slc
Home   |    News
පෙබරවාරි 19, 2023
කලම්බු හඬවා දඹුල්ල අවසන් සිව්දෙනාගේ සටනට

sinhala editor

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පස්වැනි සහ අවසන් සති අන්තය යටතේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති දඹුල්ල සහ කලම්බු අතර තරග තීරණාත්මක තරගය පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනෙමෙින් ජය පැරදුමෙන් තොරව අද (19 දා) නිමාවට පත්විය. කෙසේ වෙතත් පළමු ඉනිමේ ජයක් වාර්තා කළ දඹුල්ල කණ්ඩායම තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වූවේය.

මෙම තරගයේ ජයග්‍රහණය මත තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට යන්නේ කවුරුන්ද යන්න තීරණය වීමට නියමිතව තිබූ අතර එහිදී පළමු ජයක් වාර්තා කළ දඹුල්ල කන්ඩායම අවසන් කන්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලැබීය.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ගෝල්, දෙවැනි ස්ථානයේ පසුවන දඹුල්ල, තෙවැනි ස්ථානයේ පසුවන ජැෆ්නා සහ සිව්වැනි ස්ථානයේ පසුවන කැන්ඩි කණ්ඩායම් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබද්දී කලම්බු කණ්ඩායම පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවනු ඇත.

මිනෝද් භානුක නොදැවී ලකුණු 186 ක් වාර්තා කිරීමට සමත්වීම නිසා දඹුල්ල දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 401 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට අවස්තාව උදාවිය. දඹුල්ල දෙවැනි ඉනිම හමාර වන විටත් සිය අන්තය ආරක්ෂා කරගෙන සිටි මිනෝද් භානුක පන්දු 216 කට මුහුණ දී සිය ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 19 කින් වර්ණවත් කරගෙන සිටියේය.

පන්දු යැවීමේදී දුශාන් විමුක්ති ලකුණු 121 කට කඩුලු 5 ක් බිඳ හෙළද්දී තරිදු රත්නායක ලකුණු 111 කට කඩුලු තුනක් දවාලූවේය.

ඒ අනුව ලකුණු 485 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කලම්බු කණ්ඩායමට තරගය අවසන් වන විට කඩුලු 3 ක් දැවී රැස් කර ගැනීමට සමත්ව සිටියේ ලකුණු 110 ක් පමනි. තරගය නිමා කරන විට ප්‍රමෝද් මදුවන්ත පන්දු 81 කදී ලකුණු 53 ක් සහ රොෂේන් සිල්වා එක් ලකුණක් ලබා කඩුල්ලේ රැදී සිටියහ.

දඹුල්ල – පළමු ඉනිමට ලකුණු 341යි (ඕවර් 105) – නිමේෂ් ගුණසිංහ 19, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 26, සනෝජ් දර්ශික 43, මිනෝද් භානුක 73, අශාන් ප්‍රියංජන නොදැවී 114, චමිඳු විජේසිංහ 27, රනිත් ලියනාරච්චි නොදැවී 23 ( හිමේෂ් රාමනායක 76/4, නුවන් ප්‍රදීප් 67/2, දුෂාන් විමුක්ති 72/2, තරිදු රත්නායක 60/1)

කළම්බු පළමු ඉනිමට ලකුණු  257යි (ඕවර් 85.2)- ක්‍රිෂාන් සංජුල 57, නවින්දු නිර්මාල් 46, රොෂේන් සිල්වා නොදැවී 65, ලක්ෂිත මනසිංහ 20, ප්‍රමෝද් මධුවන්ත 24, තරිදු රත්නායක 23 ( ළහිරු සමරකෝන් 63/6, වනිදු හසරංග 70/2, දෙවිදු තිලකරත්න 37/1, අශාන් ප්‍රියංජන 23/1)

දඹුල්ල – දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 401 යි (ඕවර් 101.5) – නිමේෂ් ගුණසිංහ 17, සනෝජ් දර්ශික 29, මිනෝද් භානුක නොදැවී 186, අශාන් ප්‍රියංජන 32, වනිදු හසරංග 40, චමිඳු විජේසිංහ 38, දුවිඳු තිලකරත්න 27, දුෂාන් විමුක්ති 121/5, තරිදු රත්නායක 22.5/3)

කලම්බු – දෙවැනි ඉනිම කඩුලු 3 ට ලකුණු 50 යි (ඕවර් 32) – (ප්‍රමෝද් මදුව්ත 53*, නවිදු නිර්මාල් 30, කුසල් ජනිත් 24)

 

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest