Chamila Karawita reporting from Pallekele
මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන සිව්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ ණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 151 කට සීමා කිරීමට සනෙුරන් මුතුසාමි ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත්වූහ. තෙවැනි දින ආරම්භයත් සමඟ සිය දෙවැනි ඉනිම ආරම්භ කළ සත්කාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දෙවැනි ඉනිමේ අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වුවත් පළමු ඉනිමේ ලද ලකුණු 194 ක වාසියක් ලැබූ හෙයින් තරගය ජය ගැනීම සදහා දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලට ලකුණු 346 ක් ලබා ගත යුතු වේ.
පන්දුවාර 38.4 කදී ශ්‍රී ලංකා දෙවැනි ඉනිම හමාර වද්දී පළමු ඉනිමේ පරිදිම කැපී පෙනන පන්දු යැවිමක නිරත වුණු වමතින් දඟ පන්දු යවන සෙනුරන් මුතුසාමි ලකුණු 53 කට කඩුලු 5 ක් දවාලූවේය. ඒ අනුව ඔහු පළමු ඉනිමේ ලද කඩුලු 7 ද සමඟින් සමස්ථ තරගයේදීම ලකුණු 175 කට කඩුලු 12 ක් දවා ගැනීමට සමත්වූවේය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැය කරන ලද පන්දුවාර 38 න් භාගයකට ආසන්න සංඛ්‍යාවක් හෙවත් පන්දුවාර 16.4 ක් ක්‍රියාත්මක කළ මුතුසාමි නිලකුණු පන්දුවාර 3 ක්ද සමඟ ලකුණු 53 කට කඩුලු 5 ක් බිඳ හෙළුවේය. තණතීරුවේ සහයෝගය එන්න එන්නම දඟ පන්දු යවන්නන් වෙත හිමිවද්දී ඉන් උපරිම වාසිය ලබා ගත් වමත් දඟ පන්දු යවන්නා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රමේෂ් මෙන්ඩිස්ගේ කඩුල්ල දවා ගනිමින් දෙවැනි වතාවටත් කඩුලු 5 සම්පූර්ණ කර ගතතේය.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 3 කට ක්‍රීඩා කර ඇති මුතුසාමි අද සටහන් කරගන්නා ලද්දේ සිය පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීම වේ. ඉන්දීය සම්භවයක් ඇති 29 හැවිරිදි දඟ පන්දු යවන්නාගේ මීට පෙර තරගයක හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 90 කට කඩුලු 10 ක් ලබා ගැනීම සටහන් වේ.
පළමු ඉනිමේ ලකුණු 98 ක් ලබාගත් ලසිත් කෲස්පුල්ලේ අද දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා වූවේය. වේග පන්දු යවන ලිසාඩ් විලියම්ස් විසින් කෲස්පුල්ලේව (02) දවා ගනිද්දී තණතීරුවේ සහාය දඟ පන්දු යවන්නන් වෙත වැඩි නැඹුරුවී තිබීම නිසා දකුණු අප්‍රිකානු නායකයා සිය ප්‍රධානම අවිය වන සෙනුරන් මුතුසාමිව 6 වැනි පන්දුවාරයේ සිට පන්දු යැවීමට කැඳවූවේය. නුවනිඳු ප්‍රනාන්දුව (05) දවා ගත් මුතුසාමි නායකයාගේ බලාපොරොත්තුව අකුරටම ඉටු කළේය.
එතැනින් නොනැවතුණු මුතුසාමි ළහිරු උදාර (09) සහ ජනිත් ලියනගේ (02) කඩුලු දවා ගනිද්දී 17 හැවිරිදි වමත් වේග පන්දු යවන්නා වූ ක්වේනා මපාකා නිපුන් ධනංජයගේ (11) කඩුල්ල දවා ගත්තේය. ඒ වන විටත් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 61 කට කඩුලු 5 ක් වශයෙන් සටන් වුණු අතර එතෙක් වේලා හොදින් පන්දුවට පහර දුන් කමිදු මෙන්ඩිස්ද (35) මුතුසාමිගේ ගොදුරක් වූයෙන් ශ්‍රි ලංකා ලකුණු පුවරුව ලකුණු 70 කට කඩුලු 6 ක් අසීරු තත්ත්වයකට පත්විය.
කෙසේ වෙතත් පළමු ඉනිමේ පරිදිම මැද පෙළ ශක්තිමත් කළ රමේෂ් මෙන්ඩිස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ද සමඟින් පන්දු 63 කදී ලකුණු 46 ක් ලබා ගනිමිනි. ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් මෙන්ඩිස් දැවී ගියේ මුතුසාමිගේ පස්වැනි ගොදුර බවට පත් වෙමිනි.
ශ්‍රී ලංකා ‘ඒ’ පන්දුවාර 83 කදී සියලු දෙනා දැවී ලකුණු 325 යි – (ලසිත් කෲස්පුල්ලේ 98, ළහිරු උදාර 42, නුවනිඳු ප්‍රනාන්දු 10, කමිදු මෙන්ඩිස් 28, නිපුන් ධනංජය 13, ජනිත් ලියනගේ (01), ලක්ෂිත මානසිංහ 04, රමේෂ් මෙන්ඩිස් 78, ලසිත් ඇඹුල්දෙණිය 15, මිලාන් රත්නායක 23*, ඩිල්ෂාන් මදුශංක 04, සෙනුරන් මුතුසාමි 122/7,ක්වේනා මපාකා 43/2, ට්‍රිස්ටන් ස්ටබ්ස් 49/1)
දකුණු අප්‍රිකානු ‘ඒ’ පන්දුවාර 40 කදී සියලු දෙනා දැවී ලකුණු 131 යි – (මැතිව් බ්‍රීට්ස්කේ 59*, ීගන් පීටර්සන් 19, ඩෙවල්ඩ් බ්‍රේවිස් 16, ලක්ෂිත මානසිංහ 19/5, ඩිල්ෂාන් මදුශංක 31/3, ලසිත් ඇඹුල්දෙණිය 61/2)
ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම පන්දුවාර 38.4 කදි සියලු දෙනා දැවී ලකුණු 151 යි – (රමේෂ් මෙන්ඩිස් 46, ලසිත් ඇඹුල්දෙණිය 10, කමිදු මෙන්ඩිස් 35, නිපුන් ධනංජය 11, සෙනුරන් මුතුසාමි 53/5, ජෙරල්ඩ් කොට්ස් 31/2, ලිසාඩ් විලියම්ස් 16/2)