slc
Home   |    News
ජනවාරි 15, 2023
දෙපිළම දඟ පන්දු යවන්නන් කෙරෙහි වැඩි විශ්වාසයක් තබති

sinhala editor

ගෞරවාන්විත තරාවලි අවසානයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය තීරණාත්මක තෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය තමන් සතු කරගැනීමට ඉන්දීය නායකයා සමත්විය. තිරුවානාතපුරම්හි පැවැත්වෙන මෙම තරගයේදී පස්වරු කාලයේදී පින්න ප්‍රධාන සාධකයක් බැවින් ඉන්දීය නායකයා පැකිළීමකින් තොරවම පන්දුවට පහර දීමට තීරණය කළේය.

මෙම තරගයේදී දෙපිළම වෙනස්කම් දෙකක් සමඟින් අවතීිර්ණව සිටින අතර දෙපිළම දග පන්දු යවන්නන් කෙරෙහි විශ්වාසය තැබීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී ධනංජය ද සිල්වා වෙනුවට අෂේන් බණ්ඩාරවත්, දුනිත් වෙල්ලාලගේ වෙනුවට පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සිවත් තරගයට රැගෙන පැමිණ තීබේ. ආබාධයක් හේතුවෙන් දෙවැනි තරගයට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක සහ ඩිල්ෂාන් මදුශංකගේ ආබාධ තත්ත්වයන් තවදුරටත් තිබීම හේතුවෙන් අද තරගයටද ඔවුන්ගේ සහභාගිත්වය ශ්‍රී ලංකාවට අහිමිව තිබේ.

වැන්ඩර්සි 11 දෙනා අතරට පැමිණීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ පා දඟ පන්දු යවන්නන් සංඛයාව 2 දක්වා ඉහළ ගොස් තිබේ. වනිදු හසරංග එහි ප්‍රධානියා ‌වන්නේය.

මේ වන විටත් 2-0 ක් ලෙස තරගාවලිය ජය ගෙන සිටින ඉන්දීය කණ්ඩායම, මේ දිනවල වැඩිම ජනප්‍රියත්වයක් හිමි ක්‍රීඩකයකු වන සූර්යකුමාර් යාදව් සහ වොෂින්ටර් සුන්දර් කැඳවීමට පියවර ගෙන තිබේ. මොවුන් කණ්ඩායමට පැමිණීමේදී හර්දික් පාණ්ඩ්‍යා සහ උම්රන් මලික්ව විවේක ගැන්වීමට එරට තේරීම් වලදී පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව – නුවනිඳු ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, අෂේන් බණ්ඩාර, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, ජෙෆ්රි වැන්ඩර්සි, චාමික කරුණාරත්න, කසුන් රජිත, ළහිරු කුමාර.

ඉන්දියාව – රෝහිත් ෂර්මා (නායක), ශුබ්මන් ගිල්, විරාට් කෝලි, ශ්‍රෙයාස් අයියර්, ලෝකේෂ් රාහුල්, සූර්යකුමාර් යාදව්, අක්සාර් පටෙල්, වොෂිංටන් සුන්දර්, කුල්දීප් යාදව්, මොහොමඩ් ශාමි, මොහොමඩ් ශිරාජ්.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest