slc
logo
Home   |    News
මැයි 15, 2023
අවු. 23 න් පහළ කාන්තා ක්‍රිකට් – කොළඹ ආධිපත්‍ය බිඳ දමමින් ශූරතාව ගම්පහට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති වයස අවුරුදු 23 න් පහළ කාන්තා දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ ශූරතා දිනා ගැනීමට ගම්පහ, ගාල්ල, යාපනය, අනුරාධපුර, සහ මහනුවර යන දිස්ත්‍රික් කණ්ඩායම් සමත්වූහ. ඒ අතරින් ශූරතාව දිනූ කණ්ඩායම් 5 ම අපරාජිතව එම කුසලාන දිනා ගැනීමද කැපී ‌පෙනිණ. මෙහි ඇති විශේෂත්වය වූයේ බස්නාහිර පළාත නියෝජනය කරමින් තරග වැදි කණ්ඩායම් අතරින් ශූරතාව කොළඹින් ගම්පහට රැගෙන යෑමට සමත්වීමයි.

එම ශූරතාව වෙනුවෙන් අද කොළඹ දකුණු පිලට එරෙහිව අද පැවැති තරගය තීරණාත්මක විය. එම තරගයේදී ගම්පහ කණ්ඩායම විසින් ලකුණු 05 ක තියුණු ජයක් වාර්තා කරමින් අභිනව දිස්ත්‍රික් තරගාවලියේ ශූරතාව ගම්පහට රැගෙන ගියේය.

අද තරගයේ ලද ජයත් සමඟ ගම්පහ කණ්ඩායම් මූලික තරග වටයේ සහභාගිවූ තරග 6 න් 3 ක් ජය ගනිමින් ශූරියන් ලෙසින් කිරුළු පැළඳූවේ සෙසු තරග 3 ම විසඳුමකින් තොරව අවසන් වූ බැවිනි.  එම කාණ්ඩයේ තරග වැදි කොළඹ දකුණ සහ, කොළම උතුරු කණ්ඩායම් ජයග්‍රහණ 2 බැගින් ලබද්දී කලුතර කණ්ඩායම ජයග්‍රහණ 2 ද් වාර්තා කළහ.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගම්පහ කණ්ඩායම පන්දුවාර 20 දී කඩුලු 5 ට ලකුණු 130 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී කොළඹ දකුනු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 දී රැස් කරගත හැකි වූයේ කඩුලු 8 ට ලකුණු 125 ක් පමණි.

මේ අතර අද පැවැති සෙසු තරග 3 දී කෑගලු කණ්ඩායම විසින් මඩකලපු කණ්ඩායම ලකුණු 133 කින්ද, කුරුණෑගල පිල විසින් පුත්තලම් පිල ලකුණු 57 කින්ද සහ කලුතර කණ්ඩායම විසින් කොළඹ උතුරු කණ්ඩායම කඩුලු 4 කින්ද (ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව) ජය වාර්තා කළහ.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඪිකාවන් සොයා ගැනීම මෙන්ම ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක් සූදානම් කර ගැනීමේ අරමුණු කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවම නියෝජනය වන පරිදි දිස්ත්‍රික්ක 26 ක් මෙම තරගාවලිය සඳහා මූලික වටයේදී තරග වැදුණහ. එහීදී බස්නාහිර පලාත නියෝජනය කරමින් කණ්ඩායම් 4 ක්, දකුණු පළාත නියෝජනය කරමින් කණ්ඩායම් 6 ක්, උතුරු පළාත නියෝජනය කරමින් කණ්ඩායම් 5 ක්, උතුරු මැද සහ වයඹ පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් 6 ක් සහ මධයම සහ නැගෙනහිර පලාත් නියෝජනය කරමින් කණ්ඩායම් 6 ක් මෙවර තරගාවලියේදී තරග වැදිණ.

ගම්පහ පිලට ලකුණු 05 ක ජයක්

ගම්පහ කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 130 යි – (නිමේෂා තරුනි 23, නෙත්මි ගුණරත්න 34, සඳලි වීරසිංහ 22, නිකේෂා විජේසේකර 12, විදුෂිකා පෙරේරා 10)

කොළම දකුණ පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 125 යි – (ශිකාරි ද සිල්වා 66, හරිනි පෙරේරා 20, ඉමල්ෂි යසාරා 12, විදුෂිකා පෙරේරා 27/2, සඳලි වීරසිංහ 12/2, නිකේෂා විජේසේකර 29/2, හසිනි විජේසිංහ 16/2)

කෑගල්ලට ලකුණු 133 ක ජයක්

කෑගල්ල කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණ 170 යි – (රුවනි වත්සලා 35, ඩිල්ෂානි කුමාරසිරි 28, රන්දි වාසනා 59, ජුලියාන් ජෙසුදාසන් 30/2)

මඩකලපුව කාන්තා කණ්ඩායම ප්දුවාර 15.1 කදී ලකුණු 37 යි – (රන්දි වාසනා 10/4, නදීෂානි සෙනෙවිරත්න 09/3, ඩිල්ෂානි කුමාරසිරි 08/2)

 

කුරුණෑගලට පිලට ලකුණු 57 ක ජයක්

කුරුණෑගල කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 130 යි – (චමෝදයා දෙවින්ද්‍යා 33, නෙත්මි උපේක්ෂා 20, අශානි කෞෂලයා 41)

පුත්තලම කාන්තා පිල පන්දුවාර 19.4 කදී සියලු දෙනා දැවී ලකුණු 73 යි – (ෂෙහාරා රෝෂිනී 27)

 

කලුතර පිලට ඩක්වර්ත් ලුවිස් නයායට අනුව කඩුලු 4 ක ජයක්

කොළඹ උතුරු කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 8ට ලකුණු 119 යි – (මනුදි නානායක්කාර 44, ‌ශෂානි අයේසිකා 11, දනුජි ප්‍රනාන්දු 13, සාවින්දි කුරේ 18/2)

කලුතර කාන්තා කණ්ඩායම පන්දුවාර 14 කදී කඩුලු 6 ට ලකුණු 97 යි – (‌රශිනි පෙරේරා 10, නවෝද්‍යා නෙත්මිනී 31, සාවින්දි කුරේ 12, තුක්ෂි සංසලා 16, දනුජි ප්‍රනාන්දු 16/2)

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

USD United States (US) dollar