slc
logo
Home   |    News
ජනවාරි 31, 2023
ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම 136 න් නවතියි

sinhala editor

Chamila Karawita reporting from Galle

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ අද (31 දා) ආරම්භ වුනු නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹයෙන් ‌කදිම ප්‍රයෝජනයක් ගත් එංගලන්ත ලයන්ස් පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම ලකුණු 136 කදී නවතාලීමට සමත්වූහ. ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම පන්දුවාර 35.4 ක් වැනි අඩු පන්දුවාර සංඛ්‍යාවකදී නිමාවට වීමට සත්කාරක පිතිකරුවන්ගේ සංගමයක් නොමැති පිතිහරඹය මූලික විය.

දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ කඩුලු 6 ක් ලකුණු 101 ක් ඇතළතදී දවා ගැනීමට එංගලන්ත ලයනස් පන්දු යවන්නෝ සමත්වූහ. ඒ වන විටත් සදීර තම කඩුල්ල ආරක්ෂා කර ගැනීමට සමත්  වුවත්, දිවා ආහාරයෙන් පසු ලකුණු පුවරුවට ලකුණු 9 ක් එකතු වන අතරවාරයේදී උපායශීලී ලෙසින් සදීරව දවා ගැනීමට ලයන්ස් පන්දු යවන්නෝ සමත්වූහ.

අංක 5 පිතිකරු ලෙසින් පිටියට පිවිසි සදීර සමරවික්‍රම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් වගකීමක් ගෙන පන්දුවට පහර දෙන අයුරු දැක ගත හැකි විය. පන්දු 60 කට මුහුණ දුන් සදීර ලකුණු 43 ක් ලබා ගත් නමුත්, එංගලන්ත ලයන්ස් උගුලට ඔහුට සිරවිණ. ඩීප් ස්කෙවයර් ලෙග්, ෂෝර්ට් ස්කෙවයාර් ලෙග් සහ ඩීප් ෆයින් ලෙග් කළාප වල පන්දු රකිනන් යෙදවූ එංගලන්ත නායකයා සදීරව දවා ගැනීම වෙනුවෙන් මැතිව් ෆිෂර්ට කෙටි පන්දු වැළක් යවන ලෙස උපදෙස් දුන්නේය.

නායකයාගේ අන අකුරට පිළි පැදි දකුණත් වේග පන්දු යවන්නා වැඩි වශයෙන් උරහිස ප්‍රදේශයට වන පන්දු යැවීමට වැඩිපුර නැඹුරු විය. ඒ අතරතුර සිය සංයමය බිඳ ගත් සදීර පහරක් එල්ල කිරීමට යෑම එය පිත්තේ ඉහත දාරයේ වැදී පන්දුව ඩීප් ෆයින්ලෙග් ලෙග් සහ ෂෝර්ට් ස්කෙවයාර්ලෙග් අතරට ඇදී ගිය අතර එය ඩිප් ෆයින්ලෙග්හි පන්දු රැකි පැටර්සන් පැමිණ සුරැකිව රැක ගත්තේය. මිනිත්තු 75 ක් පුර පිටියේ රැඳුණු සදීරගේගේ කඩුල්ල ෆිෂර්ගේ දෙවැනි කඩුල්ල විය. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල වුණු නිශාන් මදුශ්ක (01) ෆිසර්ගේ පළමු කඩුල්ල වූ අතර දිවා ආහාරයට නවතාලන තෙක්ම ඔහු දවා ගෙන තිබුණේ එම කඩුල්ල පමණි. කෙසේ වෙතත් දිවා ආහාරයෙන් පසු යළිත් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ ෆිසර් ලකුණු 11 ක් ඇතුළත අවසන් කඩුලු 4 ම දවා ගත්තේ සමස්ථ තරගයේ පන්දු යැවීම පන්දුවාර 9.4 කදී කදී නිලකුණු පන්දුවාරයක්ද සමඟ ලකුණු 34 කට කඩුලු 5 ක් වශයෙනි.

Active filters

Recent Posts

  • පියුමි වත්සලාගෙන් ශතකයක්: සුගන්ධිකා පතිරණගෙන් ලකුණු 5ට කඩුලු 6ක්
    කාන්තා ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පානදුර – බදුරලිය – යුද හමුදා – කෝල්ට්ස් – ගුවන් හමුදා ජය ලබති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා […]
  • සීසීසී කාන්තා පිලට ලකුණු 148ක දැවැන්ත ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පන්දු 55කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 62ක් ලැබූ කොළඹ ක්‍රිකට් සමාජයේ (සීසීසී) කෞෂනී නුත්‍යාංගා […]
  • මහනුවර පරාජය කළ ගාල්ල දෙවැනි තැනට
    කොළඹ උතුරෙන් දඹුල්ලට ප්‍රහාරයක් මෙරට අනාගත ක්‍රිකට් තරු සෙවීම උදෙසා ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ […]
  • බී.ආර්.සී. – නුගේගොඩ ජය ගනිති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) දිනයේදී ජයග්‍රහණ දෙකක් අත්කර ගැනීමට බී.ආර්.සී. සහ නුගේගොඩ කණ්ඩායම් සමත් විණි. මොවුන් මෙම […]
  • සධීර, කුසල් සහ ධනංජයගෙන් කැපී පෙනන දස්කම්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (18) දිනයේ විශේෂ සිදුවීම් වූයේ ටැමිල් යුනියන් – සෙබස්ටියනයිට්ස් තරගයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ […]
USD United States (US) dollar

Pin It on Pinterest