slc
logo
Home   |    News
මාර්තු 15, 2023
අවුරුදු 23 න් පහළ අවසන් පූර්ව තරග මාර්තු 15 දා ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග මාර්තු මස 15 සහ 16 වැනිදා කොළඹදී පැවැත්වේ.

මෙහිදී කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ටැමිල් යුනියන් සහ රාගම ක්‍රීඩා සමාජයත් කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී එස්. එස් සී. සහ මුවර්ස් ක්‍රීඩා සමාජයත් තරග වදිති.

මූලික තරග වටය යටතේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටිම කණ්ඩායම් 4 අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලැබූහ. මෙහිදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග වැදි ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය තරග 5 කදී එක් පූර්ණ ජයක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 3 ක් ද, ‘බී’ කාණ්ඩයෙන් තරග වැදි එස්. එස්. සී. ක්‍රීඩා සමාජය තරග 4 කදී පූර්ණ ජයග්‍රහණ 3 ක් සහ එක් පළමු ඉනිමේ ජයක් ද, ‘සී’ කාණ්ඩයෙන් තරග වැදි මුවර්ස් ක්‍රීඩා සමාජය තරග 4 කදී එක් පූර්ණ ජයක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 3 ක් ද සහ ‘ඩී’ කාණ්ඩය යටතේ තරග වැදි රාගම ක්‍රීඩා සමාජය තරග 5 කදී පූර්ණ ජයග්‍රහණ 2 ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ  2 ක් සමඟින් අදාළ කාණ්ඩවල පෙරමුණට පැමිණියහ.

 

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee