slc
logo
Home   |    News
ජූනි 20, 2023
ස්ටබ්ස්ගේ ශතකයෙන් පීඩනය ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙතට

sinhala editor

BY CHAMILA KARAWITA

ට්‍රිස්ට්න් ස්ටබ්ස්ගේ ලකුණු 117 ක අගනා ශතකයත්, ඊට නොදෙවැනි කීගන් පීටර්සන්ගේ අර්ධ ශතකයත් (50) හේතුවෙන් කොළඹ පී. සරා වල් පිටියේ පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නිමා කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ පිලට එරෙහිව ප්‍රභල පිළිතුරක් ලබා දීමට දකුණු අප්‍රිකානු ‘ඒ’ පිතිකරුවෝ සමත්වී සිටියහ.

තරගය නිමා කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 290 ක ලකුණු සංඛ්‍යාව හඹා යමින් සිටි දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල තවත් ලකුණු 3 ක් පසුපසින් සිටියේ කඩුලු 4 ක් අත තබා ගෙනය. ඒ අනුව දකුණු අප්‍රිකානු ‘ඒ’ පිතිකරුවෝ කඩුලු 6 ක් දැවී ලකුණු 287 ක් ලබා සිටියේය.

හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟ කයිල් වැරේන් ලකණු 34 කද බේයර්ස් ස්වැන්පෝල් ලකුණු 04 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටිද්දී විශ්ව ප්‍රනාන්දු සහ ලක්ෂිත මනසිංහ දකූණු අප්‍රිකානු ‘ඒ’ ඉනිමේ දැවී ගිය කඩුලු සමව බෙදා ගත්හ.

මෙම සිව්දින තරගාවලියේදී දෙවැනි ශතකය වාර්තා කළ පිතිකරුවා බවට පත්වූ ට්‍රිස්ටන් ස්ටබ්ස් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට වඩාත් හිසරදයක් ගෙන දුන් පිතිකරුවා බවට පත්වූවේය. විශ්ව ප්‍රනාන්දු විසින් පළමු කඩුලු 2 ම ලකුණු 26 කදී දවා ගනිමින් සාර්ථක ආරම්භයක් ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ලබා දීමට සමත් වුවත්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් ස්ටබ්ස් ට එක් වූ කීගන් පීටර්සන් සත්කාරකයින් සතුව තිබූ වාසිය තම කණ්ඩායම වෙත රැගෙන ගියේ ලකුණු 123 ක් එක් කරමිනි. ඊට පිටර්සන්ගේ දායකත්වය ලකුණු 50 කිනි.

රමේෂ් මෙන්ඩිස්, ලක්ෂිත මනසිංහ සහ ප්‍රවීන් ජයවික්‍රම පන්දුව තියුණුව දඟ කවමින් ප්‍රතිවාදීන්ට අභියෝගයක් එල්ල කර දුන්නද තණතීරුවේ නිදාගෙන මෙන් මෙම පිතිකරුවන් දෙදනො සිය කඩුලු ආරක්ෂා කරගත්හ. අවස්ථාවක් ලද විගස දෙවතාවක් නොසිතා පහර එල්ල කළ මොවුන් එම සම්බන්ධතාව සඳහා පන්දු 240 ක් වැය කළහ.

කෙසේ වෙතත් තේ පානයට පෙර පැමිණි ලක්ෂිත මනසිංහ කීගන් පීටර්සන්ගේ කඩුල්ල දවා ගනිමින් එම සම්බන්ධතාව බිඳ දැම්මේය. තේ පානය සඳහා තරගය නිමා වන විට දකුණු අප්‍රීකානු ‘ඒ’ පිල කඩුලු 3 කට ලකුණු 153 ක් ලබා සිටියේය.

නිශාන් මදුෂ්කට පසු මෙම සිව්දින තරගාවලියේදී ශතකයක් ලද එකම පිතිකරුවා බවට පත්වූ ස්ටබ්ස් ශතක මුහුණ දුන් 161 වැනි පන්දුවේදී රැස් ගත්තේය. මිනිත්තු 251 ක් පුරා විහිදුණු දකුණත් පිතිකරුවා ඒ වන විටත් හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සිය ඉනිමට ඇතුළත් කර තිබුණේය.

තරගයේ දෙවැනි දිනයේදී තවදුරටත් සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඉතිරි කඩුලු 3 දී තවත් ලකුණු 33 කින් මුලු ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගත්හ. ඒ අතරතුරදී රමෙෂ් මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කිරීම ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම වෙනුවෙන් වූ කැපී පෙනෙනම සිදුවීම බවට පත්විය.

පළමු දින දැවී ගිය කඩුලු 7 න් 5 ක් ම තමන් සතු කරගත් සෙනුරන් මුතුසාමි අද දිනයේදීද කඩුල්ලක් දවා ගනිමින් තම පන්දු යැවීම ලකුණු 101 කට කඩුලු 6 ක් ලෙසින් සටහන් කර ගත්තේය. පළමු තරගයේදීද කඩුලු 12ක් බිඳ හෙළීමට සමත්වූ වමත් දඟ පන්දු යවන්නා මෙතෙක් පන්දු යැවීම ඉනිම 3 කදී දවාගෙන සිටින සමස්ථ කඩුල සංඛ්‍යාව 18 ක් වේ.

තම පළමු පෙළ තරග දිවියේ 18 වැනි අර්ධ ශතකය අද දිනයේ වාර්තා කල රමේෂ් මෙන්ඩිස් පන්දු 123 කදී ලකුණු 62 ක් ලබා ගත්තේය. හයේ පහර 2 ක් සහ හතරේ හර 5 ක්ද තම ඉනිමට එල්ල කළ රමේෂ්, මිලාන් රත්නායක එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක සම්බන්ධතාවක් එක් කළහ.

දිනයේ පළමු කඩුල්ල ලෙස මිලාන් රත්නායක (35) දැවී ගිය බැවින් අනතුරුව ශ්‍රී ලංකා ‘ඒ’ පිලට රැස් කරගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි. මෙම කඩුල්ලේ සම්බන්ධතාව ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් වූයේ ලකුණු 300 සීමාවට ආසන්නයට සිය පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව රැගෙන ඒමට එය ඉමහත් දායකත්වයක් දැක්වූ බැවිනි.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම පන්දුවාර 75.1 කදී සියලු දෙනා දැවී ලකුණු 290 යි  

(පසිදු සූරියබණ්ඩාර 41, නිශාන් මදුශ්ක 33, ලසිත් කෲස්පුල්ලේ 27, මිනෝද් භානුක 32, කමිඳු මෙන්ඩිස් 1, ළහිරු උදාර 33. රමේෂ් මෙන්ඩිස් 62, ලක්ෂිත මනසිංහ 13, මිලාන් රත්නායක 35, ප්‍රවීන් ජයවික්‍රම 0, විශ්ව ප්‍රනාන්දු 0*, සෙනුරන් මුතුසාමී 101/6, ලුතෝ සිපම්ලා 36/2, ලිසාඩ් විලියම්ස් 26/1, බෙයර්ස් ස්වෙන්පියෝල් 67/1)

දකුණු අප්‍රිකානු ‘එ’ පිල පන්දුවාර 80 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 287 යි

(ටෝනි ද සෝර්සි 0, මැතිව් බ්‍රිට්ස්කි 10, ට්‍රිස්ටන් ස්ටබ්ස් 117, කීගන් පීටර්සන් 50, සුබයර් හම්සා 46, කයිල් වෙරයියන් 34*, සෙනුරන් මුතුසාමි 10, බෙයර්ස් ස්වෙන්පෝල් 4*, විශ්ව ප්‍රනාන්දු 45/3, ලක්ෂිත මනසිංහ 45/3)

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee