slc
Home   |    News
මැයි 10, 2023
සුදුසුකම් ලැබීමේ තරගාවලියට යන කණ්ඩායම් තීරණය වෙති

sinhala editor

එළැඹෙන ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබන ලද කණ්ඩායම් 8 අතරට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඇතුළත්වීමත් සමඟ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා සිම්බාබ්වේ දේශය බලා යන කණ්ඩායම් අතරට අයර්ලන්ත කණ්ඩායමද ඇතුළත් විය.

බංග්ලාදේශයට එරෙහිව එසෙක්ස් ප්‍රාන්ත ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත එක්දින තරගයට වර්ෂාව හරස්වීමත් සමඟ අවසන් කණ්ඩායම් 8 අතරට එකතුවීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු කණ්ඩායම සතු විය. ඒ අනුව සුපර් ලීග් තරගාවලියේ 8 වැනි ස්ථානයෙන් පහළට වැටුණු කණ්ඩායම් ලෙසින් බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය ‌සමඟින් අයර්ලන්ත කණ්ඩායම සිම්බාබ්වේ හි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරග වටයට ක්‍රීඩා කරනු ඇත.

2023 ලෝක කුසලාන තරගාවලියට එක එල්ලේම සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපර් ලීග්ය යටතේ අයර්ලන්තයට සහ බංග්ලාදේශයට තවත් එක්දින තරග 2 ක් ඉතිරිව ඇතත් එම තරග 2 ම ප්‍රතිඵලය අයර්ලන්තයට වාසි වුවත්, 8 වැනි ස්ථානයේ රැදී සිටින දකුණු අප්‍රිකානුවන් පසුකර යෑමට ඔවුන්ට අවස්ථාවක් නොමැත.

ටෙස්ට් වරම් හිමි රටවල් 5 හැරුණු කොට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දෙවැනි පෙළ එක්දින තරගාවලියේදී ඉහළම දක්ෂතා දක්වා සිටින නේපාලනය, ඔමානය සහ ස්කොට්ලන්තයත්, කඩයිම් තරගාවලියේ දක්ෂතා දක්වමින් පැමිණ සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිලත් ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමත් සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ සිම්බාබ්වේදී තරග වැදීමට සූදානමින් සිටිති.

මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය ලබන ජුනි මස 18 වැනිදා සිට ජූලි 09 වැනිදා දක්වා සිම්බාබ්වේ දේශයේදී පැවැත්වෙන අතර සියලුම තරග කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වේ. මෙහිදී අදාළ කාණ්ඩ දෙකේ පෙරමු ගනු ලබන කණ්ඩායම් 2023 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.

සත්කාරක ඉන්දියාව, නවසීලන්තය, එංගලන්තය, බංග්ලාදේශය, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්තානය සහ දකූණු අප්‍රිකාව ස්වයංක්‍රීයවම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදසූකම් ලබා සිටින රටවල් බවට පත්ව සිටිති.

 

Active filters

Recent Posts

  • බේබි ඒ.බී. – දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල දිනවයි
    Chamila Karawita reporting from Pallekele ඒ.බී. ඩිවිලියර්ස්ගේ මිළඟ අනුප්‍රාප්තිකයා ලෙසින් ක්‍රිකට් ලොව හඳුන්වනු ලබන බේබි ඒ.බී. හෙවත් ඩීවල්ඩ් බ්‍රේවිස් පන්දු 71 කදී රැස් කරන ලද නොබිඳුණු ලකුණු 98 […]
  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest