ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක තියුණු ජයක් ලබා ගත්තේය. මෙම තරගාවලියේ කැන්ඩි පිල තරග තුනකට සහභාගීවී වාර්තා කළ පළමු ජයග්‍රහණය මෙය වීම විශේෂත්වයකි.
රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ගෝල් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව කැන්ඩි පිල ඕවර් 50 තුලදී සියළු දෙනා දැවී ලකුණු 293ක් වාර්තා කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ක්‍රීඩකයෝ සියළු දෙනා ඕවර් 49.4කදී ලකුණු 285කට සීමා විය. ගෝල් පිලේ ජයග්‍රහණයට අවසන් ඕවර් දෙකේදී කඩුලු 4ක් අතැතිව ලකුණු 15ක් ලබාගත යුතුව තිබියදී එම අවසන් කඩුලු හතර ලකුණු 5කදී දවා ගැනීමට පුලින තරංග හා මොවින් සුබසිංහ සමත් වීමෙන් ජයග්‍රහණය පහසු වූහ.
දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වූ ළහිරු උදාර පන්දු 108කට මුහුණදී හතරේ පහර 12ක් එල්ල කරමින් තම ඉනිම වර්ණවත් කළ අතර, ඔහුට අනගි සහයක් දුන් අහන් වික්‍රමසිංහ පන්දු 77කදී හයේ පහරක් හා හතරේ පහර 8ක් සමග ලකුණු 71ක් එල්ල කළේය. ළහිරු හා අහන් එක්ව සිවුවැනි කඩුල්ලට පන්දු 145කදී ලකුණු 141ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ. එය මෙම ඉනිමේ ජයග්‍රාහී සබඳතාව විය.
ගෝල් ආරම්භක පිතිකරු සොහාන් ඩී ලිවේරා පන්දු 44කදී හතරේ පහර 9ක් සමග ලකුණු 52ක් ලබා තරගයේ රිද්මය ගොඩනැගූ අතර, පැතුම් කුමාර පන්දු 68කදී හයේ පහරක් හා හතරේ 4ක් සමග ලකුණු 66කින් ගෝල් ඉනිම ශක්තිමත් කළද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවුණි. මුල් පෙළ ලබාදුන් වේගය ජයග්‍රාහීව නිමා කිරීමට අවසන් පිතිකරුවෝ අසමත්වීම ගෝල් පරජයට හේතු විය.
කැන්ඩි – සියළු දෙනා දැවී ලකුණු 293 (ඕවර් 50) – සදුන් වීරක්කොඩි 24, ළහිරු උදාර 109, අහන් වික්‍රමසිංහ 71, පුලින තරංග 30, අසෙල් සිගේරා 18 ( කවිෂ්ක අංජුල 54/2, මොහොමඩ් සිරාස් 45/2, ප්‍රවීන් ජයවික්‍රම 53/2, අකිල ධනංජය 41/3)
ගෝල් – සියලු දෙනා දැවී ලකුණු 285 (ඕවර් 49.4) – සොහාන් ඩී ලිවේරා 52, මොහොමඩ් සිරාස් 19, ධනංජය ලක්ෂාන් 21, පසිදු සූරියබණ්ඩාර 13, ලක්ෂාන් එදිරිසිංහ 39, පැතුම් කුමාර 66, සුමින්ද ලක්ෂාන් 42 ( අශේන් ඩැනියෙල් 36/3, තනුක දාබරේ 63/1, පුලින තරංග 43/3, මොවින් සුබසිංහ 15/3 )