slc
Home   |    News
ජනවාරි 17, 2023
සිව්දින තරගාවලියේ පුහුණුකරුවන් නම් කෙරෙයි

sinhala editor

අනිද්දා (19 දා) ආරම්භ වන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රකාශයට පත් කරන ලද පුහුණු කාර්යය මණ්ඩලයට පිට පිටම තෙවතාවක් ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව ජැෆ්නා පිලට දිනා දුන් තිළිණ කණ්ඩම්බිවද ඇතුළත් කර තිබේ. ඒ අනුව ඔහුට මෙම තරගාවලියේදීද ජැෆ්නා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය ලබාදී තිබේ.

පළමු වතාවට පැවැති නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලියේදීද ජැෆ්නා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද කණ්ඩම්බි එම තරගාවලියේදී අනුශූරතාව දක්වා ජැෆ්නා පිල රැගෙන යෑමට සමත්වූවේය. කෙසේ වෙතත් එම තරග වාරයේ අවසන් මහ තරගයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වෙමින් ශූරතාව දිනා ගන්නා ලද කැන්ඩි කණ්ඩායමේ පුහුණුකරු ධුරය යළිත් මලින්ද වර්ණපුරට ලබාදීම විශේෂත්වයකි.

ඔහුට අමතරව කලම්බු කණ්ඩායමට රුවින් පීරිස්, ගෝල් කණ්ඩායමට රුවන් කල්පගේ සහ දඹුල්ල කණ්ඩායමට අවිශ්ක ගුණවර්ධනව ප්‍රධාන පුහුණුකරුවන් ලෙසින් නම් කර තිබේ. මේ අතර මෙවර තරගාවලිය සඳහා සහාය ප්‍රධාන පුහුණුකරුවන් තිදෙනෙකුද පත් කර තිබෙන අතර ඔවුන වන්නේ ධම්මික සුදර්ශන (ජැෆ්නා), උපුල් චන්දන (දඹුල්ල) සහ මනෝජ් අබේවික්‍රම (කැන්ඩි)ය.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest