slc
logo
Home   |    News
ජනවාරි 20, 2023
නැෂනල් සුපර් ලීග් ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකය ඕෂධගෙන්

sinhala editor

By Chamila Karawita

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ ආධිපත්‍ය පන්දු යවන්නන් සතු කර ගැනීමට සමත් වුවත් දෙවැනි දිනය වූ අද (20 දා) සම්පූර්ණයෙන්ම පිතිකරුවන්ගේ රජ දහනක් කර ගැනීමට පිතිකරුවෝ සමත්වූහ. ඒ අතරින් කැපී පෙණුනු කැන්ඩි කන්ඩායමේ ඔෂද ප්‍රනාන්දු තරගාවලියේ පළමු ද්විත්ව ශතක ලාභියා බවට පත් වද්දී එම කණ්ඩායමේම සඳුන් වීරක්කොඩි තරගාවලියේ පළමු ශතක ලාභියා බවට පත්වීමට සමත්වූවේය.

දිනයේ සුවිශේෂීම ඉනිම දියත් කළ ඔෂද ප්‍රනාන්දු කලම්බු පිලට එරෙහිව පැවැත්වෙන තරගයේදී ලකුණු 201 ක් ලබා ගැනීමට සමත්වූවේය. මෙය මෙවර තරග වාරයේ පමණක් නොව නැෂනල් සුපර් ලීග් සමස්ථ ඉතිහාසයේම පිතිකරුවකු විසින් ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද පළමු අවස්ථාව ලෙසින්ද සටහන් විය. ලකුනු 201 කින් සමන්විත ඔෂධගේ ඉනිම පන්දු 287 කින් සමන්විත විය. ඒ සඳහා හයේ පහරක් සහ තවත් හතරේ පහර 23 ක්ද ඔෂධ එල්ල කළේය. මීට පෙර පිතිකරුවකු විසින් රැස් කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට ප්ව්යේ ජැෆ්නා පිලට එරෙහිව රො‌ෂේන් සිල්වා විසින් ඉකුත් වසරේදී හම්බන්තොටදී නොදැවී රැස් කරන ලද ලකුණු 174 විය.

ඔහුට අමතරව සෙසු ශතක ලාභියා වූ සඳුන් වීරක්කොඩි ලකුණු 144 ක් ලබා ගත්තේ පන්දු 154 කට පමණක් මුහුණ දීමෙනි. හයේ 4 කින් සහ හතරේ 18 කින් වර්ණවත් වුණු වීරක්කොඩිගේ ශතකය මෙවර තරග වාරයේ පිතිකරුවකු වාර්තා කරන ලද පළමු ශතකය ලෙසින් සටහන් විය. මෙම ශතක සම්බන්ධතාව නිසා මොවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු සම්බන්ධතාව ලකුණු 246 කි. මෙම සම්බන්ධතාවද නැෂනල් සුපර් ලීග් තරග ඉතිහාසයේ ඔ්නෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුණු ඉහළම සම්බන්ධතාව ලෙසින් සටහන් විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ ඉකුත් වසරේ සංගීත් කුරේ සහ පබසර වඩුගේ විසින් ජැෆ්නා පිලට එරෙහිව ගාල්ලේදී රැස් කරන ලද ලකුණු 208 ක සම්බන්ධතාව විය.

මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි අහන් වික්‍රමසිංහ නොදැවී රැස් කරන ලද ලකුණු 99 නිසා දෙවැනි දිනට තරගය නිමා වන විට කඩුලු 7 ට ලකුණු 554 ක් දක්වා කැන්ඩි ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට හැකියාව ලැබිණ. හයේ පහර 3 කින් සහ හතරේ පහර 13 කින් සමන්විත වුණු අහන්ගේ ඉනිම සඳහා ඔහු වැය කර තිබුණේ පන්දු 85 ක් පමණි.

දඹුල්ල – ගෝල්

දඹුල්ල පිල පළමු ඉනිම ‌වෙනුවෙන් ලබා දුන් ලකුණු 155 ට ප්‍රභල පිළිතුරක් ලබා දුන් ගෝල් ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුනු 339 ක් රැස් කිරීමට සමත්වූහ. ගෝල් පිල වෙනුවෙන් වැඩිම ලකුනු ලාභියා බවට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්වූවේය. දිනය ආරම්භයේදී තණතීරුවේ හැසිරීම පන්දු යවන්නන්ට  වැඩි වශයෙන් ලබා දීම නිසා ආර්. ප්‍රේමදාස තණතීරුවේ පන්දුවට පහර දීම ඉතාමත් අසීරු විය. කෙසේ වෙතත් සිය අන්තය ආරක්ෂා කරගත් හිටපු ජාතික නායකයා පන්දු 144 කට මුහුණ දෙමින් ලකුණු 82 ක් ලබා ගත්තේය.

මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 186 ක්ව තීබියදී මැතිව්ස් දැවී ගියද ගෝල් පිල පැමිණි නායකයා මෙන්ඩිස් ඇතුළු පසු පෙළ පිතිකරුවෝ අවසන් කඩුලු 3 දී තවත් ලකුණු 153 කින් ගෝල් ඉනිම පෝෂණය කළහ. මෙහිදී පිත්කෙන් කැපී පෙනුණු නායක රමේෂ් මෙන්ඩිස් පන්දු 77 කදී ලකුනු 60 ක්ද කවිශ්ක අංජුල පන්දු 80 කදී ලකුණු 69 ක්ද ලබා ගනිද්දී අංක 10 පිතිකරුවා ලෙසින් පැමිණි ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 29 ක් ලබා ගත්තේය. කවිශ්ක අංජුල පන්දු යැවීමේන්ද පළමු ඉනිමේදී කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වීම කැපී පෙනිණි.

පන්දු යැවීමේදී ආරම්භක වේග පන්දු යවන්නන් දෙපළ වුණු ප්‍රනාන්දු යුගලය කඩුලු 6 ක් බිඳ හෙළූහ. එහිදී අසිත කුනු 70 කට කඩුලු 3 ක් දවා ගනිද්දී විශ්ව ලකුනු 75 කට ඉතිරි කඩුලු 3 බිඳ හෙළීය. ඊට අමතරව චලනද සිල්වා කඩුලු 2ක් දවා ගනිමින්  පන්දුවෙන් දස්කම් දැක්වීය.

ලකුණු 184 ක් පසු පසින් සිට නැවතත් ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නිරතව සිටින දඹුල්ල කණ්ඩායම දෙවැනි දිනට තරගය නිමා කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 47 ක් ලබා සිටියහ.

දඹුල්ල – ගෝල්

දඹුල්ල පළමු ඉනිම පන්දුවාර 48.5 කදී ලකුණු 155 යි – (නිමේෂ් ගුණසිංහ 31, ඩිලාන් ජයලත් 27, ලසිත් අබේරත්න 24, චලන ද සිල්වා 23, ලක්ෂාන් සඳකැන් 26*, කවිශ්ක අංජුල 23/5, අසංක මනෝජ් 35/2, රමේෂ් මෙන්ඩිස් 11/2, ප්‍රවීන් ජයවික්‍රම 27/1)

ගෝල් පළමු ඉනිම පන්දුවාර 90.2 කදී ලකුණු 339 යි – (ඇන්ජලෝ මැතිව්ස් 82, රමේෂ් මෙන්ඩිස් 60, කවිශ්ක අංජුල 69, ප්‍රවීන් ජයවික්‍රම 29, මිලාන් රත්නායක 11, විශාද් රන්දික 17, පසිඳු සූරියබණ්ඩාර 19, හෂාන් දුමිඳු 37, අසිත ප්‍රනාන්දු 70/3, විශ්ව ප්‍රනාන්දු 75/3, චලන ද සිල්වා 69/2, ලක්ෂාන් සඳකැන් 56/1, නිමේෂ් ගුණසිංහ 19/1)

දඹුල්ල පන්දුවාර 19.5 කදී කඩුලු 2 ට ලකුණු 47 යි – (නිමේෂ් ගුණසංහ 29, ඩිලාන් ජයලත් 13, රමේෂ් මෙන්ඩිස් 01/1, මිලාන් රත්නායක 24/1)

කලම්බු – කැන්ඩි

කලම්බු පළමු ඉනිම පන්දුවාර 64.5 කදී ලකුණු 214 යි – (ප්‍රභාත් ජයසූරිය 51, නිසල තාරක 38, රොෂේන් සිල්වා 21, නිපුන් ධනංජය 16, අවිශ්ක ප්‍රනාන්දු 10, මනෝජ් සරත්චන්ද්‍ර 10, ලක්ෂිත මානසිංහ 14, ඉසිත විජේසුන්දර 14, ලසිත් ඇඹුල්දෙනිය 60/5, නිම්සර අතරගල්ල 62/4, අම්ෂි ද සිල්වා 41/1)

කැන්ඩි පළමු ඉනිම පන්දුවාර 105කදී කඩුලු 7 කට ලකුණු 554යි – (ඔෂද ප්‍රනාන්දු 201, සඳුන් වීරක්කොඩි 144, ලසිත් කෲස්පුල්ලේ 29, සහන් ආච්චිගේ 32, අහන් වික්‍රමසිංහ 99*, නිසල තාරක 106/3, කලන පෙරේරා 69/1, ලක්ෂිත මානසිංහ 79/1, ප්‍රභාත් ජයසූරිය 169/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar