slc
Home   |    News
පෙබරවාරි 9, 2023
ආරම්භක පිතිකරුවෝ පළමු ඉනිමේ පරතරය පියවති

sinhala editor

Chamila Karawita reporting from Galle

ලකුණු 73 ක් මුල් ඉනිමේදී පිටුපසින් සිටි නැවතත් දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ තේ පානය සදහා අද (09 වැනිදා) තරගය නිමා කරන විට කිසිවකු නොදැවී ලකුණු 73 ක් ලබා පළමු ඉනිමේ පරතරය පියවා ගැනීමට සමත්ව සිටියහ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේදී එංගලන්ත ලයන්ස් පිල සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 405 ක් රැස් කර ගැනීමට සමත්විය.

එංගලන්ත පිතිකරුවන් මෙන්ම දෙවැනි ඉනිමේදී තරමක් වේගවත් ආරම්භයක් ලබා ගනිමින් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා ‘ඒ’ ආරම්භක පිතිකරුවන් යුගල සිය කඩුලු ආරක්ෂා කර ගනිමින් සිටීමද විශේෂත්වයකි. නිශාන් මදුශ්ක හතරේ පහර 4 ක් ද සමඟ පන්දු 40 කදී ලකුණු 38 ක්ද  ලසිත් කෲස්පුල්ලේ හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමඟ පන්දු 32 කදී ලකුණු 34 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටිති.

පෙර දිනයේ පරිදිම අද උදෑසනද සිය ප්‍රහාරාත්මක පිතිහරඹ රටාව දියත් කළ ජැමී ස්මිත් අපයසුවකින් තොරව ශතකය ලබා ගත්තේය. විශ්ව ප්‍රනාන්දුට එරෙහිව හතරේ පහරක් එල්ල කරමින් ස්මිත් සිය ශතකය සම්පූර්ණ කර ගන්නා ලද්දේ මුහුණ දුන් 71 වැනි පන්දුවේදීය. පෙර දිනයේ පන්දු 56 කින් ලකුණු 86 ක් ලබා සිටි ස්මිත් ශතකය සඳහා වූ ලකුණු 14 සඳහා පන්දු 15 ක් වැය කළේය.

දිවා ආහාරය වන විට කඩුලු 7 කට දැවී ලකුණු 355 ක් ලබා සිටි ලයන්ස් කණ්ඩායමේ තවත් හෝරාවක පමණ කාලයක් පන්දුවට පහර දුන්නේය. එහිදී වැඩිම කඩුලු ලාභියා වූයේ චාමික කරුනාරත්නය. හේ ලකුණු 84 කට කඩුලු 4 ක් දවා ගනිද්දී විශ්ව ප්‍රනාන්දු ලකුනු 83 කට කඩුලු 3 ක් දවා ගත්තේය. ප්‍රවීන් ජයවික්‍රමට කඩුලු 2 ක් හිමිවද්දී ඇඹුල්දෙනිය එක් කඩුල්ලක් දවා ගත්තේය.

ශතකය වාර්තා කරන තෙක් කිසිදු අත්වැරැද්දක් සිදු නොකිරීමට වග බලා ගත් ලයන්ස් කඩුලු රකින්නා ලකුණු 103 ක් ලබා සිටියදී ලසිත් ඇඹුල්දෙණියගේ  පන්දුවකට ලෝංග් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි විශ්ව ප්‍රනාන්දසුගේ අතටද ලකුණු 120 ක් ලබා සිටියදී පන්දු යැවූ ප්‍රවීන් ජයවික්‍රම අතටද උඩ පන්දු ලබා දුන්නද ඉන් ප්‍රයෝජනයක් ලබා ගැනීමට ඔවුහු අසමත් වූහ. එහෙත් ස්මිත්ට වැඩි වේලා කඩුල්ලේ රැදී සිටීමට චාමික කරුණාරත්න අවස්ථාව ලබා නොදුන්නේය. පිට ඉන්නට පිටතින් යවන ලද පන්දුවට එල්ල කරන ලද කට් පහර පොයින්ට් කළාපයේ පන්දු රැකී ළහිරු උදාර විසින් සුරැකිව රැක ගන්නා විට ජැමී ස්මිත්ගේ ඉනිම ලකුණු 126 දී නිමාවට පත්විය. පන්දු 82 කින් සමන්විත වූ ස්මිත්ගේ ඉනිම හතරේ පහර 13 කින් සහ යයේ පහර 8 කින් සමන්විත විය.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම පන්දුවාර 88.1 කදී සියලු දෙනා දැවී ලකුණු 332 යි – (ලසිත් කෲස්පුල්ලේ 128, නිශාන් මදුශ්ක 22, නිවනිඳු ප්‍රනාන්දු 22, නිපුන් ධනංජය 61, ලක්ෂිත මානසිංහ 43, ලසිත් ඇඹුල්දෙණිය 42, ජොෂ් ටංග් 76/5, සෑම් කුක් 69/2, මැතිව් ෆීෂර් 83/2)

 

 

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest