වෙලින්ටන්හිදී නවසීලන්තයට වෙලින්ටන් හීදී පන්දු 23කදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම විස්සයි 20 අර්ධ ශතක වාර්තා කර තිබිණි.

ඉන්දියාවට එරෙහිව විස්සයි 20 ඉනිමකදී ප්‍රහාරාත්මක වේගය 254.54කින් අර්ධ ශතකයක් රැස් කළ ලොව පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට දසුන් ශානක පත්වීම තවත් වාර්තාවකි.

විස්සයි 20 තරගයකදී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් දෙනෙකු පන්දු 20කදී අර්ධ ශතක වාර්තා කළ පළමු තරගය ලෙස ද නිමාවට පත්වූ පූනේ තරගය ඉතිහාසයට එක්වූ අතර, දසුන් ශානක සහ අක්සාර් පටෙල් යන දෙනොම පන්දු 20කදී අර්ධ ශතක වාර්තා කළහ.

විස්සයි 20 ඉනිම් දෙකකදී ඩෙත් ඕවර් ලෙසින් හැදින්වෙන අවසන් පන්දු ඕවර් 5 තුල ලකුණු 50ට වැඩියෙන් රැස් කළ ලොව පළමු ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ද වාර්තා පොත් අතරට එක්විය. පසුගිය වසරේ ජූනි මාසයේ පල්ලෙකැලේ පැවැති විස්සයි 20 තරගයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 54ක් හා පෙරේදා (5) පූනේහිදී ඉන්දියාවට එරෙහිව ලකුණු 56ක් රැස් කරමින් දසුන් ශානක ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්ව සිටී.

විස්සයි 20 පිටියේ අංක 6 ස්ථානයේ පන්දුවට පහර දුන් ලොව වැඩිම ලකුණු ලාභී පිතිකරු බවට පෙරේදා දසුන් ශානක පත්විය. ලෝක විස්සයි 20 ක්‍රිකට් ක්‍රීඩාවේ එම ස්ථානයේ පන්දුවට පහර දෙන ක්‍රීඩකයන් අතර, දසුන් මේ වනවිට ලකුණු 811ක් ලබා සිටින අතර, විස්සයි 20 පිටියේ අංක 6 ස්ථානයේ පන්දුවට පහර දෙන බංග්ලාදේශයේ මොහමදුල්ලා ලකුණු 810ක්, දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් ලකුණු 755ක් ජගත් ක්‍රිකට් පිටියෙන් සමුගත් එම්. එස්. දෝනි ලකුණු 624ක් හා ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් නබී ලකුණු 567ක් රැස්කර ඇත.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest