slc
logo
Home   |    News
ජනවාරි 31, 2023
යහපත් මානසිකත්වය මා දක්ෂ පිතිකරුවකු බවට පත් කළා – සංගීත් කුරේ

sinhala editor

ක්‍රිකට් ක්‍රීඩාවේ මුලික  සිද්ධාන්ථ  වලට  ගරු කිරීම සහ තණ තිල්ලේ දෙකෙළවරෙහි පිතිකරුවන් අවබෝධයෙන්  යුතුව  ලකුණු කරා දුවයාම තමා පිතිකරුවකු ලෙස සාර්ථක වීමට ප්‍රධාන හේතූන්  වූ බව  ගෝල්  කණ්ඩායමේ ආරම්භක  පිතිකරු සංගීත් කුරේ ප්‍රකාශ  කරයි.

ආරම්භක  පිතිකරුවකු ලෙස  බොහෝ දුරට තමා සාර්ථක වී ඇතැයි පවසන  සංගීත් කුරේ ආරම්භක පිතිකරුවකු ලෙස පමණක්  නොව  මැදපෙළ පිතිකරුවකු ලෙසපිටියට  පිවිසියත් තමා නිතරම  උත්සහාගන්නේ එම  අවස්ථාවේ තරගයේ  පවතින  ස්වභාවය  හොදින්  තේරුම් ගෙන  පන්දුවට  පහරදීම යැයිද කියයි.

නොබෝදා නිමාවට පත්වු2022 මේජර් තුන් දින තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස  තේරුණු මෙම  පිතිකරුවා දැන්  පැවැත්වෙන  නැෂනල්  සුපර්ලීග් සිව්දින  තරගාවලියේදී  දෙවැනි සති අන්තයේ පැවැති ගෝල් – කැන්ඩි  තරගයේ  මුල්  ඉනිමේදී  ලකුණු 132 ක්ද    දෙවන   ඉනිමේදී   නොදැවී  ලකුණු  75ක්ද  ලබා   තම    කණ්ඩායමේ   කඩුලු දහයක  පහසු  ජයග්‍රහණයට මුල්  විණි.

2022 වසරේ  මේජර් තුන්දින තරගාවලියේ දී  කෝල්ට්ස් කණ්ඩායමට  නායකත්වය දුන්  සංගීත් කුරේ  ප්‍රබල  පිතිකරුවකු වීමට  යහපත් මානසිකත්වය බෙහෙවින්  බලපාන බවද  කිවේය. මේ සදහා ඔහුට සිය ඥාති සහෝදරයකු මඟ පෙන්වූ බවද සංගීත් සදහන් කර සිටියි.

“මගේ  ඥාති  සහෝදරයෙකු ඉන්නව පිහිණුම් ක්‍රීඩාව කරන. ඔහු මට කියලා දුන්න දෙයක් තමයි තරගයක නියැළෙනකොට මනස  නිරවුල්ව හරි ඒකාග්‍රතාවයකින් පවත්වාගෙන යෑම ඉතා වැදගත් වන බව. එය මා මගේ ක්‍රීඩාවට යොදා ගත්තා. එතැනදි මට තේරුණා මගේ පිතිකරණයට ඒක ගොඩක් ඉවහල් වුණා කියලා” යැයි සංගීත් සඳහන් කර සිටියේය.

පාකිස්තානු පිලේ නායක බාබර් අසාම් මෙන්ම ඉන්දියාවේ සුපිරි පිතිකරු විරාට් කෝලි සංගීත්ගේ ක්‍රිකට් දිවියේ ප්‍රියතම ක්‍රිකට් තරු යුගල වේ. යුද හමුදාවේ සාජන් මේජර්වරයකු වන සංගීත්ගේ පියා හරහා ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන විට සංගීත් යන්තම් වයස අවුරුදු 5 ඉක්මවූවෙක් විය. මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලින් ඉගෙනුම ලබා ඇති සංගීත් පාසලෙන් නික්ම යෑමෙන්  පසු මුවර්ස් ක්‍රීඩා සමාජය සම්බන්ධවී තිබේ.

රෂාන් පීරිස්, සචිත් සිල්වා මෙන්ම පසන් වනසිංහ සිය පාසල් වියේ පුහුනුකරුවන් බවට කටයුතු කළ බව පවසන සංගීත් ජාතික මට්ටමින්  පුහුණුකරුවන්  රැසක්ම තමන්ට මේ වන විට සහයෝගය ලබා දෙන බවද  පවසයි . වත්මන් ක්‍රීඩකයන් අතුරින්  ඇන්ජ්ලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න අනුගමනය කිරීමට කැමති බව  පවසන සංගීත් කුරේ දැනට  ශ්‍රී ලංකා  “ඒ” සහ  නැගී එන  කණ්ඩායම්  නියෝජනය කර ඇති  තමාගේ  මීළග  අරමුණ ජාතික කණ්ඩායමට  එක්ව දස්කම්  දැක්වීම බවද සඳහන් කර සිටියි.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee