slc
logo
Home   |    News
ජනවාරි 19, 2023
සමාරම්භක දිනයේදී පන්දු යවන්නන්ගේ දස්කම් කැපී පෙනෙති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානත්නයෙන් අද (19 දා) ආරම්භ කරන ලද ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය තුළදී පන්දු යවන්නන්ගේ දක්ෂතා කැපී පෙනුණි.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ගෝල් කණ්ඩායමේ කවිශ්ක අංජුල දඹුල්ල පිලට එරෙහිව ලකුණු 23 කට කඩුලු 5 ක් බිඳ හෙළද්දී එස්.එස්.සී පිටියේ පැවැති තරගයේදී කැන්ඩි කණ්ඩායමේ ලමිත් ඇඹුල්දෙණිය ලකුණු 60 කට කඩුලු 5 ක් සහ නිම්සර අතරගල්ල ලකුණු 62 කට කඩුලු 4 ක් දවාගනිමින් එසේ දක්ෂතා දැක්වූහ.

දඹුල්ල සහ ගාල්ල

තරගයේ පළමු දිනය අවසන් වන විට දඹුල්ල පිල පළමු ඉනිම වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 155 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ගෝල් කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 90ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනා ගනිමින් දඹුල්ල ක්‍රීඩකයින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ට පන්දුවාර 48.5ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වුනේ ලකුණු 155ක් පමණි.

දඹුල්ල කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ නිමේෂ් ගුරුසිංහ ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වෙද්දී, ඩිලාන් ජයලත් ලකුණු 27ක්, ලක්ෂාන් සඳකැන් නොදැවී ලකුණු 26ක් සහ ලසිත් අබේරත්න ලකුණු 24ක් ලබා ගැනීමට සමත්වූහ.

පන්දු යැවීමේ දී ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වූ කවිෂ්ක අංජුලට අමතරව අසංක මනෝජ් සහ නායක රමේෂ් මෙන්ඩිස් කඩුලු 2බැගින් දවාගත්හ.

ගාල්ල කණ්ඩායම වෙනුවෙන් හෂාන් දුමිඳු ලබා ගත් ලකුණු 37, ඇන්ජලෝ මැතිව්ස් සහ පසිඳු සූරියබණ්ඩාර නොදැවී පිළිවෙළින් ලබා ගත් ලකුණු 22 සහ 16 නිසා දිනය අවසානයේ ලකුණු 90ක් ලබා ගනිමින් තරගයේ පෙරමුණ ගැනීමට ගාල්ල ක්‍රීඩකයින්ට හැකියාව ලැබිණ.

මහනුවර සහ කොළඹ

තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ කොළඹ ක්‍රීඩකයින්ට පන්දුවාර 64.5ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 214ක් පමණි. ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින කැන්ඩි කණ්ඩායම පළමු දිනට තරගය නිමා කරන විට කඩුලු 2 කට ලකුණු 92 ක් ලබා කලම්බු පිලට ප්‍රබල පිළිතුරක් දීමේ දූදානමක පෙර නිමිති පෙන්නුම් කළේය.

කොළඹ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වෙමින් අගනා අර්ධ ශතකයක් රැස් කිරීමට (51) දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හැකි වූ අතර නිසල තාරක ලකුණු 38ක් සහ ‍රොෂේන් සිල්වා ලකුණු 21ක් කොළඹ කණ්ඩායම වෙනුවෙන් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන මහනුවර කණ්ඩායම වෙනුවෙන්  ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 32ක් සහ සඳුන් වීරක්කොඩි නොදැවී ලකුණු 30ක් ලබා සිටියහ. ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ලකුණු 29ක් රැස් ලබා ගත්තේය.

කලන පෙරේරා සහ නිසල තාරක කොළඹ කණ්ඩායම වෙනුවෙන් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

ආර්. ප්‍රේමදාස පිටියේදී

දඹුල්ල පන්දුවාර 48.5 කදී ලකුණු 155 යි – නිමේෂ් ගුරුසිංහ 31, ඩිලාන් ජයලත් 27, ලක්ෂාන් සඳකැන් 26*, කවිෂ්ක අංජුල 23/5, රමේෂ් මෙන්ඩිස් 11/2, අසංක මනෝජ් 35/2

ගාල්ල පන්දුවාර 29කදී කඩුලු 3 ට ලකුණු 90 යි – හෂාන් දුමිඳු 37, ඇන්ජලෝ මැතිව්ස් 22*, පසිඳු සූරියබණ්ඩාර 16

⁣එස්.එස්.සී පිටියේදී

කලම්බු පන්දු වාර 64.5 කදී ලකුණු 214 යි– ප්‍රභාත් ජයසූරිය 51, නිසල තාරක 38, රොෂේන් සිල්වා 21, ලසිත් ඇඹුල්දෙණිය 60/5, නිම්සර අතරගල්ල 62/4

කැන්ඩි පන්දු වාර 20 කදී කඩුලු 2 කදී ලකුණු 96/2 යි – ඕෂධ ප්‍රනාන්දු 32*, සඳුන් වීරක්කොඩි 30*, ලසිත් කෲස්පුල්ලේ 29

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee