slc
Home   |    News
මාර්තු 17, 2023
රාගම ක්‍රිකට් පිල අවසන් මහ සටනට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී මුලින් පන්දුවට පහරදුන් රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිමට ලබාගත් ලකුණු 311ට පිළිතුරු ලෙස ටැමිල් යූනියන් පිල පළමු ඉනිම ලකුණු 240කට සීමා වූ හෙයින් හෙයින් රාගම ක්‍රිකට් පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

කොළඹ ක්‍රිකට් සමාජ (සීසීසී) පිටියේ පැවැති මෙම අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනාගත් ටැමිල් යූනියන් පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ අතර, රාගම ක්‍රිකට් සමාජය ඊයේ පළමු දිනට තරගය නතර කරද්දී ඕවර් 90කට මුහුණදී කඩුලු 8ක් දැවී ලකුණු 302ක් වාර්තා කිරීමට සමත් වූ අතර අද (16) දිනයේ තවත් ඕවර් 4.3කට මුහුණ දෙමින් සිය ඉනිම නිමා කළේය.

ටැමිල් යූනියන් පිලේ ආරම්භක පිතිකරු සිතාර හපුහින්න වේගයෙන් ලකුණු රැස්කළ අතර, ඔහු පන්දු 37කදී හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් සමග ලකුණු 41ක් ලබා සිටියදී ඒෂාන් මාලිංගගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් දැවී ගියේය. සිතාර හපුහින්න හා අනෙක් අන්තයේ සිටි නවෝද් පරණවිතාන අතර පළමු කඩුල්ලට ලකුණු 61ක සම්බන්ධතාවක් ගොඩ නැගුණි.

නවෝද් පරණවිතාන පන්දු 157කදී හයේ පහරක් හා හතරේ පහර 10ක් සමග ලකුණු 102ක් ලබා ගත්තද රාගම පිලේ පළමු ඉනිමේ ලකුණු පසු කිරීමට සමත් නොවුණි. නවෝද් සමග එක්වූ තරිදු හර්ෂණ දෙවැනි කඩුල්ලට ලකුණු 60ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර, තරිදු හර්ෂණ ලකුණු 26කට දැවී ගියේය.

පළමු ඉනිමේ ජය වාර්තා කළ රාගම ක්‍රිකට් සමාජයේ රන්මිත් ජයසේන පන්දු 217කට මුහුණදී හයේ පහරක් හා හතරේ පහර 15ක් සමග ලකුණු 139ක් වාර්තා කිරීමට සමත් වූවේය. කොළඹ සාන්ත පීතර විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි රන්මිත් ජයසේන හා ඩිලෝන් පීරිස් අතර 6වැනි කඩුල්ලට ලකුණු 105ක සම්බන්ධතාවක් ගොඩනැගුණු අතර, ඩිලෝන් පීරිස් පන්දු 103කට මුහුණදී හතරේ පහර 3ක් සමග ලකුණු 43ක් ලබා ගත්තේය.

කල්හාර සේනාරත්න හා රන්මිත් ජයසේන අතර 8 වැනි කඩුල්ලට ලකුණු 104ක සම්බන්ධතාවක් ගොඩනැගී සිටියදී කවිදු පතිරත්නගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව රන්මිත් ජයසේන දැවී ගියේය. පන්දු යවන්නෙකු ලෙස රාගම ක්‍රීඩා සමාජයේ නම්දරා සිටින කල්හාර සේනාරත්න නොදැවී ලකුණු 60ක් වාර්තා කිරීම ද කැපී පෙණුනි.

ටැමිල් යූනියන් පිල වෙන්වෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ යාපනය මැදි විදුහලෙන් බිහිවූ විජේකාන්ත් වියෙස්කාන්ත් ලකුණු 85කට කඩුලු 3ක්, මීගමුව මාරිස්ටෙලා විදුහලෙන් බිහිවූ නවීන් ප්‍රනාන්දු ලකුණු 25කට කඩුලු 2ක් හා වීරකැටිය මැදි විදුහලෙන් බිහිවූ දුලාජ් සුමින්ද ලකුණු 43කට කඩුලු2 බිද හෙලීමට සමත් විය.

නැගී එන ක්‍රිකට් තරු කරලියට ගෙන එමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටි කණ්ඩායම් 4 අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලැබූහ.

රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 311යි (ඕවර් 94.3)
දුලාජ් බණ්ඩාර 15, අවිශ්ක තරිදු 10, රන්මිත් ජයසේන 139, ඩිලෝන් පීරිස් 43, කල්හාර සේනාරත්න නොදැවී 60 ( කවිදු පතිරත්න 22/1, දුලාජ් සුමින්ද 43/2, විජේකාන්ත් වියෙස්කාන්ත් 85/3, නවීන් ප්‍රනාන්දු 25/2, රවීන් ද සිල්වා 33/1)

ටැමිල් යූනියන් පිල සියළු දෙනා දැවී ක් දැවී ලකුණු 240 යි (ඕවර් 67.5)
නවෝද් පරණවිතාන 105, සිතාර හපුහින්න 41, තරිදු හර්ෂණ 26, දලිදු පතිරණ 20, කවිදු පතිරණ 13, නවීන් පුනාන්දු නොදැවී 18 ( කල්හාර සේනාරත්න 50/2, ඒෂාන් මාලිංග 29/1, ඩිලෝන් පීරිස් 51/4, ශෂික දුල්ෂාන් 52/1, යොහාන් ලියනගේ 22/2 )

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest