slc
logo
Home   |    News
ජූනි 19, 2023
මැද පෙළ පිතිකරුවෝ සටන්කාමී පිතිහරඹයක

sinhala editor

දකුණු අප්‍රිකානු ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ අද (19 දා) කොළඹ පී. සරා ඔ්වල් පිටියේදී ආරම්භ වුණු දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ පළමු දින අවසන් වන විටදී සටන්කාමී පිතිහරඹයක නියැලුණු ශ්‍රී ලංකා පිතිකරුවෝ දිනය අවසන් වන විට කඩුලු 7 කට ලකුණු 257 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියේය.

මුලු ලකුණු සංඛඛ්‍යාව 217 දී ලක්ෂිත මනසිංහ (13) දැවී ගියද සිය කඩුලු ආරක්ෂා කරගත් මිලාන් රත්නායක සහ රමේෂ් මෙන්ඩිස් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40 ක නොබිඳිණු සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා පළමු ඉනිම සඳහා ලකුණු 300 සීමාව කරා රැගෙන යෑමේ මූලික අඩිතාලම එක් කළහ.

අයහපත් කාලගුණය තරගයට හරස්වීම නිසා නියමිත වේලාවට වඩා මිනිත්තු කිපයකට පෙර තරගය නිමා කරන විට මිලාන් රත්නාය පන්දු 40 කදී ලුණු 29 ක් සහ රමේෂ් මෙන්ඩිස් පන්දු 98 කට මුහුණ දී ලකුණු 38 ක් ලබා නොදැවී කඩුලලේ රැඳී සිටිති.

‌මුල් පෙළ පිතිකරුවන් සිව්දෙනාම ලකුණු අතරට  පැමිණියද ඔවුන් කිසිවකුටත් දිගු ඉනිම කරා යෑමට නොහැකි විය. ඒ අතරින් වැඩිම ලකුණු ලාභියා වූයේ පළමුවරට ‘ඒ’ තරගයකට ක්‍රීඩා කරන පසිඳු සූරිය බණ්ඩාර රැස් කරන ද ලකුණු 41 වේ. මෙම තරගයට පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ වෙනස්කම් කීපයක් සිදුකරමින් අවතීර්ණව සිටි අතර එහිදී නායකයා ලෙස කටයුතු කරන ලද නිපුන් ධනංජය වෙනුවට කමිඳු මෙන්ඩිස් අද තරගයේ නායකයා ලෙස කටයුතු කළේය. ඒ හැරුණු විට පළමු තගයට ක්‍රීඩා නොකළ නිශාන් මදුශ්ක, මිනෝද් භානුක, පසිඳු සූරියබණ්ඩාර, ප්‍රවීන් ජයවික්‍රම සහ විශ්ව ප්‍රනාන්දු අද ක්‍රීඩා කරන ලද 11 දෙනා අතරට ඇතුළත් වූහ.

පල්ලෙකැලේ පැවැති පළමු තරගයේදී කඩුලු 11 ක් බිඳ හෙළූ සෙනුරාන් මුතුසාමි අද තරගයේදීද ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිසරදයක් වූයේ දැවී ගිය කඩුලු 7 න් 5 ක් දවා ගනිමිනි. ලුතෝ සිපම්ලා සහ ලිසාඩ් විලියම්ස් දෙදෙනා දවා ගත් කඩුලු 2 හැරුණු විට සෙසු සියලුම කඩුලු වල අයිතිය තමන් සතු කර ගැනීමට මුතු සාමි සමත්වූවේය.

ඉදිරි පෙළ පිතිකරුවන්ට කෙතරම් අභියෝගයක් දුන්නත් මුතුසාමිගේ පන්දු හමුවේ මිලාන් රත්නායක සහ රමේෂ් මෙන්ඩිස් තම කඩුලු ආරක්ෂා කරගත්හ. නියමිත වේලාවට තරගය ආරම්භ කෙරුද දිවා භෝජනය අතරතුර තරගයට වර්ෂාව හරස්වීම නිසා තරගය මිනිත්තු 90 කට වඩා වැඩි කාලයක් නවතා තැබීමට විනිසුරුවන්ට සිදුවිය කෙසේ වෙතත් අද දිනය පන්දුවාර 66 කට පමණක් සීමා විය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා ‘ඒ’ නායකයා කිසිදු පැකිළීමකින් තොරව පන්දුවට පහර දීම තෝරා ගත්තේය. ආරම්භයේදී පන්දුවේ දෝලනය හොඳින්ම පැවැතියත් කඩුලු ආරක්ෂා කරගත් නිශාන් මදුහ්ක සහ ලසිත් කෲස්පුල්ලේ පළමු කඩුල්ල වෙනූවෙන් ලකුණු 59 ක් එක් කළහ. මෙහිදී නිශාන් මදුශ්ක මුතුසාමිගේ පළමු ගොදු ර බවට පත්වෙමින් ලකුණු 33 කටද කෲස්පුල්ලේ ලකුණු 27 කට දැවී ගියේය. මොවුන් දෙදෙනාම පනදු 4 ක් ඇතුළත දැවී යෑම ශ්‍රී ලංකාවට වැඩි පාඩුවක් ගෙන දුන්නේය.

අද දිනයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් හයේ පහර 6 ක් එල්ල කර තිබුණු අතර ඉන් පහර 2 ක්ම රමේෂ් මෙන්ඩිස් විසින් එල්ල කළේය. මිලාන් රත්නායක, ළහිරු උදාර, මිනෝද් භානුක සහ ලසිත් කෲස්පුල්ලේ සෙසු හයේ පහර එල්ල කළ පිතිරුවෝ වූහ.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම පන්දුවාර 66 කදී කඩුලු 7 ට ලකුණ 257 යි

(පසිදු සූරියබණ්ඩාර 41, නිශාන් මදුශ්ක 33, ලසිත් කෲස්පුල්ලේ 27, මිනෝද් භානුක 32, කමිඳු මෙන්ඩිස් 1, ළහිරු උදාර 33. රමේෂ් මෙන්ඩිස් 38*, ලක්ෂිත මනසිංහ 13, මිලාන් රත්නායක 29*, සෙනුරන් මුතුසාමී 101/5, ලුතෝ සිපම්ලා 36/1, ලිසාඩ් විලියම්ස් 26/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee