මෙම වසර අගදී ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 50 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුිරි කණ්ඩායම් 6 අතර තරග වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව අද (30 දා) නෙදර්ලන්තයට එරෙහිව තරග වැදි තරගයෙන් ලකුණු 21 ක ජයක් වාර්තා කළේය. ඒ තවදුරටත් සිය අපරාජිත භාවය විදහා දක්වමිනි.
මෙම ජයග්‍රහණයත් සමඟ සුපර් සික්ස් තරග වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්වීමටද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද සමත්වූහ. මෙම ජයග්‍රහණයත් සමඟ සුපර් සික්ස් තරග වටයේ අවසන් මහ තරගය සදහා පිවිසීමට තිබූ අවධානම් සහගත තත්ත්වයෙන් බොහෝ දුරට ඉවත්ව තිබේ.
බුලවායෝහිදී පැවැති මෙම තරගයේදී අඩු ලකුණු සංඛ්‍යාවන් වාර්තා වෙමින් මෙම තරගය අවසන් වීම කැපී පෙනුණි. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47.4 කදි සියලු දෙනා ලකුණු 213 ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට නෙදර්ලන්ත පන්දු යවන්නෝ සමත්වූහ. වර්තමාන එක්දින තරග රටාවත් සමඟ ලකුණු 214 ක ඉලක්කයක් යනු කිසිසේත්ම පහසුවෙන් බේරාගත හැකි ලකුණු සංඛ්‍යාවක් නොවූවත් මහීෂ් තීක්ෂණ ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ නොතිබූ ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට රැගෙන විත් දුන්හ.
එම ඉලක්කය හඹා යෑමේදී නෙදර්ලන්ත පිතිකරුවන්ට පන්දුවාර 40 ක් අවසනදී රැස් කරගත හැකි වූයේ ලකුණු 192 ක් පමණි. නිලකුණු පන්දුවාර 2 ක් ද සමඟි පන්දුවාර 9 ක් යැවූ මහීෂ් තීක්ෂණ ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගත් අතර වනිඳු හසරංග ලකුණු 53 කට කඩුලු 2 ක් දවාලමින් ශ්‍රී ලංකාවට ජයග්‍රාහි මං පෙත් විවර කර දුන් පන්දු යවන්නන් අතර පෙරමුණ ගත්හ.
පළමු පිතිකරුවන් දෙදෙනාම ලකුණු 11 ක් ඇතුළත ක්‍රීඩා ගාරය වෙත යැවීමට ළහිරු කුමාර සහ ඩිල්ෂාන් මධුශංක සමත් වුවත් තෙවැනි කඩුල්ලට එක් වුණු වෙස්ලි බැරේසි සහ ඩි ලීඩ් පන්දු 80 කදී ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනංවමින් තරගයේ වැඩි වාසි නෙදර්ලන්ත කණ්ඩායම දෙසට රැගෙන ගියහ.
දසුන් ශානකගේ දක්ෂ පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යෑමකට හසුව වෙස්ලි පිටියෙන් ඉවත්වීමත් සමඟ නැවතත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයට අවතීර්ණ වූහ. අනතුරුව කරළියට පිවිසි මහීෂ් තීක්ෂණ සහ වනිදු හසරංග එක්ව මැද පෙළ කඩුලු 4 ම වගකීවූහ. මෙහිදී තීරණාත්මක පන්දු යැවීමක නිරත වුණු තීක්ෂණ ලකුණු 06 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ගනිමින් ජයග්‍රහණය දෙපිළටම විවෘත තරගයක් බවට ගෙන ආහ.
පීඩනය අතරින් නැගී සිටි නායක ස්කොඩ් එඩ්වඩර්ඩ්ස් පන්දු 68 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 67 ක් රැස් කරමින් රයන් ක්ලීන් සහ ආර්යයන් දත් සමඟ එක්ව ජයග්‍රාහී පරතරය ලකුණු 22 ක් තරම් අඩු පරතරයකට රැගෙන ආහ. මේ අතරතුර කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පමණක් නොව සමස්ථ කාර්යය මණ්ඩලයම කලබලයට පත් කරවන ලද සිදුවීමක් බවට පත්විය. එහෙත් වනිදු හසරංග රයන් ක්ලීන්ගේ කඩුල්ලත් දසුන් ශානක ආර්යයන් දත්ගේ කඩුල්ලත් දවා ලමින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ජයග්‍රහණය රැගෙන ආහ.
ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භයේ සදහන් කළ හැකි කැපී පෙනෙන කිසිවක් නොවීය. පළමු පන්දුවේ සිට ම එකින් එක කඩුලු වැටීම හැර සඳහන් කළ හැකි දෙයක් වූයේ නම් පළමු පිතිකරුවන් 5 දෙනා අතරින් ලකුණු 30 සීමාව ඉක්මවාලීමට සමත්වූයේ දිමුත් කරුණාරත්න (33) පමණක් වීමය.
ඉදිරි පෙළ පිතිකරුවන් අසාර්ථක වද්දී වහා අවධි වුණු ධනංජය ද සිල්වා අවසන් පිතිකරුවන් සමඟ එක්ව ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමේ කාර්යයේ නිරත වූහ. පන්දු 111 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවා අද දිනයේදී තම එක්දින තරග දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 93 ක් රැස් කර ගත්තේය. මිනිත්තු 158 ක් පිටියේ රැදී සිටි ධනංජය ද සිල්වා තම ඉනිම සදහා හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් කරගත්තේය. 2021 වසරේදී එංගලන්තයට එරෙහිව ලන්ඩන්හි ඔ්වල් පිටියේදී රැස් කරන ලද ලකුණු 91 මීට පෙර ධනංජයගේ එක්දින තරග දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය.
ශ්‍රි ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට යෑමේදී එල්ල කරන ලද පහරක් ඩීප් මිඩ් විකට්හි පන්දු රැකි ලීඩ් අතින් රැක ගැනීම නිසා මංගල ශතකය පසෙක තබා එම ඉනිම 11 වැනි අර්ධ ශතකයෙන් සෑහීමකට පත්වීමට ධනංජය ට සිදුවිය. මෙහිදී 9 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි මහීෂ් තීක්ෂණට (28) එක්වූ ධනංජය 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 78 කදී ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනංවමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ. එම සම්බන්ධතාව නොවන්නට මෙම තරගයේ ප්‍රතිඵලය මීට හාත්පසින්ම වෙනස් හෙවත් නෙදර්ලන්ත කණ්ඩායමට වාසි සහගත වීමට ඉඩ තිබිණ.
එම සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන්ද ධනංජය ද සිල්වා පිදුම් ලැබීය.
ශ්‍රී ලංකාව පන්දුවාර 47.4 කදී සියලු දෙනා දැවී ලකුණු 213 යි – (ධනංජය ද සිල්වා 93, වනිදු හසරංග 20, මහීෂ් තීක්ෂණ 28, දිමුත් කරුණාරත්න 33, පැතුම් නිස්සංක 0, සදීර සමරවික්‍රම 1, චරිත් අසලංක 2, දසුන් ශානක 5, ළහිරු කුමාර 2, ඩිල්ෂාන් මදුශංක 1, වැන් බීක් 26/3, ඩි ලීඩ් 42/3, සකීබ් සුල්ෆිකර් 48/2)
නෙදර්ලන්තය පන්දුවාර 40 කදී සියලු දෙනා දැවී ලකුණු 192 යි – (වෙස්ලි බැරේසි 41, වික්‍රමජිත් සිං 0, මැක්ස් ඔඩොව්ඩ් 0, ඩි ලීඩ් 41, තේජා නිදමනුරු 0, ස්කොට් එඩ්වර්ඩ්ස් 67, සකීබ් සුල්ෆිකර් 2, වැන් බීක් 0, සිරාස් අහමඩ් 2, රයන් ක්ලීන් 5, ආර්යන් දත් 7, මහීෂ් තීක්ෂණ 31/3, වනිදු හසරංග 53/2, ළහිරු කුමාර 17/1, ඩිල්ෂාන් මදුශංක 38/1, දසුන් ශානක 18/1)