slc
logo
Home   |    News
ජනවාරි 26, 2023
මදුෂ්ක සහ උදාර ශ්‍රී ලංකා ක්‍රිකට් XI අවධාන‌මෙන් මුදාගනිති

sinhala editor

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ අද (26 දා) දිවා භෝජනය සඳහා තරගය නිමා කරන විට පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 263 ක් ලබා එංගලන්ත ලයන්ස් පන්දු යවන්නන් හමුවේ ප්‍රබල පිළිතුරක් ලබාදීමට සමත්වූහ.

පළමු දිනය අවසනදී ලකුණු 56 ක් ලබා දිගු ඉනිමකට මුල පුරා සිටි මදුශ්ක අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිල වෙනුවෙන් අගනා ශතකයක් රැස් කළේය. එම ශතකයත් ළහිරු උදාරගේ ලකුණු 93 ත් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායමට හිස එසවීමට අවස්ථාව උදාවිය. මෙම පිතිහරඹය නිසා එංගලන්ත ලයන්ස් පිතිකරුවන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිතිකරුවෝද වේගයෙන් පන්දුවට පහර දීම කැපී පෙනිණ. දිවා භෝජනය සඳහා නතර කරන විට එංගලන්ත පිල යොමු කරන ලද පන්දුවාර 47 දී ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාරයකට 5.59 කට වඩා වේගයක් රදවා තබා ගැනීමට සමත්වූහ.

දේශීය ක්‍රීඩා සමාජ තරගාවලියේ ත්‍රිත්ව ශතකයක්ද සමගින් ලකුණු 1000 සීමාව ඉක්මවා ලීමට සමත් වූ නිශාන් මදුශ්ක ජැක් කාර්සන්ගේ පන්දුවක් හමුවේ සීමා ඉරෙන් ඉදිරියට පැමිණ එල්ල කරන ලද දැවැන්ත හයේ පහරත් සමඟ ශතකය සම්පූර්ණ කරගත්තේය. මුහුණ දුන් 113 වැනි පන්දුවේදී ශතකය සම්පූර්ණ කරගත් දකුණත් පිතිකරුවා දිවා භෝජනය වන විට ලකුණු 119 ක් ලබා අනෙක් අන්තයේ රැදී සිටියේය.

මුලු ලකුණු සංඛ්‍යාව 93 සිට ඇරැඹි මොවුන් දෙදෙනාගේ තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව බිද දැමීමට ලයන්ස් පිල නොයෙකුත් උපක්‍රම භාවිතා කළද ඒ කිසිත් මායිම් නොකළ මදුශ්ක – උදාර යුගල තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 170 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.

කෙටි පන්දු දුටු විට නිරන්තරයෙන්ම පුල් පහර එල්ල කිරීමට මොවුන් දෙපළ පෙළැඹීම නිසා එම පහරින්ම මොවුන් දවා ගැනීම එංගලන්ත කණ්ඩායමේ සැලසුම විය. ඒ පා ඉන්නත්, සීමා ඉරත් අතර පන්දු රකින්නන් දෙදෙනකුත්, සීමා ඉරට එහායින් රකින්නකුත් රඳවමින් කෙටි පන්දු වැළක් යොමු කළද ඉන් නොසැලුණු ළහිරු උදාර සහ මදුශ්ක සිත්සේ ලකුණු රැස් කළහ. එහෙත් ශතකයට ලකුණ 07 ක් තිබියදී ඉවසීම ඉහවහා යෑම නිසා සීමා ඉරෙන් ඉදිරියට පැන එල්ල කරන ලද ලෝන් ඔන් කළාපයේ සිටි 85 රැක ගැනීම නිසා ළහිරු උදාරගේ ඉනිම ලකුණු 93 කදී නිමාවට පත්විය. ඒ සමඟම විනිසුරුවරුන් දිවා විවේකය සඳහා තරගය අත්හිටුවීය.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee