slc
logo
Home   |    News
ජූනි 8, 2023
එක්දින තරගාවලියේ ජය දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලට

sinhala editor

පිතිකරුවන් යළිත් වතාවක් දුර්වලවීමේ වාසිය තමන් වෙතට හරවාගත් දකුණු අප්‍රිකානු ‘ඒ’ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව අද (08 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වූ තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කළහ. ඒ සමඟ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම ජය වාර්තා කළේය.

ලකුණු 173 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානුවෝ ජයග්‍රහණය සනිටුහන් කරන ලද්දේ කඩුලු 5 ක් දැවී ගොස් තිබියදීය. එම ජයග්‍රහණය සනිටුහන් වන විට ඔවුන් සතුව පන්දු 85 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

පහසු ඉලක්කයක් වුවද මෙවර තරගාවලියේ ලකුණු සොයන පිතිකරුවකු වන නායක ටොනි ඩි සෝසිව පළමු පන්දුවෙන්ම දවා ගැනීමට ඩිල්ෂාන් මදුශංක සමත්වූවේය. එම අභියෝගයද සමගින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිලේ අනෙක් අනෙක් ආරම්භක පිතිකරුවා වූ කයිල් වෙරයන් (19) සහ සුබීර් හම්සාව (19) ගේ කඩුල දවා ගනිමින් ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක් ලබා දීමට මදුශංක සමත්විය.

දඟ පන්දු යවන්නන් කැඳවීමේදී දකුණු අප්‍රිකානු පිතිකරුවන් තමක් මෙල්ල වුණු ස්වරූපයක් පෙන්නුම් කළ නමුත්, අසීරුතාව මැඩගෙන පන්දුවට පහර දුන් ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 58 ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකානු ජය සනිටුහන් වන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය. ඔහුට අනගි සහායක් ලබා දුන් සෙනුරාන් මුතුසාමි පන්දු 55 කදී ලකුණු 45 ක් ලබා ගත්තේ ස්ටබ්ස් මෙන්ම කඩුල්ල ආරක්ෂා කර ගනිමිනි. පන්දු යැවීමේදී ඩිල්ෂාන් මදුශංක ලකුණ 34 කට කඩුලු 3 ක් ද දුනිත් වෙල්ලාලගේ ලකුනු 44 කට කඩුලු 2 ක්ද දවා ගත්හ.

පිට පිටම දෙවැනි වතාවටත් කාසියේ වාසිය තමන් සතු කරගත් දකුණු අප්‍රිකානු ‘ඒ’ නායක ටෝනි ඩි සෝසි දෙවැනි තරගයේ සිදුවූ දේ නොවන්නට සිතා පළමුව පන්දුවට පහර දීම සදහා ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ආරාධනා කර සිටියේය. බලාපොරොත්තු වූ පරිදිම ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකානු ‘ඒ’ වේග පන්දු යවන්නන් අමාරුවේ දැම්මේ ඉදිරි පෙළ පිතිකරුවන් සිව්දෙනාම ලකුණු 07 ක් ඇතුළත දවා ගනිමිනි.

නිශාන් මදුශ්ක සහ ළහිරු උදාර ජෙරල්ඩ් කොට්සිගේ පන්දු හමුවේ දැවී යද්දී ලසිත් කෘස්පුල්ලේ ලිසාඩ් විලියම්ස් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. නායක නිපුන් ධනංජයට පිටියේ රැදී සිටීමට අවස්ථාව උදා වූයේ පන්දු 2 කට පමණි. දැවී ගිය කඩුලු 4 න් තෙවැනි කඩුල්ලද කොට්සි තමන් සතු කර ගත්තේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම දැඩි අසරණ භාවයකට ඇද දමමිනි.

කෙසේ වෙතත් අෂේන් බණ්ඩාර එකතු වුණු සහන් ආරච්චිගේ එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක් එක් කරමින් ශ්‍රී ලංකාව සැනසිලි දායක තත්ත්වයක ටරැගෙන ආහ. එහෙත් මුලු ලකුණු සංඛ්‍යාව 81 ක්ව තිබියදි මුත්තුසාමි විසින් බණ්ඩාරව දවා ගත්තේ ලකුණු 36 ක් ලබා සිටින අවස්ථාවේදීය. ඉනිමේ එකම හයේ පහරද හිමිකම් කී බණ්ඩාර දැවී යන විට  පන්දු 49 කදී හතරේ පහර 5 ක්ද තම ඉනිමමට එල්ල කර තිබුණේය.

ඉනිමේ බර කරට ගත් සහන් ආරච්චිගේ එතැන් පටන් තරගය ඉදිරියට රැගෙන ගියේ කණ්ඩායමේ කොඳුනාරටිය බවට පත් වෙමිනි. කඩුලු ආරක්ෂා කර ගැනීම, අනෙක් පසින් කඩුලු දැව යෑම මෙන්ම ලකුණු ලබා ගැනීමේ වේගයද පාලනය කිරීම සහන් හමුවේ තිබූ අභීයෝග වූහ. එහෙත් මැද පෙළ පිතිකරුවන් වුණු ජනිත් ලියනගේ (11) සහ දුනිත් වෙල්ලාලගේ (13) වැඩි ලකුණු සංඛ්‍යාවන් කරා යෑමට මත්තෙන් දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත්වූහ.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් සහන් ආරච්චි දැවී ගියේ ලකුණු 63 ක් ලබා සිටියදීය. ජෙරල්ඩ් කොට්සිගේ පස්වැනි කඩුල්ල ලෙසින් සහන් දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 42.3 කදී නිමාවට පත්වූයේ ලකුණු 172 ක් ලකුණු පුවරුවේ සටහන්ව තිබියදීය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සහන් ආරච්චි අද වාර්තා කරන ලද්දේ මෙම තරගාවලියේදී පිට පිටම ලද දෙවැනි අර්ධ හතකය විය. පන්දු 103 ක් ඒ සදහා වැය කළ වමත් පිතිකරුවා තම ඉනිමට හතරේ පහර 4 ක් පමණක්  එල්ල කර තිබුණේය.

කැපී පෙනන පන්දු යැවීමක නිරත වුණු දකුණත් වේග පන්දු යවන ජෙරල්ඩ් කොට්සි පන්දවාර 8.3 ක් යවමින් නිලකුණු පන්දු වාරයක් සමඟින් ලකුණු 48 කට කඩුලු 5 ක් බිද හෙළූ අතර සෙනුරන් මුත්තුසාමි කඩුලු 2 ක් බිඳ හෙළීය.

දෙරට අතර ආරම්භ වීමට තරග 2 කින් සමන්විත සිව්දින ටෙස්ට් තරගාවලිය පළමු වැන්න ලබන 12 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 42.3 කදී සියලු දෙනා දැවී ලකුණු 172 යි – (සහන් ආරච්චිගේ 63, අෂේන් ණ්ඩාර 36, දුනිත් වෙල්ලාලගේ 13, ජනිත් ලියනගේ 11, ජෙරල්ඩ් කොට්සි 48/5, සෙනුරාන් මුත්තුසාමි 42/2)

දකුණු අප්‍රිකානු ‘ඒ’ පන්දුවාර 35.5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 175 යි – (ට්‍රිස්ටන් ස්ටබ්ස් 58*, සිනෙතෙඹ ක්ෂෙලේ 15, කයිල් වෙරෙයන් 19, සුබීර් හම්සා 9, සෙනුරාන් මුතුසාමි 45*, ඩිල්ෂාන් මදුශංක 34/3, දුනිත් වෙල්ලාලගේ 44/2)

 

Active filters

Recent Posts

  • පළමු වතාවට NSL එක්දින ශූරතාව කොළඹට
    CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ […]
  • චරිත්ගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද  පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් […]
  • ශ්‍රී ලංකා කාන්තාවෝ පාකිස්තානය හමුවේ පරාජය වෙති
    කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඔක්තෝම්බර් 03 වැනිදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානු කාන්තා පිල හමුවේ අනපේක්ෂිත පරාජයක් අත් වින්දේය. ලකුණු 31 ක […]
  • NSL අවසන් ගැටුම කොළඹ සහ ජැෆ්නා අතර
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට කොළඹ පිල හා ජැෆ්නා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්හ. අද අවසන්වූ මූලික වටයේ තීරණාත්මක ජැෆ්නා […]
  • ලොවටම දිග හැරෙන කාන්තා ලෝක කුසලාන අසිරිය
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඔක්තෝම්බර් මස 03 වැනිදා ආරම්භ කිරීමට සියල්ල සුදානමින් පවතී. කණ්ඩායම් දහයක් අතර උණුසුම් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee