slc
logo
Home   |    News
මැයි 18, 2023
නවසීලන්ත කාන්තාවෝ ජුනි 23 ශ්‍රී ලංකාවට එති

sinhala editor

තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සදහා නවසීලන්ත කාන්තා කණ්ඩායම ජුනි මස 23 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ද්වී පාර්ශ්වික තරගාවලියක් සදහා නවසීලන්ත කාන්තා කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු තරගාවලිය ලෙසින් මෙම තරගාවලිය ඉතිහාස ගත වනු ඇත.

නවසීලන්ත කාන්තා කණ්ඩායම 2012 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවැති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මෙරටට පැමිණ ඇතත් ද්වී පාර්ශ්වික තරගාවලියක් සඳහා පැමිණෙන්නේ පළමු වතාවටය. එමෙන්ම ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි ද්වී පාර්ශ්වික තරගාවලිය මෙය වන අතර මීට පෙර ශ්‍රී ලංකා කාන්තා පිල 2015 වසරේදී පළමු තරගාවලියට නවසීලන්තයේදී සහභාගිවිය.

කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසින් පැවැත්වෙන එක්දින තරගාවලිය ජුනි මස 27 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. අනෙක් තරග ජුනි 30 සහ ජූලි 03 වැනි දිනවලදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලියෙන් පසු පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ජූලි මස 08 වැනිදා පී. සරා ඕවල් පිටියේදී ආරම්භ වන අතර ඊට පෙර ජූලි මස 06 වැනිදා නවසීලන්ත කාන්තා පිල ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිල සමඟ පුහුණු තරගයකට සී.සී.සී. පිටියේදී සහභාගිවීමට නියමිතය.

Active filters

Recent Posts

  • ලකුණු 54 ක ජය සමඟින් කැන්ඩි ෆෝල්කන්ස් පිලේ බලාපොරොත්තු ඉහළ යයි
    අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ජයග්‍රහණය තීරණාත්මක වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගය ලෙසින් දඹුල්ල සික්සර්ස් පිලට එරෙහි තරගයෙන් ලකුණු […]
  • ශදාබ් සහ ගුර්බාස් කලම්බු ස්ට්‍රයිකර්ස්ට ජය ගෙනෙති
    By Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙසින් අද (14 දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් වාර්තා […]
  • පිළිකා මර්ධනයට LPL අත හිත 
    අගහිඟකම්වලට මුහුණ පා සිටින අතරතුර, පිළිකාවන් ද වැළඳී වේදනා විඳිමින් ළතැවෙමින් දුක් සුසුම්ළන මේ සමාජයේ අපේම මව්වරුනට සොහොයුරියනට, දරුවන්ට අත්වැළක් වන්නට වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයනට අවස්ථාවක් උදාවන්නේ නම් එය […]
  • සුපිරි පන්දුවාරයේදී ගෝල් මාවල්ස් ජය ලබයි
    By Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (14 දා) පස්වරුවේ පැවැති ගෝල් මාවල්ස් සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම් අතර තරගය සුපිරි පන්දුවාරය දක්වා දිග හැරුණු අතර […]
  • හතරේ සීමාවේ දුර අඩුද…? වැඩිද…? ජැෆ්නා නායකයාගේ අදහස
    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී හතරේ සීමා මඳක් කෙටි කිරීමෙන් ඉදිරි ජාත්‍යන්තර තරග සඳහා කිසිදු අවාසිදායක තත්ත්වයක් ඇති නොවන බවත් උසස් මට්ටමේ තණතිලිවල ක්‍රීඩා කරද්දී පිතිකරුවනට දක්ෂ අයුරින් පහර […]

Pin It on Pinterest

USD United States (US) dollar
logo