slc
logo
Home   |    News
ජනවාරි 26, 2023
ලයන්ස් පිල නොසිතූ අසීරුතාවක

sinhala editor

ලකුණු 58 ක් පසු පසින් සිටි දෙවැනි ඉනිම ආරම්භ කල එංලන්ත දෙවැනි ඉනිමේ කඩුලු 8 ක් ලකුණු 164 ක් ඇතුළත දවා ගනිමින් නොසිතූ පීඩනයක් යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම අද (26 දා) සමත්වූහ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී එංගලන්ත පළමු ඉනිනම වෙනුවෙන් කඩුල 8 ක් දැවී රැස් කරගත් ලකුණු 413 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් XI කඩුලු 9 ට ලකුණු 355 ක් තිබියදී අත්හිටුවීය.

හෙට (27 දා) අවසන් වන මෙම තෙදින පුහුණු තරගයේ දෙවැනි ඉනිම වෙනුවෙන් ‌ඔලී රොබින්සන් පන්දු 25 කදී ලකුණු 39 ක් ද අලෙක්ස් ලීස් (27) සහ ලියම් පැටර්සන් (26) පමණක් ලකුණු 20 සීමාව ඉක්මවාලූහ. පන්දු යැවීමේදී කැපී පෙනුණු නායක සහන් ආරච්චිගේ සහ නිමේෂ් විමුක්ති කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

පළමු ඉනිමේදී ශතකයක් ලද ඇලෙක්ස් සීස් ලකුණු 27 ක් ලබා සිටියදී පන්දුවට පහර දීම පසෙක තබා පිටියෙන් ඉවත්විය. එතැන් පටන් පීඩනයතර කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරගය නිමා කරන තෙක්ම පීඩනය යොමු කළේ ඉතිරි කඩුලු 6 ම දවා ගනිමිනි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ අද (26 දා) තේ පානයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම කඩුලු 9 කට ලකුනු 355 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා නැවතත් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්ත ලයන්ස් පිලට ලබා දුන්නේය.

තේ පානය සඳහා තරගය 2.40 ට නවතා දැමිය යුතු වුවත්, ඒ වන විටත් අවසන් පිතිකරුවන් දෙපළ පන්දුවට පහර දෙමින් සිටි බැවින් එය ඉදිරි මිනිත්තු 30 කාලය දක්වා තරගය දිග්ගැස්සින. කෙසේ වෙතත් ඉන් මිනිත්තු 7 ක පමණ කාලයක් පන්දුවට පහර දීමෙන් අනතුරුව එංගලන්ත ලයන්ස් පිලට වඩා ලකුණු 58 ක් පිටුපසින් සිටදීම ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිල තීරණය කළේය.

දිවා ආහාරයට පෙර ශතකයක් ලබා සිටි නිශාන් මදුශ්ක අද දිනයේදී එය ලකුනු 150 සීමාවට රැගෙන එන තෙක් එංගලන්ත ලයන්ස් කිසිදු පන්දු යවන්නකු ඔහුව දව අසමත්විය. තේරීම් කමිටුව බලාපොරොත්තු වූ පිතිහරඹයේ වගකීම ඉටු කිරීමට මදුශ්ක සමත් වූයෙන් මුලු ලකුණු සංඛ්‍යාව 328 ක් ව තිබියදී ඉනිම අතර මඟ නවතා පිටියන් ඉවත් වූවේය.

මදුශ්කගේ නොබිඳුණු ලකුණු 150 ක ඉනිම සදහා ඔහු මුහුණ දී තිබුණේ පන්දු 158 ක් පමණි. ලබා ගත් ලකුනු 150 න් ලකුණු 102 ක්ම හයේ (1) සහ හතරේ (24) පහර වලින් රැස් කිරීමට මදුශ්ක සමත්වීම කැපී පෙනීණ.

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee