slc
Home   |    News
පෙබරවාරි 9, 2023
ලයන්ස්ලා ‘ඒ’ පළමු ඉනිම අභිබවති

sinhala editor

Chamila Karawita reporting from Galle

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (09 වැනිදා) දිවා භෝජනය සදහා තරගය නිමා කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම අභිබවා යෑමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත්ව සිටියේය. වර්තමාන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී එංගලන්ත පිල අනුගමනය කරනු ලබන ප්‍රහාරාත්මක පිතිහරඹ රටාව තෙවැනි දින උදෑසනත් ක්‍රියාත්මක කරමින් ලකුණු පුවරුව 355 ක් දක්වා ඉහළට දමා ගැනීමට සමත් වද්දී ශ්‍රී ලංකා ‘ඒ’ පන්දු යවන්නෝ තවත් කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වූහ. ඒ අනුව ලයන්ස් පිල ලකුණු 23 කින් පෙරමුණ ගෙන සිටින්නේ තවත් කඩුලු 3 ක් අද දරාගෙනය.

පෙර දිනයේ පරිදිම අද උදෑසනද සිය ප්‍රහාරාත්මක පිතිහරඹ රටාව දියත් කළ ජැමී ස්මිත් අපයසුවකින් තොරව ශතකය ලබා ගත්තේය. විශ්ව ප්‍රනාන්දුට එරෙහිව හතරේ පහරක් එල්ල කරමින් ස්මිත් සිය ශතකය සම්පූර්ණ කර ගන්නා ලද්දේ මුහුණ දුන් 71 වැනි පන්දුවේදීය. පෙර දිනයේ පන්දු 56 කින් ලකුණු 86 ක් ලබා සිටි ස්මිත් ශතකය සඳහා වූ ලකුණු 14 සඳහා පන්දු 15 ක් වැය කළේය.

ශතකය වාර්තා කරන තෙක් කිසිදු අත්වැරැද්දක් සිදු නොකිරීමට වග බලා ගත් ලයන්ස් කඩුලු රකින්නා ලකුණු 103 ක් ලබා සිටියදී ලසිත් ඇඹුල්දෙණියගේ  පන්දුවකට ලෝංග් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි විශ්ව ප්‍රනාන්දසුගේ අතටද ලකුණු 120 ක් ලබා සිටියදී පන්දු යැවූ ප්‍රවීන් ජයවික්‍රම අතටද උඩ පන්දු ලබා දුන්නද ඉන් ප්‍රයෝජනයක් ලබා ගැනීමට ඔවුහු අසමත් වූහ. එහෙත් ස්මිත්ට වැඩි වේලා කඩුල්ලේ රැදී සිටීමට චාමික කරුණාරත්න අවස්ථාව ලබා නොදුන්නේය. පිට ඉන්නට පිටතින් යවන ලද පන්දුවට එල්ල කරන ලද කට් පහර පොයින්ට් කළාපයේ පන්දු රැකී ළහිරු උදාර විසින් සුරැකිව රැක ගන්නා විට ජැමී ස්මිත්ගේ ඉනිම ලකුණු 126 දී නිමාවට පත්විය. පන්දු 82 කින් සමන්විත වූ ස්මිත්ගේ ඉනිම හතරේ පහර 13 කින් සහ යයේ පහර 8 කින් සමන්විත විය.

දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා වූයේ ඇලෙක්ස් ලීස්ය. ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දුවකට රිවර් ස්වීප්  පහරක් එල්ල කිරීමට යෑමේදී එය පිත්තේ නිසියාකාරව නොවැදිණ. ප්‍රතිඵලය වූයේ එය ස්ලිප් ස්ථානයේ පන්දු රැකි කමිදු මෙන්ඩිස් විසින් අල්ලා ගැනීමය.

දෙවැනි දිනයේදී දරුණු ප්‍රහාරයකට ලක් වුවද පෙරවරුවේ දැවී ගියේ එංගලන්ත ඉනිමේ කඩුලු 4 න් කඩුලු 2 ක්ම චාමික විසින් දවා ගනිද්දී ජයවික්‍රම සහ ඇඹුල්දෛණිය කඩුල්ල බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම පන්දුවාර 88.1 කදී සියලු දෙනා දැවී ලකුණු 332 යි – (ලසිත් කෲස්පුල්ලේ 128, නිශාන් මදුශ්ක 22, නිවනිඳු ප්‍රනාන්දු 22, නිපුන් ධනංජය 61, ලක්ෂිත මානසිංහ 43, ලසිත් ඇඹුල්දෙණිය 42, ජොෂ් ටංග් 76/5, සෑම් කුක් 69/2, මැතිව් ෆීෂර් 83/2)

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest