slc
logo
Home   |    News
පෙබරවාරි 16, 2023
‘ඒ’ සංචිතයේ වෙනසක්

sinhala editor

එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ වෙනසක් සිදුකිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. පළමු එක්දින තරගය සඳහා නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයේ සිටි ක්‍රීඩකයින් තිදෙනෙකු මුදා හැර තිබෙන අතර ඒ වෙනු‌වට තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු නම් කර තිබ‌ේ.

චාමික කරුණාරත්න, ප්‍රවීන් ජයවික්‍රම සහ මිලාන් රත්නායක නවසීලන්ත තරග සංචාරය ඉලක්ක කර ගනිමින් රදැල්ලේදී හෙට ආරම්භ වන දින 7 ක පුහුණු කඳවුර සදහා පිටත්ව යන අතර ඒ වෙනුවට දුනිත් වෙල්ලාලගේ, අම්ෂි ද සිල්වා සහ ඉසිත විජේසුන්දරව කණ්ඩායමට එක් කර තිබේ.

එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘එ්’ කණ්ඩායම කඩුලු 4 ක පරාජයක් ලැබුණු බැවින් තරගාවලිය 1-0 ක් ලෙස සංචාරක පිල පෙරමුණට පැමිණ සිටියි.

ශ්‍රී ලංකා ‘ඒ’ – සදීර සමරවික්‍රම (නායක), අවිශ්ක ප්‍රනාන්දු, ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, දුශාන් හේමන්ත, ප්‍රමෝද් මදුශාන්, කවිශ්ක අංජුල, ඉසිත වි‌ජේසුන්දර, අම්ෂි ද සිල්වා, ළහිරු උදාර, නිපුන් ධනංජය, සුමින්ද ලක්ෂාන්.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee