ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (02 දා) කෝල්ට්ස් පිටියේ නිමාවට පත්වූ කොල්ට්ස් – බීආර්සී අතර තරගයෙන් කෝල්ට්ස් පිල ඉනිමක හා ලකුණු 46ක ජයක් ලබාගත් අතර, මුවර්ස් පිල ගුවන් හමුදාව පරදා ඉනිමක හා ලකුණු 48ක ජයක් වාර්තා කළේය. එමෙන්ම එස්එස්සී පිල මීගමුව ක්‍රිකට් සමාජය ඉනිමකින් හා ලකුණු 13කින් පරාජය කිරීමට සමත් විය.
කෝල්ට්ස් පිල මෙම තරගාවලියේ පිට පිට දෙවැනි සම්පූර්ණ ජයග්‍රහණය සටහන් කිරීම විශේෂත්වයකි. කෝල්ට්ස් පිල පසුගිය සතියේදී කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල ලකුණු 222කින් පරාජයට පත් කළේය. අකිල ධනංජය මෙම තරගයේදී කඩුලු 9ක් බිද හෙලීමට සමත් වූ අතර, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 172ක් වාර්තා කළේය.
බීආර්සී පළමු ඉනිම ලකුණු 144 (ඕවර් 47.2 )
භාග්‍ය දිසානායක 21, ලියෝ ප්‍රනාන්දු 21, දිල්රුවන් පෙරේරා 56 ( අකිල ධනංජය 59/3, ධනංජය ලක්ෂාන් 29/2, මල්ක මධුසංඛ 0/2)
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ලකුණු 387 ( ඕවර් 102 )
යශෝද ලංකා 18, සංගීත් කුරේ 92, ධනංජය ලක්ෂාන් 35, ඇන්ජලෝ මැතිව්ස් 172, කවිෂ්ක අංජුල 28 (මොහොමඩ් සිරාෂ් 96/4, සශික දිල්ෂාන් 103/2, දිල්රුවන් පෙරේරා 86/3)
බීආර්සී දෙවැනි ඉනිම ලකුණු 197 (ඕවර් 54)
භාග්‍ය දිසානායක 17, ලියෝ ප්‍රනාන්දු 72, නයන ප්‍රනාන්දු 16, දිල්රුවන් පෙරේරා නොදැවී 46 ( අකිල ධනංජය 87/6 )
ගුවන් හමුදාව – මුවර්ස් අතර තරගය කටුනායක ගුවන් හමුදා පිටියේදී
මුවර්ස් පිල මෙම තරගයේදී ඉනිමක හා ලකුණු 48ක ජයක් වාර්තා කළේය. පළමු ඉනිමේදී මුවර්ස් පිල කඩුලු 8ක් දැවී ලකුණු 463ක් ලබා ඉනිම අත්හිටවූ අතර, ගුවන් හමුදා පිල පළමු ඉනිමේ ලකුණු 200ක් හා දෙවැනි ඉනිමේ ලකුණු 215කට සීමා විය.
මුවර්ස් පළමු ඉනිම ඉනිම අත්හිටෙව්වා කඩුලු 8කට ලකුණු 463 (ඕවර් 111.2)
ෂොහාන් ඩී ලිවේරා 130, පසිඳු සූරියබණ්ඩාර 15, ජනිෂ්ක පෙරේරා 124, රමේෂ් මෙන්ඩිස් නොදැවී 60, මොහොමඩ් සමාෂ් නොදැවී 26 ( ලසඳ රුක්මාල් 53/1, මොවින් සුබසිංහ 103/1, නිපුන් කාරියවසම් 53/1, චතුර රන්දුනු 119/1, සෙනෂ් ප්‍රනාන්දු 76/2)
ගුවන් හමුදාව පළමු ඉනිම ලකුණු 200 (ඕවර් 64)
සහීල් ඩයස් 30, සන්ජීට් දේශායි 15, කෙමිර විජේනායක 18, මොවින් සුබසිංහ 19, සෙනෂ් ප්‍රනාන්දු 26, ප්‍රවීන් ද සිල්වා 59 (තේෂාන් විදුෂාන් 41/5, ප්‍රවීන් ජයවික්‍රම 54/2)
ගුවන් හමුදාව දෙවැනි ඉනිම ලකුණු 215 (ඕවර් 61.5)
අභිමානී චෞහාන් 43, පැතුම් මධුසංඛ 16, මොවින් සුබසිංහ59, චතුර රන්දුනු 24, ලසඳ රුක්මාල් 25 (තේෂාන් විදුෂාන් 48/3, ළහිරු සමරකෝන් 31/2 ප්‍රවීන් ජයවික්‍රම 68/4)
එස්එස්සී – මීගමුව අතර තරගය එස්එස්සී පිටියේදී
මෙම තරගයේදී එස්එස්සී පිලට ඉනිමක හා ලකුණු 13ක ජයක් අත්විය. එස්එස්සී පිලේ ෂෙවෝන් ඩැනියෙල් දිවිත්ව ශතකයක් එක් කළේය. මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිමට ලකුණු 252ක් හා දෙවැනි ඉනිමට ලකුණු 177ක් ලබා ගත්තේය.
එස්එස්සී පළමු ඉනිම කඩුලු 9කට ලකුණු 442 (ඕවර් 89.4)
අවිශ්ක ප්‍රනාන්දු 76, ක්‍රිෂාන් සංජුල 26, ෂෙවෝන් ඩැනියෙල් 209, නිසල තාරක 28, දිනුර කලුපහන නොදැවී 57 (ධනුෂ්ක සඳරුවන් 82/3, සචිඳු කොළඹගේ 78/2, ජාටින් සක්සේනා 56/2)
මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම ලකුණු 252 (ඕවර් 84.2)
දිමුත් සඳරුවන් 24, ජාටින් සක්සේනා 27, හිමාෂ ලියනගේ 58, ෂෙෂාන් ප්‍රනාන්දු 97 (නිසල තාරක 34/4, කළන පෙරේරා 36/2, ප්‍රභාත් ජයසූරිය 34/2, ලක්ෂිත මානසිංහ 71/2)
මීගමුව ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම ලකුණු 177 (ඕවර් 78.5)
ජොහාන් ද සිල්වා 49, ජාටින් සක්සේනා 51, සචිඳු කොළඹගේ 18, නිශාන් පීරිස් නොදැවී 21 (ලක්ෂිත මානසිංහ 61/6, ප්‍රභාත් ජයසූරිය 16/2)
සීසීසී – නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජය අතර තරගය සීසීසී පිටියේදී
සීසීසී – නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජය අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුවද, සීසීසී පිලට පළමු ඉනිමේ ජයග්‍රහණය අනුව ලකුණු ප්රදානය කෙරුණි.
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජය පළමු ඉනිම ලකුණු 168 (ඕවර් 56.1)
ජේසන් පෙරේරා 72, පැතුම් දිල්ෂාන් 23, රනිත ලියනාරච්චි 29 ( අශාන් ප්‍රියංජන 32/2, චතුරංග ද සිල්වා 38/2, සොනාල් දිනූෂ 14/3)
සීසීසී පළමු ඉනිම ලකුණු 250 (ඕවර් 67)
මිනෝද් භානුක 24, පවන් රත්නායක 103, අශාන් ප්‍රියංජන 56, ලක්ෂාන් සඳකැන් නොදැවී 18 (දිල්ෂාන් අබේසිංහ 32/2, චලන ද සිල්වා 57/4, ටී. එම් . සම්පත් 48/4)
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජය දෙවැනි ඉනිම ලකුණු 257 (ඕවර් 63)
පැතුම් දිල්ෂාන් 42, ෂබීර් තෘන්ක්වල 114, දුලීක තිස්සකුට්ටි 20, තරිඳු කෞෂාල් 28, චලන ද සිල්වා 17( විශ්ව ප්‍රනාන්දු 32/2, සොනාල් දිනූෂ 97/3, ලක්ෂාන් සඳකැන් 41/4)
සීසීසී දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 75 (ඕවර් 28.3)
පසිත් කෘෘස්පුල්ලේ 24, මිනෝද් භානුක 15 (චලන ද සිල්වා 26/3, ටී. එම් . සම්පත් 31/5)
රාගම – පානදුර අතර තරගය තර්ස්ටන් පිටියේදී
පානදුර පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 396ට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ රාගම පිල කඩුලු 7කට ලකුණු 426ක් ලබා ගැනීම හේතුවෙන් තරගය ජය පරාජයෙන් තොරව නිමාවී රාගම පිලට පළමු ඉනිමේ ජයග්‍රහණය අනුව ලකුණු ප්රදානය කෙරුණි.
පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම ලකුණු 396 (ඕවර් 111)
සිනෙත් ජයවර්ධන 15, පවන් සංදේශ් 52, රොෂාන් විජේනායක 71, සමාත් සේත් 101, කොෂාන් ධනුෂ්ක 31, නිමේෂ් විමුක්ති 59, රජීව විජේසිංහ 25 (සන්තුෂ් ගුණතිලක 35/2, ශෂීක දුල්ෂාන් 86/5, කල්හාර සේනාරත්න 95/2)
රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු7කට ලකුණු426 (ඕවර්101.3)
නිශාන් මධූෂ්ක 69, ළහිරු තිරිමාන්න 84, සමින්ද ප්‍රනාන්දු 43, ජනිත් ලියනගේ 77, සංජය චතුරංගනොදැවී 103, සන්තුෂ් ගුණතිලක 19 ( නිමේෂ් විමුක්ති 139/2, කොෂාන් ධනුෂ්ක 73/3)
කුරුණෑගල තරුණ – ටැමිල් යූනියන් අතර තරගය වෙලගෙදර පිටියේදී
ටැමිල් යූනියන් පිල පළමු ඉනිමේ ලබාගත් ලකුණු 360ට පිළිතුරු ලෙස කුරුණෑගල තරුණ පිල පළමු ඉනිමේ ලකුණු 262ක් ලබා ගත්තේය. ටැමිල් යූනියන් පිල දෙවැනි ඉනිමේ කිසිවෙකු නොදැවී ලකුණු 22ක් ලබා සිටි අතර, තරගය ජය පරාජයෙන් තොරව නිමාවී ටැමිල් යූනියන් පිලට පළමු ඉනිමේ ජය අනුව ලකුණු ප්රදානය කෙරුණි.
ටැමිල් යූනියන් පළමු ඉනිම ලකුණු 360 (ඕවර් 96.3)
නවෝද් පරණවිතාන 32, ලසිත් අබේරත්න 99, රවිඳු ප්‍රනාන්දු 107, දිලුම් සුධීර 26, ප්‍රමොද් මධුෂාන් 44 ( චමින්ද බණ්ඩාර 101/3, සනෝජ් දර්ශික 54/3)
කුරුණෑගල තරුණ පිල පළමු ඉනිම ලකුණු 262 (ඕවර් 110.5)
දිලාන් ජයලත් 17, සමිට් ගෝහෙල් 42, දිල්හාර පොල්ගම්පොල 55, සනෝජ් දර්ශික 49, තරින්ද විජේසිංහ 29, අරවින්ද ප්‍රේමනාත් 22, චමින්ද බණ්ඩාර නොදැවී 21 ( ශිරාන් ප්‍රනාන්දු 45/3, සචිත් පතිරණ 90/3, රවිඳු ප්‍රනාන්දු 52/3)
ටැමිල් යූනියන් දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 22 (ඕවර් 7)
නවෝද් පරණවිතාන නොදැවී 15, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 7
බදුරලිය – ඒස් කැපිටල් අතර තරගය මග්ගොන සරේ පිටියේදී
බදුරලිය – ඒස් කැපිටල් අතර තරගය තරගය ජය පරාජයෙන් තොරව නිමාවී ඒස් කැපිටල් පිලට පළමු ඉනිමේ ජය අනුව ලකුණු ප්රදානය කෙරුණි. බදුරලිය ක්‍රීඩා සමාජයේ රනේෂ් සිල්වා දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 100ක් වාර්තා කිරීමට සමත් වූවේය.
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ලකුණු 239 (ඕවර් 82.3)
සිතාර ගිම්හාන 126, හර්ෂ කුරේ 29, වනුජ සහන් 32 (පර්වස් රසූල් 95/3, අලංකාර අසංක සිල්වා 67/4, චානක කොමසෝරු 59/3 )
බදුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම ලකුණු 141 (ඕවර් 43.1)
අදීල් රෙෂී 26, ගිහාන් කෝරළගේ 36, රනේෂ් සිල්වා 24 (වනුජ සහන් 63/5, රොෂාන් ජයතිස්ස 63/4)
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම (අත්හිටෙව්වා) කඩුලු 6කට ලකුණු 165 (ඕවර් 43)
පවන්ත වීරසිංහ 16, කවිඳු අමන්ත 54, සිතාර ගිම්හාන 60, සකුන ලියනගේ නොදැවී 29 (පර්වස් රසූල් 70/3, චානක කොමසෝරු 71/2 )
බදුරලිය ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම කඩුලු 7කට ලකුණු 157 (ඕවර් 44)
රනේෂ් සිල්වා නොදැවී 100, (වනුජ සහන් 68/4, රොෂාන් ජයතිස්ස 67/3)
කැන්ඩි කස්ටම් – යුද හමුදාව අතර තරගය පනාගොඩ ක්‍රීඩාංගණයේදී
වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණය තෙත බරිතවී තරගය අද තෙවැනි දිනයේ තරගය නිසි ලෙස ඉදිරියට ගෙන යෑමට නොහැකි බව තීරණය කළ විනිසුරුවෝ තරගය ජය පරාජයෙන් තොර බවට ප්‍රකාශ කළේය.
කැන්ඩි කස්ටම් පළමු ඉනිම ලකුණු 189 ( ඕවර් 67.4)
තෙවිදු දික්වැල්ල 20, අභිෂේක් ගුප්තා 38, මිතුන් ජයවික්‍රම 56, අනුරීට් සිං 31 ( කෞමාල් නානායක්කාර 84/5, ෂෙහාඩා සොයිසා 61/4)
යුද හමුදාව පළමු ඉනිම කඩුලු 1කට ලකුණු 8 (ඕවර් 6)
(මිතුන් ජයවික්‍රම 0/1)