slc
Home   |    News
පෙබරවාරි 26, 2023
වනිඳුගෙන් වේගවත් ඉනිමක්

sinhala editor

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් පූර්ව තරගයේ නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින දඹුල්ල කන්ඩායම තෙවැනි දිනය වන අද (25 දා) තරගය නිමා කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 254 ක් ලබා සිටියි.

දඹුල්ල දෙවැනි ඉනිම වෙනුවෙන් ප්‍රවේගකාරී පපිතිහරඹයක නිරත වුණු වනිඳු හසරංග ලකුණු 95 ක් ලබා ශතකය පෙනී පෙනී දැවී ගියේය. පන්දු 66 ක් පමණක් ඒ සදහා වැය කළ දකුණත් පිතිකරුවා ඒ සදහා හයේ පහර 6 ක් සහ හතරේ පහර 7 ක් ඉනිමට එල්ල කළේය. ඔහුට අමතරව පළමු ඉනිමේදී ශතකයක් රැස් කළ පවන් රත්නායක ලකුණු 47 ක් රැස් කළේය.

දඹුල්ල කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස් කරන ලද ලකුනු 426 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ලද ජැෆ්නා කන්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස් කිරීමට සමත් වූයේ ලකුණු 236 කි. මෙම තරගයේදී දඹුල්ල පිල වෙනුවෙන් ක්‍රීඩා කළ පා දඟ පන්දු යවන්නන් දෙදෙනා වන වනිඳු හසරංග සහ දුශාන් හේමන්ත හමුවේ ජැෆ්නා පිතිකරුවන් අසරණ විය.

දැවී ගිය කඩුලු 10 න් 6 කටම හිමිකම් කීවේ පා දඟ පන්දු යවන වනිඳු හසරංගය. ඔහු පන්දුවාර 19.4 ක් යවමින් නිලකුණු පන්දු වාර 7 කදී ලකුනු 46 කට කඩුලු 6 ක් දවා ගත්තේ කලකට පසු රතු පන්දුවෙන් දස්කම් අතරට පැමිණෙමිනි.  ඔහුට අමතරව එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී කඩුලු 11 ක් දවා ලමින් තරගාවලියේ වීරයා බවට පත් වුණු දුශාන් හේමන්ත ලකුණු 51 කට කඩුලු  2 ක් දවා ගත්තේය.

ජැෆ්නා පළමු ඉනිම වෙනුවෙන් නැවතත් ලකුණු අතරට පිවිසි රොන් චන්ද්‍රගුප්ත ලකුණු 97 ක් ලබා ශතකය පෙනී පෙනී හසරංග හමුවේ දැවී ගියේය. පන්දු 135 කට මුහුණ දුන් වමත් ආරම්භක පිතිකරුවා ඒ සදහා හතරේ පහර 11 ක් ඉනිමට ඇතුළත් කළේය.

ඉදිරි පෙළ පිතිකරුවන් අතරින් සිව් දෙනෙකුම ලකුණු 20 සීමාව ඉක්මවාලීමට සමත් වුවත් ඔවුනට විශාල ලකුණු සංඛ්‍යාවන් කරා යෑමේ අවස්ථාව අහුරාලීමට පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ. පෙර සතියේදී ලකුණු 195 ක් ලබා ගත් ළහිරු මදුශංක අද දිනයේදී ලබා ගන්නා ලද්දේ ලකුණු 34 ක් පමණි. නායක සදීර සමරවික්‍රමද ලකුණු 34 කට දැවී යෑම ජැෆ්නා පිලට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය.

හෙට තරගයේ සිව්වැනි සහ අවසන් දිනයයි.

දඹුල්ල පළමු ඉනිමට ලකුණු 426යි ( ඕවර් 122.4) ගයාන් මනීෂාන් 51, අභිෂේක් ලියනාරච්චි 37, පවන් රත්නායක 117, සනෝජ් දර්ශික 47, අශාන් ප්‍රියංජන 49, චමිදු විජේසිංහ 28, දුෂාන් හේමන්ත 37, ළහිරු සමරකෝන් 43 ( ෂශික දුල්ෂාන් 131/6, ඒෂාන් මාලිංග 65/3)

ජැෆ්නා – පළමු ඉනිමට 236 යි (ඕවර් 58.4) රොන් චන්ද්‍රගුප්ත 97, අවිශ්ක තරිදු 22, සධීර සමරවික්‍රම 34, ජනිත් ලියනගේ 23, ළහිරු මධුසංඛ 34, රවිඳු ප්‍රනාන්දු 13, වනිඳු හසරංග 46/6, දුශාන් හේමන්ත 51/2,

දඹුල්ල‌ දෙවැනි ඉනිම 254/6 යි – (ගයාන් මනීෂාන් 18, අබිෂේක් ලියනාරච්චි 11, පවන් රත්නායක 47, සනෝජ් දර්ශික 29, අශාන් ප්‍රියන්ජන් 31, වනිඳු හසරංග 95, ජෙෆරි වැන්ඩර්සි 68/2)

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest