slc
Home   |    News
ජනවාරි 31, 2023
ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට

sinhala editor

Chamila Karawita reporting from Galle

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ අද (31 දා) ආරම්භ වුණු නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පළමු ඉනිම ලකුණු 136 කදී නිමා වද්දී ඊට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත ලයන්ස් කණ්ඩායම අයහපත් ආලෝක නිසා තරගය කළින් නිමා කරන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 කට ලකුණු 249 ක් ලබා ගැනීමට සමත්විය. ඒ අනුව ඔවුන් පළමු දිනයේදීම ශ්‍රී ලංකා ‘ඒ’ පිලට වඩා ලකුණු 113 කින් පෙරමු‌ණට පැමිණ සිටින්නේ තවත් කඩුලු 6 ක් අත දරාගෙනය.

තේ පානය වන විට කිසිවකු නොදැවී ලකුණු 89 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායමේ දැවී ගිය කඩුලු 3 ම තේ පානයත් තරග අවසානයත් අතර දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්විය. ඔවුන්ට ආවේණික සුපරුදු ප්‍රහාරාත්මක වේගය රඳවා ගනිමින් පන්දුවට පහර දෙමින් සිටින එංගලන්ත ලයන්ස් පිතිකරුවෝ සමස්ථ ඉනිම පුරා පන්දුවාරයකට ලකුණු 5.19 ක වේගයක් රඳවා තබා ගනිමින් පන්දුවට පහර දුන්හ.

පිතිකරුවන්ට යෝග්‍ය ලෙසින් සකසා තිබෙන ගාල්ල තණතීරුවේදී සත්කාරක කණ්ඩායම වාසිය ලබා ගැනීමට අසමත් වද්දී සිය උපරිම වාසිය තමන් ‌වෙතට හරවා ගත් ලයන්ස් පිතිකරුවන් අතරින් නායක හසීබ් හමීඩ් ඇතුළු තවත් පිතිකරුවන් තිදෙනකු අර්ධ ශතක වාර්තා කර ගැනීමට සමත්වූහ. මෙහිදී හසීබ් පන්දු 109 කදී ලකුනු 81 ක්ද සහ ඇලෙක්ස් ලීස් පන්දු 69 කදී ලකුණු 56 ක් රැස් කර ගනිද්දී ටොම් හේන්ස් පන්දු 71 කදී ලකුණු 61 ක් සහ ජොෂ් බොහනන් පන්දු 32 කදී ලකුණු 25 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

පන්දු යැවීමේදී වඩාත්ම සාර්ථක ප්‍රථිඵල අත්කර ගත්තේ ලසිත් ඇඹුල්දෙණිය විය. ලයන්ස් පිල මෙතෙක් ක්‍රීඩා කරන ලද පන්දුවාර 48 න් පන්දුවාර 17 ක්ම යැවූ ඇඹු‌ල්දෙණිය ලීස් සහ අබෙල්ගේ කඩුලු දවා ගත්තේ ලකුණු 89 ක් ලබා දෙමිනි.

පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹයෙන් ‌කදිම ප්‍රයෝජනයක් ගත් එංගලන්ත ලයන්ස් පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම ලකුණු 136 කදී නවතාලීමට සමත්වූහ. ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම පන්දුවාර 35.4 ක් වැනි අඩු පන්දුවාර සංඛ්‍යාවකදී නිමාවට වීමට සත්කාරක පිතිකරුවන්ගේ සංගමයක් නොමැති පිතිහරඹය මූලික විය.

දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ කඩුලු 6 ක් ලකුණු 101 ක් ඇතළතදී දවා ගැනීමට එංගලන්ත ලයනස් පන්දු යවන්නෝ සමත්වූහ. ඒ වන විටත් සදීර තම කඩුල්ල ආරක්ෂා කර ගැනීමට සමත්  වුවත්, දිවා ආහාරයෙන් පසු ලකුණු පුවරුවට ලකුණු 9 ක් එකතු වන අතරවාරයේදී උපායශීලී ලෙසින් සදීරව දවා ගැනීමට ලයන්ස් පන්දු යවන්නෝ සමත්වූහ.

අංක 5 පිතිකරු ලෙසින් පිටියට පිවිසි සදීර සමරවික්‍රම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් වගකීමක් ගෙන පන්දුවට පහර දෙන අයුරු දැක ගත හැකි විය. පන්දු 60 කට මුහුණ දුන් සදීර ලකුණු 43 ක් ලබා ගත් නමුත්, එංගලන්ත ලයන්ස් උගුලට ඔහුට සිරවිණ. ඩීප් ස්කෙවයර් ලෙග්, ෂෝර්ට් ස්කෙවයාර් ලෙග් සහ ඩීප් ෆයින් ලෙග් කළාප වල පන්දු රකිනන් යෙදවූ එංගලන්ත නායකයා සදීරව දවා ගැනීම වෙනුවෙන් මැතිව් ෆිෂර්ට කෙටි පන්දු වැළක් යවන ලෙස උපදෙස් දුන්නේය.

නායකයාගේ අන අකුරට පිළි පැදි දකුණත් වේග පන්දු යවන්නා වැඩි වශයෙන් උරහිස ප්‍රදේශයට වන පන්දු යැවීමට වැඩිපුර නැඹුරු විය. ඒ අතරතුර සිය සංයමය බිඳ ගත් සදීර පහරක් එල්ල කිරීමට යෑම එය පිත්තේ ඉහත දාරයේ වැදී පන්දුව ඩීප් ෆයින්ලෙග් ලෙග් සහ ෂෝර්ට් ස්කෙවයාර්ලෙග් අතරට ඇදී ගිය අතර එය ඩිප් ෆයින්ලෙග්හි පන්දු රැකි පැටර්සන් පැමිණ සුරැකිව රැක ගත්තේය.

මිනිත්තු 75 ක් පුර පිටියේ රැඳුණු සදීරගේගේ කඩුල්ල ෆිෂර්ගේ දෙවැනි කඩුල්ල විය. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල වුණු නිශාන් මදුශ්ක (01) ෆිෂර්ගේ පළමු කඩුල්ල වූ අතර දිවා ආහාරයට නවතාලන තෙක්ම ඔහු දවා ගෙන තිබුණේ එම කඩුල්ල පමණි. කෙසේ වෙතත් දිවා ආහාරයෙන් පසු යළිත් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ ෆිෂර් ලකුණු 11 ක් ඇතුළත අවසන් කඩුලු 4 ම දවා ගත්තේ සමස්ථ තරගයේ පන්දු යැවීම පන්දුවාර 9.4 කදී කදී නිලකුණු පන්දුවාරයක්ද සමඟ ලකුණු 34 කට කඩුලු 5 ක් වශයෙනි.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest