slc
logo
Home   |    News
මාර්තු 20, 2023
ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක තියුණු ජයක් ලබා ගත්තේය. මෙම තරගාවලියේ කැන්ඩි පිල තරග තුනකට සහභාගීවී වාර්තා කළ පළමු ජයග්‍රහණය මෙය වීම විශේෂත්වයකි.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ගෝල් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව  කැන්ඩි පිල ඕවර් 50 තුලදී සියළු දෙනා දැවී ලකුණු 293ක් වාර්තා කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ක්‍රීඩකයෝ සියළු දෙනා ඕවර් 49.4කදී ලකුණු 285කට සීමා විය. ගෝල් පිලේ ජයග්‍රහණයට අවසන් ඕවර් දෙකේදී කඩුලු 4ක් අතැතිව ලකුණු 15ක් ලබාගත යුතුව තිබියදී එම අවසන් කඩුලු හතර ලකුණු 5කදී දවා ගැනීමට පුලින තරංග හා මොවින් සුබසිංහ සමත් වීමෙන් ජයග්‍රහණය පහසු වූහ.

දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වූ ළහිරු උදාර පන්දු 108කට මුහුණදී හතරේ පහර 12ක් එල්ල කරමින් තම ඉනිම වර්ණවත් කළ අතර, ඔහුට අනගි සහයක් දුන් අහන් වික්‍රමසිංහ පන්දු 77කදී හයේ පහරක් හා හතරේ පහර 8ක් සමග ලකුණු 71ක් එල්ල කළේය. ළහිරු හා අහන් එක්ව සිවුවැනි කඩුල්ලට පන්දු 145කදී ලකුණු 141ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ. එය මෙම ඉනිමේ ජයග්‍රාහී සබඳතාව විය.

ගෝල් ආරම්භක පිතිකරු සොහාන් ඩී ලිවේරා පන්දු 44කදී හතරේ පහර 9ක් සමග ලකුණු 52ක් ලබා තරගයේ රිද්මය ගොඩනැගූ අතර, පැතුම් කුමාර පන්දු 68කදී හයේ පහරක් හා හතරේ 4ක් සමග ලකුණු 66කින් ගෝල් ඉනිම ශක්තිමත් කළද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවුණි. මුල් පෙළ ලබාදුන් වේගය ජයග්‍රාහීව නිමා කිරීමට අවසන් පිතිකරුවෝ අසමත්වීම ගෝල් පරජයට හේතු විය.

කැන්ඩි – සියළු දෙනා දැවී ලකුණු 293 (ඕවර් 50) – සදුන් වීරක්කොඩි 24, ළහිරු උදාර 109, අහන් වික්‍රමසිංහ 71, පුලින තරංග 30, අසෙල් සිගේරා 18 ( කවිෂ්ක අංජුල 54/2, මොහොමඩ් සිරාස් 45/2, ප්‍රවීන් ජයවික්‍රම 53/2, අකිල ධනංජය 41/3)

ගෝල් – සියලු දෙනා දැවී ලකුණු 285 (ඕවර් 49.4) – සොහාන් ඩී ලිවේරා 52, මොහොමඩ් සිරාස් 19, ධනංජය ලක්ෂාන් 21, පසිදු සූරියබණ්ඩාර 13, ලක්ෂාන් එදිරිසිංහ 39, පැතුම් කුමාර 66, සුමින්ද ලක්ෂාන් 42 ( අශේන් ඩැනියෙල් 36/3, තනුක දාබරේ  63/1, පුලින තරංග 43/3,  මොවින් සුබසිංහ 15/3 )

තරග තීරක ප්‍රදීප් ජයප්‍රකාශ්දරන් මහතා අතින් ළහිරු උදාර තමන්ට හිමි තරගයේ වීරයා සම්මානය ලබා ගනිමිනි. 

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා පිල ලකුණු 54ක් ඉදිරියෙන්
    ‍සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. […]
  • බදුරලිය – කුරුණෑගල යූත් ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල […]
  • ඔස්ට්‍රේලියාව ලකුණු 73කින් ඉදිරියට
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 257ට පිළිතුරු […]
  • ශ්‍රී ලංකාව පළමු දිනය නිමාවෙද්දී කඩුලු 9කට 229යි
    සාචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 9කට ලකුණු 229ක් ලබා සිටියේය. ගාල්ල […]
  • දිමුත්ට ගාලු පිටියේදී ගෞරවනීය උපහාර පිදීමක්
    පුරා වසර 13ක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් බිමේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගය සේම ටෙස්ට් පිටියේ ඔහු ක්‍රීඩා කරනු දක්නට […]

Pin It on Pinterest

USD United States (US) dollar