slc
logo
Home   |    News
ජූලි 10, 2023
අභිනව ටී-10 තරගාවලිය දෙසැම්බර් මසදී

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනය විසින් පළමු වතාවට පවත්වනු ලබන ටී-10 ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 12 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. මූලික සැලසුම අනුව මෙම තරගාවලිය මෙම වසරේ ජුනි මසදී පැවැත්වීමට නියමිතව තිබූණද ශ්‍රී ලංකාවේ දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් දින දර්ශනවලට අනුව ටී-10 තරගාවලිය පැවැත්වීමට යෝග්‍යම කාල වකවානුව වන්නේ දෙසැම්බර් මස බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසය වී තිබේ. මෙම අභිනව ටී-10 තරගාවලිය ශ්‍රී ලංකාවේ වාර්ෂික දින දර්ශනයට එකතු වන නවතම තරගාවලිය වන්නේය.

ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ හොදම ජාත්‍යන්තර ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ටී-10 තරගාවලිය හරහාද තරුණ ක්‍රීඩකයින්ට සිය දක්ෂතා ඔප්නංවා ගැනීම සදහා මාවත විවර කර දෙනු ඇත.  එමෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීම හරහා තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව උදාවීම හැරුණු කොට ඔවුන් සමඟ කරට කර තරග වැද, එම ක්‍රීඩකයින්ගේ අත්දැකීම් බෙදා ගැනීමේ අවස්ථාවද උදා වනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා, “මෙම තරගාවලිය ඉතාමත් සාර්ථක තරගාවලියක් බවට පත්වනු ඇති බව මට විශ්වාසයි. ඒ වගේම මේ හරහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනයේ ප්‍රවණතාවක් ඇතිවෙනවා” යනුවෙනි.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි පිරිමි කන්ඩායම් 6 ක් සහ කාන්තා කණ්ඩායම් 4 ක් තරග වැදීමට නියමීතය. එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 6 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් ලෙස තෝරා ගත හැක.

මෙම තරගාවලියේ හිමිකම් සහකරු ලෙස TTen Sports Management සහ TTen Global Sports ආයතනය කටයුතු කරන අතර අයි.පී.ජී. ආයතනය තරගාවලිය තරගාවලියේ සංවිධානය කටයුතු සිදුකිරීම සදහා සහයෝගය ලබා දෙනු ඇත.

“ටී-10 ක්‍රීඩාවේ උද්‍යෝගිමත් සන්නාමය ශ්‍රී ලංකාවට රැගෙන ඒම ගැන අපි සතුටට පත් වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වයක් ඇති රටක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහයෝගය ඇතිව මෙම තරගාවලිය ඉතාමත් සාර්ථක ලෙස පැවැත්වීමට හැකියාව ලැබෙයි” යැයි ලෙස TTen Sports Management සහ TTen Global Sports ආයතනයෙවල සභාපතිවරයා ලෙස කටයුතු කරන ශාජි උල් මල්ක් මහතා සඳහන් කර සිටියි.

මෙම තරගාවලියේ සියළුම තරග ශ්‍රී ලංකාව සතු දිවා රාත්‍රී පහසුකම් සහිත ක්‍රීඩාංගණ වල විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee