slc
logo
Home   |    News
ජූනි 14, 2023
පළමු පෙරහුරුවෙන් ශ්‍රී ලංකාවට ජය

sinhala editor

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන සුදුසුකම් ලැබීමේ තරගාවලීය යටතේ ජුනි 13 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව පැවැති පෙරහුරු තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

සිම්බාබ්වේ, බුලවායෝහි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 214 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. එම ඉලක්කය හඹා යෑමේදී ශ්‍රී ලංකා කණ්ඩායම 38 වැනි පන්දුවාරයේදී සපුරා ගත්තද කඩුලු 7 ක් ඒ අතරතුර ප්‍රතිවාදී පන්දු යවන්නෝ දවා ගැනිමටසමත්වූහ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 45.3 කදී කුණු 214 කට සීමා කිරීමට කසුන් රජිත ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. නෙදර්ලන්ත පිල එම ලකුණු සංඛ්‍යාව නවතාලීම සදහා ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 8 දෙනෙකුගේ සහයෝග ලබා ගත් අතර ඒ අතරින් කසුන් රජිත ලකුණු 19 කට කඩුලු 3 ක් දවා ගත්තේය. ඊට අමතරව මහීෂ් තීක්ෂණ සහ ධනංජය ද සිල්වා කඩුලු 2 බැගින් බිඳ හෙළූහ. මෙම තරගයේදී මතිෂ පතිරණ පන්දුවාර 5.3 ක් ක්‍රියාත්මක කළ අතර එහිදි පන්දුවාරයකට ලකුණු 8 ක වේගයක් සමඟින් ලකුණු 44 ක් රැස් කර ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ.

ඉලක්කය හඹා යෑමේදී පිටියට පිවිසි ආරම්භක පිතිකරුවන් අතරින් පැතුම් නිස්සංක කුණු 10 කට දැවී ගියත් දිමුත් කරුණාරත්න ලකුණු 47 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 27 ක් ලබා ජයග්‍රහණය සඳහා අඩිතාලම එක් කළහ. සදීර සමරවික්‍රම (00) සහ ධනංජය ද සිල්වා (03) අඩු ලකුණු වලට දැවී යෑම නිසා ශ්‍රී ලංකාව තරමක පසුබෑමක් පෙන්නුම් කළත් අංක 7 පිතිකරුවා ලෙසින් පැමිණි දසුන් ශානක හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමඟින් පන්දු 52 කදී නොදැවී ලකුණු 67 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ඊට චරිත් අසලංක ලකුණු 29 කිනුත් චාමික කරුණාරත්නද ලකුණු 16 කින් සම්මාදම් වුහ.

මෙම පෙරහුරු තරග මාලාව යටතේ ශ්‍රී ලංකාව සහභාගිවන දෙවැනි තරගය ඇමරිකා එක්සත් ජනපද කණ්ඩඩායම සමඟ ජුනි ්‍ර5 වැනිදා බුලවායෝහිදී පැවැත්වේ.

නෙදර්ලන්තය පන්දුවාර 45.3 කදි සියලු දෙනා දැවී ලකුණු 214 යි – (සකීබ් සුල්ෆිගාර් 56, තේජා නිදමනුරු 41, ස්කොට් එඩ්වර්ඩ්ස් 35, වික්‍රම්ජිත් සිං 12, ශිරාස් අහමඩ් 15, කසුන් රජිත 19/3, මහීෂ් තීක්ෂණ 36/2, ධනංජය ද සිල්වා 19/2, චාමික කරුණාරත්න 16/1, මතීෂ පතිරණ 44/1, ළහිරු කුමාර 33/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 37.1 කදී කඩුලු 7 ට ලකුණු 215 යි – (දසුන් ශානක 67*, චරිත් අසලංක 29, කුසල් මෙන්ඩිස් 27, දිමුත් කරුණාරත්න 47, පැතුම් නිස්සංක 10, චාමික කරුණාරත්න 16, දුෂාන් හේමන්ත 09, ක්ලේටන් ෆොලොයිඩ් 40/2)

Active filters

Recent Posts

  •  කෝල්ට්ස් පිළ ලකුණු 145 කින් බී.ආර්.සී. පරදවයි
     කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී අද (10) පැවැති මේජර් ආරාධිත කාන්තා අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගයෙන් කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 145ක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන […]
  • නවසීලන්ත – ශ්‍රී ලංකා විස්සයි-20 තරගාවලිය සම වෙයි
    සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නොවැම්ඊබර්යේ 10 වැනිදා දෙවැනි විස්සයි20 තරගයෙන් නවසීලන්තය ලකුණු 5ක තියුණු ජයක් හිමිකර ගැනීමත් සමඟ තරග දෙකකින් […]
  • අභිනව ටී-10 තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීම ඇරඹෙයි
    පළමු වතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලංකා ටී-10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීමේ ක්‍රියාවලිය (Player Draft)මේ වන විටත් ආරම්භ වී තිබේ. ලංකා ටී-10 සුපර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂක […]
  • ඒස් කැපිටල් කාන්තා කණ්ඩායමට ලකුණු 199ක ජයක්
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන කාන්තා ප්‍රධානතම අන්තර් සමාජ ආරාධිත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පැවැති තරග අතුරින් ඒස් කැපිටල් කණ්ඩායම ලකුණු 199කින් ටැමිල් යුනියන් පරාජයට පත් […]
  • පළමු විස්සයි20 ගැටුමෙන් ශ්‍රී ලංකාවට ජය
    සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 4ක ජයක් ශ්‍රී ලංකා පිල හිමිකර ගත්තේය. කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee