slc
logo
Home   |    News
අප්‍රේල් 26, 2023
තෙවැනි දිනය තීරණාත්මකයි – ප්‍රභාත් ජයසූරිය

sinhala editor

CHAMILA KARAWITA REPORTING FROM GALLE

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දින දෙකක් අවසන් වී ඇතත් ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය සඳහන් කර සිටින්නේ තරගයේ ප්‍රතිඵලයක් ගැනීමට තවමත් අවස්ථාව පවතින බවයි.

ගෙවුණු දින දෙකේදී අයර්ලන්ත කණ්ඩායම පැය 10 කුත් මිනිත්තු 40 ක කාලයක් පුරා පන්දුවට පහර දෙමින් ලකුණු 492 ක් ලබා ප්‍රබල ඉලක්කයක් ශ්‍රී ලංකාව හමුවේ තැබීය. 145.3 කදී අයර්ලන්ත ඉනිම දෙවැනි දි තේ පානය වන විට අවසන් වූ අතර ශ්‍රී ලංකාවට දිනය අවසන් වීමට මත්තෙන් පන්දුවාර 34 ක් ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබිණ. එහෙත් 19 වැනි පන්දුවාරයේ පළමු පන්දුව යොමු කිරීමත් සමඟ තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා පන්දුවාර 15.5 ක් දිනයේ අපතේ ගියේය.

“තරගයේ වැදගත්ම දිනය වන්නේ තුන්වැනි දිනයයි. අපි බැට් කරලා හොද ස්කෝර් එකක් බෝඩ් එකට දැම්මොත් අනිවාර්යයෙන්ම මේ මැච් එකේ ඩිෂිෂන් එකක් ගන්න තියෙන චාන්ස් එක තියෙනවා” යැයි ජයසූරිය සදහන් කර සිටියේය.

අයර්ලන්ත ඉනිමේ ක්‍රියාත්මක පන්දුවාර වලින් පන්දුවාර 59 ක්ම ක්‍රියාත්මක කරන ලද්දේ ප්‍රභාත් ජයසූරිය විසිනි. තරග 7 ක ටෙස්ට් තරග දිවියේ ජයසූරිය ඉනිමක ක්‍රියාත්මක කරන ලද වැඩිම පන්දුවාර සංඛ්‍යාව ලෙසින් සටහන් වුණු මෙම ඉනිමේදී කඩුලු ලබා ගැනීම එතරම් පහසු නොවූ බව සදහන් කරන ජයසූරිය ඒ සඳහා ඉවසීම කඩුලු ලබා ගැනීමට සාධකයක් වූ බවද සඳහන් කර සිටියේය.

“අව් රශ්මියත් එක්ක පන්දු යවන එක අමාරු වුණා. අපි සෙල්ලම් කරන තණතීරුවත් මං හිතන්නේ කළින් සෙල්ලම් කළාට වැඩිය ගොඩක් වෙනස් තණතීරුවක් තිබුණේ. ඉතිං ඉවසීම කියන දේ මං හිතන්නේ මේ තරගයේදී බලපෑව කඩුලු ලබා ගන්න. මොකද මේ වගේ තණතීරුවක කඩුලු ලබා ගන්න නම් අපිට ගොඩක් වෙලා එක තැනක එක දෙයක් කරගෙන ඉන්න ඔ්න. ලේසියෙන් කඩුල්ලක් ලබාගන්න හම්බ වුණේ නෑ. මොකද එයාලත් කළින් තරගයට වඩා හොඳින් බැට් කරා” යනුවෙන් ජයසූරිය පැවැසීය.

තම පන්දු යවන්නන් අතින් ලබා නොදිය යුතු ලකුණු සංඛ්‍යාවක්ද ප්‍රතිවාදීන් වෙත ගිය බව සදහන් කර සිටි අවම තරග සංඛ්‍යාවකින් ඩුලු 50 ක් බිඳ හෙළන ලද දඟ පන්දු යවන්නාගේ ලෝක වාර්තාව හඹා යමින් සිටින වමත් දඟ පන්දු යවන්නා, මේ මට්ටමින් හෝ නවතාලීමට හැකියාව ලැබීම සෑහීමකට පත්විය හැකි කරුණක් බවද සඳහන් කර සිටියේය.

ජයසූරියගේ 7 වැනි ටෙස්ට් තරගය වන මෙම තරගයේදී කුණු 174 කට කඩුලු 5 ක් බිද හෙළමින් සිය තරග දිවියේ 6 වැනි වතාවටත් කඩුලු 5 ක් දවා ගැනීමට ජයසූරිය සමත්වූවේය. මේ තත්ත්වයත් සමග ඔහුගේ පේද්ගලික කඩුලු සංඛයාව 48 ක් දක්වා ඉහළ දමාගෙන සිටියි. ලෝක වාර්තාව සඳහා ඔහුට තවත් අවශ්‍ය වන්නේ කඩුලු 2 ක් පමණි. එහෙත් ඒ පිළිබඳව ජයසූරිය පවසා සිටින්නේ මෙවැනි අදහසකි.

“පෞද්ගලිකවම මට සතුටුයි. ක්‍රීඩකයෙක් විදියට ක්‍රීඩා කරනකොටා පුද්ගලික බලාපොරොත්තු තියෙනවා. නමුත් ඒවා ‌ඔලුවේ තියාගෙන ක්‍රීඩා කළෝතින් මම හිතන්නේ මැච් එක මැදදි අපිට හරියට කරගන්න වෙන්නේ නෑ, මැච් එකෙන් පස්සේ තමයි ඒ දේවල් බලන්නේ. නමුත් දෙවැනි ඉනිමක් ආවොත් මම හිතන්නේ ඒකත් තරගයට අවශ්‍ය විදියට ක්‍රීඩා කරනවා. ලෝක වාර්තාව තියන්න ලැබුණොත් ලොකු සතුටක් මගේ ක්‍රිකට් ජීවිතයේ” යනුවෙන් ජයසූරිය පවසයි.

තරගයේ දෙවැනි දින අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රභාත් ජයසූරිය පහත පරිදි අදහස් දක්වා සිටියේය.

තෙවැනි දින සැලසුම….

“හොද තණතීරුවක් ලැබිලා තියෙන්නේ.  අපි ගාව උත්සාහ කරලා බලන්න ‘ඒ’ සහ ‘බී’ වශයෙන් සැලසුම් දෙකක් තියෙනවා. අපි පටන් ගත්තේ බේසික් දේවල් වලින්. ඊට පස්සේ කඩුලු එන්නේ නෑ කියලා කියලා අපිට තේරෙනකොට කඩුල්ල වටා යමින් පන්දු යැවීම උත්සාහ කළා. තරගයට අවශ්‍ය විදියට තමයි අපි අපේ සැලසුම් දියත් කළේ”.

තමාගේ කාර්යය භාරය….

“අපි ක්‍රීඩා කරන්නේ පන්දු යවන්නන් 4 දෙනෙක්ගෙන්. ගොඩක් වෙලාටව වේග පන්දු යවන්නන් දෙදෙනෙක් ක්‍රීඩා කරන නිසා  දඟ පන්දු යවන්නෙක්ට එක පැත්තක ලකුණු නතර කරගෙන ඉන්න ඩියුටිය කරන්න ඔ්න වෙනවා. මගේ කාර්යය වුණේ එක පැත්තකින් ලකුණු අඩුවට තියන් නතර කරගෙන ඉන්න එක’.

වර්ෂාවත් සමග තණතීරුවේ වෙනස…

“මම හිතන්නේ නෑ ලොකු වෙසක් වෙයි කියලා විකට් එකේ. මේක උදේ වෙනකම් එක දිගට වැස්සොත් සමහර විට වෙනසක් වෙන්න පුලුවන්. එහෙම නොවුණොත් තනතීරුවෙන් ලොකු වෙනසක් වෙන්නේ නැති වෙයි.  ගොඩක් වෙලාවට කලින් තරගයට ක්‍රීඩා කරපු තණතීරුව තරම් මේක ඉක්මනට වෙනස් වෙන එකක් නෑ. මොකද අපි තණතීරුව මුල දවසෙ ඉඳනිම් දැක්කා පොඩ්ඩක් ෆ්ලැට් විකට් එකක් තියෙන්නේ. මම හිතන්නේ නෑ වැස්සට එච්චර ඉක්මනට චේන්ජ් වෙයි කියලා. නමුත් සමහර විට හතරවැනි පස්වැනි දවස වෙනකොට තණතීරුව දඟ පන්දු යවන්නන්ට හොඳ වෙයි”.

Active filters

Recent Posts

  • ශදාබ් සහ ගුර්බාස් කලම්බු ස්ට්‍රයිකර්ස්ට ජය ගෙනෙති
    By Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙසින් අද (14 දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් වාර්තා […]
  • පිළිකා මර්ධනයට LPL අත හිත 
    අගහිඟකම්වලට මුහුණ පා සිටින අතරතුර, පිළිකාවන් ද වැළඳී වේදනා විඳිමින් ළතැවෙමින් දුක් සුසුම්ළන මේ සමාජයේ අපේම මව්වරුනට සොහොයුරියනට, දරුවන්ට අත්වැළක් වන්නට වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයනට අවස්ථාවක් උදාවන්නේ නම් එය […]
  • සුපිරි පන්දුවාරයේදී ගෝල් මාවල්ස් ජය ලබයි
    By Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (14 දා) පස්වරුවේ පැවැති ගෝල් මාවල්ස් සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම් අතර තරගය සුපිරි පන්දුවාරය දක්වා දිග හැරුණු අතර […]
  • හතරේ සීමාවේ දුර අඩුද…? වැඩිද…? ජැෆ්නා නායකයාගේ අදහස
    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී හතරේ සීමා මඳක් කෙටි කිරීමෙන් ඉදිරි ජාත්‍යන්තර තරග සඳහා කිසිදු අවාසිදායක තත්ත්වයක් ඇති නොවන බවත් උසස් මට්ටමේ තණතිලිවල ක්‍රීඩා කරද්දී පිතිකරුවනට දක්ෂ අයුරින් පහර […]
  • හයේ වරුසාවක් සමඟින් ජැෆ්නා ක්‍රීඩකයෝ 5 වැනි ජය ලබති
    Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර හෙවත් කොළඹ අදියර ආරම්භ කරමින් පැවැති පළමු තරගයේදීම කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායම විසින් ලබා දුන් ලකුණු 79 ක ඉලක්කය හඹා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee
logo