slc
logo
Home   |    News
ජූනි 22, 2023
සිව්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට

sinhala editor

BY CHAMILA KARAWITA

පන්දුවාර 75 කදී ලකුණු 324 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු ‘ඒ’ පිතිකරුවෝ කොළඹ පී. සරා ඔවල් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි සිනිල නොවන ටෙස්ට් තරගය අද (22 දා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් කර ගත්තේය. මෙම තරගය ප්‍රතිඵල රහිත වුවත් පල්ලෙකැලේ පැවැති තරගයෙන් ලකුණු 160 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්ව තිබීම නිසා තරගාවලිය 1-0 ක් ලෙස ජය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම හිමිකර ගත්තේය.

තරගයේ තීරණාත්මක අවසන් හෝරාව එළැඹෙන විටත් සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 156 ක් ලබා සිටි සංචාරක පිතිකරුවෝ, දෙපිළේම කැමැත්තෙන් පන්දුවාර 15 ක් ඉතිරිව තිබියදීම තරගය අහවර කිරීමට කැමැත්ත දැක්වූහ. ඒ වන විටත් සුබෙර් හම්සා ලකුණු 24 ක් සහ කයිල් වෙරයියන් ලකුණු 08 ක් ලබා කඩුල්ලේ රැදී සිටියහ.

මිනෝද් භානුක (130) සහ පසිඳු සූරියබණ්ඩාර (නොදැවී 113) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 263 ක දැවැන්ත කඩුලු සම්බන්ධතාව පෙරටු කොට හැකිනම් ලබා ගන්නා ලෙස පන්දුවාර 75 කදී ලකුණු 324 ක අභියෝගයක් ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ පෙරවරුවේදී දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම හමුවේ ලබා දුන්හ. සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 97 ක් එක්කර ගැනීමෙන් අනතුරුව නැවතත් පන්දුවට පහර දීම සඳහා දකුණු අප්‍රිකානු පිලට ලබා දීමේදී දිවා භෝාජනය වන විට දකුණු අප්‍රිකානු ‘ඒ’ පිතිකරුවෝ කිසිවකු නොදැවී ලකුණු 31 ක් ලබා සිටියහ.

මෙවර තරගාවලියේදී පතිකරුවකු ලෙස අසාර්ථක වූ නායක ටෝනි ඩි සෝර්සි අද දිනයේදී ලකුනු 35 ක් ලබා ගත්තේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවයද ලකුණු 56 ක් දක්වා ඉදිරියට රගෙන යමිනි. එහෙත් පසුඳි සූරියබණ්ඩාරගේ සුපිරි පන්දු රැකීම සහ කඩුල්ලටම පන්දුව යොමු කිරීම නිසා දකුණු අප්‍රිකාන් ‘ඒ’ නායකයා දුවද්දී දැවී යෑමකට හසුව පිටියෙන් ඉවත්ව ගියේය. අනෙක් පිතිකරු වූ මැතිව් බ්‍රිට්ස්කි ලකුණු 38 ක් ලබා ගත්තේය.

දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලේ දැවී ගිය කඩුලු 4 න් ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 43 කට කඩුලු 2 ක්ද රමේෂ් මෙන්ඩිස් ලකුණු 21/1 ක්ද දවාගැනීමට සමත්වූහ.

අද උදෑසන කාල සීමාවේදී සිදුවූ සුවිශේෂීතම සිදුවීම වූයේ පෙර දිනයේ අර්ධ ශතක ලබා සිටි මිනෝද් භානුක සහ පසිදු සූරියබණ්ඩාර දෙදෙනාම ශතක වාර්තා කිරීමට සමත්වීමයි. මේ අතරින් පෙරමුණ ගත් මිනෝද් භානුක මුහුණ දුන් 154 පන්දුවේදී ශතකය සම්පූර්ණ කරගනිද්දී ඊට පන්දු 43 කට පසු පසිඳු ශතකය වාර්තා කර ගත්තේය.

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන්ට පමණක් නොව ඔවුන් සතු ප්‍රධානම දඟ පන්දු යවන්නා වුණු සෙනුරන් මුතුසාමිගේ දඟ පන්දුව හමුවේ ක්‍රීඩාංගණයේ සෑම අන්තයකටම පන්දුව යවමින් ලකුණු රැස් කළ දකුණත් පිතිකරුවා පසිඳු, මුහුණ දුන් 129 වැනි පන්දුවේදී ශතකය වාර්තා කර ගත්තේය.

මිනෝද් භානුකගේ දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම හමාර කරන විට ලකුණු පුවරුව කඩුලු 3 කට ලකුණු 327 ක් ලෙසින් සටහන් විය. තම පළමු ‘ඒ’ තරගයට ක්‍රීඩා කරමින් සිටින පසිඳු ලකුණු 113 කින් සමන්විත වටිනා ශතකය සදහා පන්දු 147 කට මුහුණ දී සිටියේය. ඉන් දෙවතාවක් හතරේ සීමාවට ඉහළින් පන්දුව යැවූ දකුණත් පිතිකරුවා අවස්තා 12 කදී පන්දුව හතරේ සීමාව ඉක්මවා ලීමට සමත්වූවේය. ඔහු පළමු ඉනිමේදීද ලකුණු 41 ක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.

පසිඳු පන්දුවට පහර දෙන තෙක්ම අනෙක් අන්තයෙන් රැදී සිටි මිනෝද් භානුකගේ ඉනිම ලිසාඩ් විලියම්ස් විසින් ලකුණු 130 දී නිමාවට පත් කළේය. පන්දු 207 කින් සමන්විත වුණු භානුක තම ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 10 කින් වර්ණවත් කර ගත්තේය.

ශ්‍රී ලංකා ‘ඒ’ පිලට එරෙහිව ක්‍රීඩා කළ පළමු ඉනිම 3 දී කඩුලු 18 ක් දවා ගැනීමට සමත් වුණු ඔවුන් සතු ප්‍රධානම දඟ පන්දු යවන්නා වන සෙනුරාන් මුතුසාමිට එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් අවස්ථාව ලබා නොදීම කැපී පෙනෙයි. ඔහු ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 30 න් ලකුණු 121 ක් ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ උදුරා ගනු ලැබුවේ පන්දුවාරයකට ලකුණු 4.03 ක වේගයක්ද රදවා ගනිමිනි.

තරගාවසායේ පැවැති ත්‍යග ප්‍රධානෝත්සවයේදී සෙනුරන් මුතුසාමි පළමු සිව්දින තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ‌ලෙසත්, දෙවැනි සිව්දින තරගයේදී පසිඳු සූරියබණ්ඩාරත් නම් කෙරිණ.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම පන්දුවාර 75.1 කදී සියලු දෙනා දැවී ලකුණු 290 යි – (පසිදු සූරියබණ්ඩාර 41, නිශාන් මදුශ්ක 33, ලසිත් කෲස්පුල්ලේ 27, මිනෝද් භානුක 32, කමිඳු මෙන්ඩිස් 1, ළහිරු උදාර 33. රමේෂ් මෙන්ඩිස් 62, ලක්ෂිත මනසිංහ 13, මිලාන් රත්නායක 35, ප්‍රවීන් ජයවික්‍රම 0, විශ්ව ප්‍රනාන්දු 0*, සෙනුරන් මුතුසාමී 101/6, ලුතෝ සිපම්ලා 36/2, ලිසාඩ් විලියම්ස් 26/1, බෙයර්ස් ස්වෙන්පියෝල් 67/1)

දකුණු අප්‍රිකානු ‘එ’ පිල පන්දුවාර 84.3 කදී සියලු දෙනා දැවී ලකුණු 294 යි – (ටෝනි ද සෝර්සි 0, මැතිව් බ්‍රිට්ස්කි 10, ට්‍රිස්ටන් ස්ටබ්ස් 117, කීගන් පීටර්සන් 50, සුබයර් හම්සා 46, කයිල් වෙරයියන් 38*, සෙනුරන් මුතුසාමි 10, බෙයර්ස් ස්වෙන්පෝල් 4, ලිසාඩ් විලියම්ස් 2, ලුතෝ සිපම්ලා 1, ෂෙපෝ මොරෙකි 0, විශ්ව ප්‍රනාන්දු 45/3, ලක්ෂිත මනසිංහ 48/3, ප්‍රවීන් ජයවික්‍රම 102/2)

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම පන්දුවාර 83.1 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 3270 යි – (නිශාන් මදුෂ්ක 40, ලසිත් කෲස්පුල්ලේ 30, මිනෝද් භානුක 130, පසිදු සූරියබණ්ඩාර 113*, ෂෙපෝ මොරෙකි 33/1, ට්‍රිස්ටන් ස්ටබ්ස් 68/1, ලිසාඩ් විලියම්ස් 52/1)

දකුණු අප්‍රිකානු ‘ඒ’ දෙවැනි ඉනිම පන්දුවාර 8 කදී කිසිවකු නොදැවී ලකුණු 31 යි – (ටෝනි ඩි සෝර්සි 35, මැතිව් බ්‍රීට්ස්කි 38, ට්‍රිස්ටන් ස්ටබ්ස් 12, කීගන් පීටර්සන් 2, සුබයර් හම්සා 24, කයිල් වෙරෙයියන් 8*, ප්‍රවීන් ජයවික්‍රම 42/2, රමේෂ් මෙන්ඩිස් 21/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee