slc
logo
Home   |    News
ජනවාරි 11, 2023
පිතිකරුවෙක් විදියට මූලික පියවර සාර්ථකව අනුගමනය කළා – දසුන් ශානක

sinhala editor

කණ්ඩායම වෙනුවෙන් හොඳ ඉනිමක් ක්‍රීඩා හැකියාව ලැබුණේ පිතිකරුවෙක් විදියට මූලික පියවර සාර්ථකව අනුගමනය කළ නිසා බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඊයේ (10) ගුවහාති හීදී පැවැති පළමු එක්දින තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායකයා එසේ පැවැසීය.

ඉන්දියාවට එරෙහිව ගුවහාති බර්සපරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 67ක ජයක් ඉන්දීය පිල වාර්තා කළත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ දසුන් ශානක පන්දු 88කදී හයේ පහර 3ක් හා හතරේ පහර 12ක් සමග නොදැවී ලකුණු 108ක් රැස් කළේය. ශානක හා කසුන් රාජිත 9වැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 100ක සම්බන්ධතාවක් ගොඩ නගා ශ්‍රී ලංකාවේ 9 වැනි කඩුල්ලට හොදම දෙවැනි සම්බන්ධතාව වාර්තා කිරීම ද කැපී පෙනුනි. මෙහිදී දසුන් තම එක්දින තරග දිවියේ ලකුණු 1000 සීමාවද ඊයේ ඉක්මවා ලීමට සමත්වූවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක සිය පන්දු යවන්නන්ගෙන් බලාපොරොත්තු වූ කාර්ය ඉටු නොවීම ගැන කනගාටුව ප්‍රකාශ කළ අතර, මූලිකව ගොඩනගාගත් සැලසුම අනුව පන්දු යවන්නන් කටයුතු නොකළ බව සඳහන් කළේය.

“ ඉන්දීය පිතිකරුවන් හොඳ ආරම්භයක් ගත්තා. ඒ එක්කම ඔවුන් හොඳ තරගයක් ලබා දුන්නා. අපේ පන්දු යවන්නන්ට හොඳින් පන්දු යැවීමට හැකිවුණේ  නැහැ. නමුත් ඉන්දීය පන්දු යවන්නන් පන්දුව හොදින් දෝලනය කළා. ඒ දෝලනයත් එක්ක හොඳින් පන්දු යැව්වා. අපේ පන්දු යවන්නන්ට සැලසුම් තිබුණා. නමුත් ඒවා සාර්ථක කරගන්න බැරිවුණා. මම පිතිකරුවෙක් විදියට මූලික පියවර සාර්ථකව අනුගමනය කළා. ඒ නිසා තමයි හොඳ ඉනිමක් ක්‍රීඩා කරන්න පුළුවන් වුණේ“ දසුන් ශානක පැවැසීය.

“අපි පළමු ඕවර 10 තුළ වෙනස්කම් භාවිතා කළේ නැහැ. මම හිතන්නේ විස්සයි 20 තරඟවලදී ඉහළින් පන්දුවට පහර දිය යුතුයි, නමුත් කණ්ඩායමට මාව අවශ්‍ය වෙන ස්ථානයක් තියෙනවා“ හෙතෙම පැවැසීය.

මෙම තරගයේ අවසන් ඕවරයේදී දසුන් ශානක ලකුණු 98ක් රැස් කරගෙන සිටියදී ඉන්දීය පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමි ඔහුව ‘මෑන්කාඩ්‘ ක්‍රමයට දවා ගැනීමට උත්සහ කළේය. එහිදී ඉන්දීය නායක රෝහිත් ශර්මා එම දවා ගැනීම ඉල්ලා අස් කරගනිමින් දසුන්ට කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව ලබා දුන්නේ ක්‍රීඩාවේ මහත්මා ගුණය ආරක්ෂාකර ගනිමිනි. ඒ සමගම නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක සිය දෙවැනි අන්තර්ජාතික එක්දින ශතකය සම්පූර්ණ කළේය.

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

USD United States (US) dollar