slc
Home   |    News
මාර්තු 13, 2023
ක්‍රිකට් තරගාවලි දෙකකට ශ්‍රී ලංකා යොවුන් පිල ‘වැලිකතරට’

sinhala editor

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම් සමඟ වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා  ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම මාර්තු 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව යනු ඇත.

මාර්තු 20 වැනිදා ආරම්භ වන මෙම තුන්කොන් තරගාවලිය ලබන මාර්තු 30 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙනු ඇත. ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම තුන්කොන් තරගාවලියේ තරග කීපයක් දිවා/රාත්‍රී ලෙසින් පැවැත්වෙන අතර අවසන් මහ තරගය මාර්තු 30 වැනිදා ටොලරන්ස් ඔ්වල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමග තරග 2 කටත් ඇෆ්ගනිස්තානය සමඟ තරග 2 කටත් වශයෙන් සමස්ථ තරග 4 කට සහභාගිවනු ඇත. එහිදී පළමු තරගය මාර්තු 20 වැනිදා බංග්ලාදේශ පිලට එරෙහිව සයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහභාගිවේ. මාර්තු 22, 26 සහ 28 පෑවත්වෙන ‌තරග 3 ම ටොලරන්ස් ඔ්වල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඇෆ්ගනිස්තාන යොවුන් කණ්ඩායම සමඟ එක්දින තරග දෙකකටද සහභාගිවීමට නියමිත අතර එම තරග දෙක අප්‍රේල් මස 01 වැනිදා සහ දෙවැනිදා ටොලරන්ස් ක්‍රීඩාංගණයේදී සහභාගිවනු ඇත. එම තරග දෙකද දිවා/රාත්‍රී තරග ලෙසින් පැවැත්වේ.

තුන්කොන් තරගාවලියේ කාල සටහන

මාර්තු 20 – ශ්‍රී ලංකාව සහ  බංග්ලාදේශය අතර දිවා තරගය සයිඩ් ක්‍රීඩාංගණයේදී

මාර්තු 22 – ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර දිවා/රාත්‍රී තරගය ටොලරන්ස් ක්‍රීඩාංගණයේදී

මාර්තු 26 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දිවා/රාත්‍රී තරගය ටොලරන්ස් ක්‍රීඩාංගණයේදී

මාර්තු 28 – ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය දිවා/රාත්‍රී තරගය ටොලරන්ස් ක්‍රීඩාංගණයේදී

 

ද්වීපාර්ශ්වික එක්දින තරගාවලිය

අප්‍රේල් 01 – පළමු එක්දින තරගය (දිවා/රාත්‍රී) ටොලරන්ස් ක්‍රීඩාංගණය

අප්‍රේල් 02 – දෙවැනි එක්දින තරගය (දිවා/රාත්‍රී) ටොලරන්ස් ක්‍රීඩාංගණය

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest