slc
Home   |    News
ජනවාරි 28, 2023
නවෝද් සහ රොන් ජැෆ්නා පිල අවධානමෙන් මුදවා ගනිති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ එස්. එස්. සී පිටියේ පැවැත්වෙන තරගයේ දෙවැනි දිනයේ තරගය නතර කරද්දී දෙවැනි ඉනිමට ජැෆ්නා පිල  කඩුලු 6ක් අතැතිව ලකුණු 57ක් ඉදිරියෙන් සිටියේය.

ජැෆ්නා පිල පළමු ඉනිමට ලකුණු 62ක් රැස්කළ අතර, එයට පිළිතුරු ලෙස දඹුල්ල පළමු ඉනිමට ලකුණු 213ක් එක් කළේය. ජැෆ්නා පිල දෙවැනි ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 208ක් ලබා සිටී.

ජැෆ්නා දෙවැනි ඉනිමට අර්ධ ශතක දෙකක් ඇතුලත් වූ අතර, නවෝද් පරණවිතාන පන්දු 105කදී හතරේ පහර 8ක් සමග ලකුණු 64ක් හා රොන් චන්ද්‍රගුප්ත පන්දු 76කදී හතරේ පහර 10ක් සමග ඉක්මන් ලකුණු 76ක් රැස් කිරීම කැපලී පෙණුනි. දිනය නිමා වෙද්දී මාධව වර්ණපුර නොදැවී ලකුණු 26ක් හා නායක ළහිරු මධුසංඛ නොදැවී ලකුණු 12ක් ලබා සිටියහ.

දඹුල්ල පළමු ඉනිම හැඩ කළ නායක මිනෝද් භානුක පන්දු 104කදී හතරේ 7ක් සමග ලකුණු 67ක් හා රනිත ලියනාරච්චි පන්දු 73කදී හයේ 3ක් හා හතරේ 5ක් සමග ලකුණු 51ක් ලබා ගත්තේය.

විශ්ව ප්‍රනාන්දු කඩුලු 5ක් හා අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවාගෙන ජැෆ්නා පිතිකරුවෝ අසරණ කිරීමේ වාසියෙන් දඹුල්ල පිල මුල් ඉනිමේ ලකුණු 151කින් ඉදිරියෙන් සිටියේය.

මෙම තරගාවලියේ පළමු සතියේදී දිනයක් ඉතිරිව තිබියදී ඉනිමක ජයග්‍රහණ වාර්තා කිරීමට කැන්ඩි සහ ගෝල් කණ්ඩායම් සමත්වූහ.

ජැෆ්නා – පළමු ඉනිමට ලකුණු 62යි (ඕවර් 26.5)  – කසුන් අබේරත්න 16, රවිදු ප්‍රනාන්දු 13, ළහිරු මධුසංඛ 10, රොන් චන්ද්‍රගුප්ත 7 ( විශ්ව ප්‍රනාන්දු 14/5, අසිත ප්‍රනාන්දු 24/4, දෙවිඳු තිලකරත්න 4/1)

දඹූල්ල – පළමු ඉනිමට ලකුණු 213යි (ඕවර් 53.5)  – නිමේෂ් ගුණසිංහ 10, මිනෝද් භානුක 67, සනෝජ් දර්ශික 18, රනිත ලියනාරච්චි 51, විශ්ව ප්‍රනාන්දු නොදැවී 25 ( යසිරු රොද්‍රිගු 52/3, නිපුන් මාලිංග 39/2, ළහිරු මධුසංඛ 33/1, දිලුම් සුධීර 18/2)

ජැෆ්නා – දෙවැනි ඉනිමට ලකුණු 62යි (ඕවර් 26.5) නවෝද් පරණවිතාන 64, රොන් චන්ද්‍රගුප්ත 67, සුඛිත මනෝජ් 15, මාධව වර්ණපුර නොදැවී 26, ළහිරු මධුසංඛ නොදැවී 12 ( අසිත ප්‍රනාන්දු 42/1, අශාන් ප්‍රියංජන 51/1, දෙවිඳු තිලකරත්න 23/1

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest